පිපිඤ්ඤා වතුර දිනපතාම පානය කළොත් , ඔබටත් සිදුවෙන දේ බලන්නකෝ..
Friday, 10 January 2025 - 13:23 | Views - 682
ඔබේ ශරීරයේ ඇති මේ ගිනියම බලපාන්නේ ඔබේ ඇස්වලටත් සමටත් පමණක් නොවෙයි. ඔබ නොසිතන තරම් බලපෑමක් කරන්නේ ඔබේ ශරීරයේ ඇතුලත අවයව වලටයි. විශේෂයෙන් අක්මාවට, හෘදයට, මොලයට හා වකුගඩුවලට මේ බලපෑම එල්ල කරනවා...

මේ නිසා අධික ලෙස වියලීයාම නොවේ නම් ඩීහයිඩ්ට්‍රේඩ් වීම ඉතාමත් අනතුරැදායක දෙයක්... මෙය ඔබ නිසිලෙස පාලනය නොකළොත් ඉතාමත් අහිතකර සෞඛ්‍ය ගැටලු ඔබට ඇතිවිය හැකියි..

අතිතයේ සිට ආයුර්වේද වෛද්‍යවරැන් විසින් සිසිලන වත්කම් ඇති හොඳම එළවළුව ලෙස හැඳින්වූයේ පිපිඤ්ඤායි... හීලින් ප්‍රොපටීස් නොවේනම් කූලින් ප්‍රොපටීස් ඇති විශ්මිත එළළුවක් ලෙස හැඳින්වූ මේ පිපිඤ්ඤා සතුව අපේ ශරීරය අසාමාන්‍ය ලෙස සිසිල්කරන හාස්කම් වත්කම් තියෙනවා..

ඉතාමත් අධික ලෙස පාරිසරික වියලීම් ඇති පුදේශවල ස්වභාව ධර්මය විසින්ම පිපිඤ්ඤා අස්වැන්න වැඩි කරන්නේ මේ නිසයි.. අද රජරට ගොවියන්ගේ ඇති වී ඇති වකුගඩු ප්‍රශ්න සේ තරම් දරැණු වී ඇත්තේ ඔවුන් විසින් වගාකරන පිපිඤ්ඤා ගෙඩියක්වත් ඔවුන් හේනට වී නොකන නිසයි..

කීරා පානි ලෙස ඉන්දියාවේ හඳුන්වන පිපිඤ්ඤා වතුර පානය කිරීම අතිතයේ සිටම ඔවුන් කරගෙන ආ දෙයක්.. මේ හේතුව නිසා අපටත් වඩා වියලි කාළගුණයක් ඇතැම් කාලවල ඇති ඉන්දියාවේ අය අධික ලෙස වියලීමෙන් මිදී ජීවත් වෙනවා.. මේ කීරා පානි වල සම පැහැපත් කරන සම දිදුලවන රහස් සංඝටකයන් ඇතුලත් වෙනවා..

ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟය අතරවාරයේ පවා පිපිඤ්ඤා වතුර බොන බව ඉන්දියාවේ අයට රහසක් නොවෙයි.. ක්‍රිකට් පිටියකදී ඔවුන්ට ඇතිවෙන අධික පිපාසය මෙන්ම බඩගින්නද මේ මගින් නැතිවෙනවා..

මේ පිපිඤ්ඤා වතුර ශරීරයට තෙතමනය දෙනවා පමණක් නොවෙයි, එය අධික රැඡිර පීඩනය අවම කරනවා.. ශරීරයේ කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හාස්කම් බලයක් එහි ඇතුලත්.. එසේම දිනපතා මේ පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම සැලකියයුතු මට්ටමකින් අඩුවෙන බව දැන් සොයාගෙන තිබෙනවා..

බටහිර රටවල්වල මේ දිනවල රැල්ලක් සේ පැතිරීගෙන යන ඩෙටොක්ස් පානයටද මේ පිපිඤ්ඤා දමනවා.. මේ තරම් ලාබයට පිපිඤ්ඤා ඇති අපි පිපිඤ්ඤා වතුර නොබී අධික ලෙස වියලීගිය ශරීරවලින් ලෙඩදුක් හදාගන්නවා... වරද ඇත්තේ අප තුලම නොවෙයිද...

පිපිඤ්ඤා වතුර සාදාගැනීම සඳහා අවශ්‍ය දේ..

- වතුර වීදුරු 6-7ක් දැමිය හැකි වතුර ඩිගැන්ටරයක් හෝ එවැනි වීදුරැ ජග් එකක්.
- සිහින්ව කපාගක් කොළ පිපිඤ්ඤා (ගර්කින්) ගෙඩියක් හෝ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩියක් (මදයත් සහිතවම කපන්න)
- දැන් වතුර එකට පිපිඤ්ඤා පෙති දමන්න. ඔබට ගෑස්ට්‍රයිටිස් අමාරුව නැතිනම් මෙයට දෙහි පෙති කිඑිපයක් ද දැමිය හැකියි. නමුත් ගෑස්ට්‍රයිට්ස් තියෙනවනම් එය දමන්න එපා.
- දැන් දව ස පුරාම මේ පිපිඤ්ඤා වතුර පානය කරන්න. හවසට අලුත් පිපිඤ්ඤා වතුර එකක් හදාගන්න.

මෙය දවස් දෙක තුනක් කිරීමෙන් හොඳින් මුත්‍රා පිටවෙනවා.
හොඳින් මළ පිටවෙනවා.
ඔරීරයට සැහැල්ලුවක් දැනෙනවා.
සම පැහැපත් වෙනවා. ඇස් දීප්තිමත් වෙනවා.
අධික රැධිර පීඩනය තිබුණානම් එය අඩුවෙනවා.
මේ සියල්ල වීමට දවසක් දෙකක් බී ප්‍රමාණවත් නෑ. එය දෛනික පුරැද්දක් කරගත යුතුයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top