දියවැඩියාව තියෙනවා නම්, මේ ඖෂධ දිව්‍ය බොජුන් වගේ ?
Friday, 20 December 2024 - 9:37 | Views - 302
අපේ ජීවන පුරුදු හා ආහාර ගැනීමේ රටාවන් නිසා තමයි දියවැඩියාව කියන රෝගය අපට වැළඳෙන්නෙ.

ඉතින් අප ගන්නා සමහර ආහාරයන් මේ දියවැඩියාව ඇතිවන්නට හේතු වෙනවා වගේම සමහර ආහාර දියවැඩියාව අඩු කරන්නට හේතු වෙනවා.

දියවැඩියාව වළක්වන ආහාර වර්ග හා ඒවා දියවැඩියාව වළක්වන ආකාරය ගැනයි මේ කියන්න හදන්නේ...

කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවළුවක්... කරවිල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. කරවිලවල අඩංගු සමහර සංයෝග මගින් රුධිරයේ පවතින වැඩි සීනි ප්‍රමාණය සෛලවලට අවශෝෂණය වීම සිදුවෙනවා...

කරවිල ව්‍යංජනය, කරවිල බැදුම, කරවිල සම්බෝලය, කරවිල පානය ලෙස කරවිල ඔබට ආහාරයට ගත හැකිය. දියවැඩියාව තියෙනවා නම් කරවිල යම් ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා...

අලිගැටපේරවල ඇති ඒක සංතෘප්ත මේදය මගින් අපේ ආහාර දිරවීමේ වේගය අඩුකරමින් ආහාරවේලකින් පසුව අපේ රුධිරයේ ඇති සීනි මට්ටම එකපාරටම වැඩිවීම පාලනය කරනවා...

අලිගැටපේර තුළ අඩංගු හිතකර මේද මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා...

අලිගැටපේර මගින් රුධිරයේ අධික සීනි ප්‍රමාණය අඩු වෙනවා...

මෙම හේතුන් නිසාවෙන් අලිගැටපේර දියවැඩියාවට ඉතා හොද ආහාරයක් ලෙස හැඳින්විය හැක.

බාර්ලි - සුදු හාල් වෙනුවට බාර්ලි ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති සීනි 70කින් අඩු කරගත හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

අනෙක් ආහාර මෙන් බාර්ලි ආහාරයට ගැනීමෙන් රුධිර සීනි මට්ටම එකපාරට ඉහළ නොනගින අතර, බාර්ලි මගින් රුධිර සීනි මට්ටම පාලනයක තබාගන්නවා.

කැඳ විදියට වුණත් බාර්ලි ආහාරයට ගන්නට ඔබට පුළුවනි.

බෝංචි - දියවැඩියා රෝගීන් සඳහා හඳුන්වාදෙන සුපිරි ආහාරයක් ලෙස බෝංචි හැඳින්විය හැකිය. දියවැඩියාව පාලනයට බෝංචිවලට ඉහළ හැකියාවක් ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා.

බෝංචි සතුව අඩු ග්ලයිසමික් අගයක් පැවතීම හා ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ හා තන්තුවලින් බහුලවීම නිසා බෝංචිවලට දියවැඩියාව අඩු කරන්නට මෙතරම් හැකියාවක් ලැබී තියෙනවා.

ගෝවා - මල්ගෝවා යනු දියවැඩියාව අඩු කරන රසවත් එළවළුවකි.

ගෝවාමල්වල ප්‍රතිඔක්සිකාරක, ප්‍රෝටීන්, විටමින් සී, පොටෑසියම් හා ෆොලේට් යන ඒවා ඉතා හොඳින් අන්තර්ගතයි. ප්‍රෝටීන් බහුල වන ගෝවාමල් දියවැඩියාවට ඉතා හොඳ ආහාරයකි.

කැරට්වල සීනි අඩංගු වන්නේ බොහොම අඩු ප්‍රමාණයකි.

කැරට්වල බහුලව ඇති බීටා කැරොටින් මගින් දියවැඩියාව පාලනය කරන අතර රැධිරයේ සීනි මට්ටම අඩු කරන්නට ද උදව් වෙනවා.

කුකුළු මස් - ඔබ බලනවා ඇති දියවැඩියාවට කුකුළු මස් හොඳ වෙන්නේ කෙසේද කියලා.

දියවැඩියාවට කාබෝහයිඩ්‍රේට් වෙනුවට ප්‍රෝටීන් ආහාරයට ගත යුතු වන අතර කුකුළු මස්වල ප්‍රෝටීන් යහමින් අඩංගු වීම නිසා දියවැඩියාවට හොඳයි.

එහෙත් කුකුළු මස් හරි හැටි අනුභව කළ යුතුයි.

කුකුළාගේ පපුව ප්‍රදේශයේ මස්වල මේදය අඩුවන අතර හමේ මේදය වැඩිය.

එම නිසා හම ඉවත් කර වැඩියෙන් පපුව ප්‍රදේශය ආහාරයට සුදුසුයි.

බිත්තර යනු අඩු ග්ලයිසමික් අගයක් ඇති ප්‍රෝටීන් බහුල ආහාරයකි.

බිත්තර ආහාරයෙන් පසුව වැඩි වේලා යනකම් බඩගිනි සෑදෙන්නේ නැහැ.

දියවැඩියා රෝගීන්ට රෝග පාලනය සඳහා හොඳම ආහාරයක් ලෙස වෛද්‍යවරුන් බිත්තර හඳුන්වනවා.

මේදමය මාළු - මෙය දියවැඩියා රෝගයට ඉතාම හොඳ ආහාරයක් ලෙස හඳුන්වනවා.

මේදමය මාළු අනුභවයෙන් හෘද රෝග 40කින් අඩුකරගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා.

සැමන්, සාඩින්, මැකරල්, හුරුල්ලො වගේ මාළු මෙම මේදමය මාළු ගණයට අයත් වෙනවා.

ඇට හා බීජ වර්ග - ආමන්ඩ්, වෝල් නට්ස්, කජු, රටකජු යන ඇට වර්ගයන්හි ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒවා දියවැඩියාවට ගුණදායක වෙනවා.
ඕට්මීල්ස් - දියවැඩියා රෝගීන්ට මෙය ගුණදායක ආහාරයකි.

ඔලිව් තෙල් - හිතකර මේදය ඇති හෙයින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින් දියවැඩියාව අඩු කරන්නට ඔලිව් තෙල් උදව් වෙනවා.

ධාන්‍යමය පාන් - සුදු පාන් මගින් අපගේ සීනි මට්ටම තරමක් වැඩි කරන අතර ධාන්‍යමය පාන් මගින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි කරමින්, රුධිර සීනි මට්ටම පාලනය කරන්නට උදව් වෙනවා.

අන්තර්ජාලයෙන්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top