මේ ලක්ෂණ තියෙනවා නම්, ඔයාට දැනටමත් කොලෙස්ටරෝල්..
Sunday, 29 December 2024 - 11:28 | Views - 442
කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා.

ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක නම් ඔයා හොඳටම දන්නවා.

මේදය කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක්. හැම සෛලයකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න මේදය අවශ්‍ය වෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මේදය ගන්නේ ශරිරටට අවශ්‍ය ප්‍රමාණයටද කියන එක. කොහෙත්ම නැහැ.

දිනකට සිරුරට අවශ්‍ය කරන මේද ප්‍රමාණයන්ට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මේදය අපේ සිරුරට එකතු වෙනවා.

ඒ අපේ වැරදි ආහාර රටාව නිසා. දෛනිකව අවශ්‍ය කරන මේදය ප්‍රමාණයන්ට වඩා හතර පස් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අතිරික්ත මේදය විදියට දිනකට අපේ ශරීරගත වෙනවා.

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් රුධිරයට එකතු වෙනවා. රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නැති නිසා ඒවා රුධිර නාල වල තැන්පත් වෙනවා.

එහෙම තැම්පත් වන සංතෘප්ත මේදය ශරීරයට ඉතා හානිකරයි.

මේ අහිතකර මේද කොටස් වැඩිපුර රුධිර නාල වල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වෙනවා.

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය හඳුනා ගන්නේ නැහැ.

මේ නිසා නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබී යාම අවදානම වැඩි වෙන්න හේතුවක් වෙනවා.

ඔයා තුළත් මේ මේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තොත් සහ දැනටමත් මේ දේවල් පෙන්නුම් කරනවා නම් කිසි විටක එය නොසලකා හරින්න එපා.

පපුවේ ඇති වන වේදනාව
පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව
හුස්ම ගැනීමේ අපහසුතා
අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම්
අත්, පා ආදියේ ඇතිවෙන හිරිවැටීම්
සිරුරේ ඇති වන මේද ගැටිති
සිරුරට දැනෙන වෙහෙසකර බව

වගේ ලක්ෂණ ඔයා තුළත් පෙන්නුම් කරනවා නම් රුධිර පරීක්ෂණයක් මඟින් ඒ බව නිවැරදිව තහවුරු කර ගන්නත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ප්‍රමාද වෙන්න එපා.

උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top