මේ කැඳ බිලා තියෙනවා ද? මේක දැනගත්තොත් ඔයාත් හෙටම බොයි..
කරපිංචා කියන්නේ මොන තරම් ගුණදායක දෙයක්ද කියන එක ගැන ඔබ දන්නවනේ.
ආහාර රසගන්වා ගන්න වගේම ඇඟෙහි තිබෙන විශ නසන්නත් මේ කරපිංචා ඉතාමත් වැදගත්.
ඉතින් ඔබ සාදන ව්‍යංජනවලට එක් කරගෙන රස බලනවා වගේම ඔබට පුළුවන් කැඳක් වුනත් සාදාගෙන බොන්න.
ගොඩාක් දෙනෙක් දන්නවා කරපිංචා කැඳ හදාගන්නේ කොහොමද කියලා.
හැබැයි මේ විදිහටත් උත්සාහ කරලා බලන්න.
උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි.
ඇගේ විෂ නසන හෙළ ඔසුව , කරපිංචා කැද
කරපිංචා වල ගුණ
කොලෙස්ටරෝල් පාලනය කරයි.
හෘද රෝග පාලනය කරයි
යකඩ අඩංගුයි
ඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.
පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි .
කැඳ සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය:
කරපිංචා ග්‍රෑම් 400
කැකුළු හාල් ග්‍රෑම් 100
සුදු ළූනු බික් කිහිපයක්
ඉඟුරු පෙත්තක්
වතුර කෝප්ප 3
පොල් කිරි කෝප්ප 2
රතු ළුණු ගෙඩි හතරක්
ලුණු අවශ්‍ය පමණ
සාදන අයුරු:
හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න.
සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න.
කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න.
හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න.
හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැකියි.
රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් බොහෝ රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරවා ගන්නටත් හැකියි.