රසයට නොදෙවෙනි ගුණ දෙන , මේ පලතුර ගැන දන්නවා ද?
Wednesday, 23 October 2024 - 14:09 | Views - 489

ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරුවලට රැසකට ප්‍රසිද්ධියක් උසුලනවා... එම පලතුරු අතරින් බොහෝමයක රසයට එහා ගිය ගුණ දරනවා.
මේ අතරින් බෙලිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. වසරේ සෑම කාලයකදීම ඵල ලබා දෙන බෙලි ගස “සදාඵල” නමින් ද හඳුන්වනවා.. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් වැඩෙන බෙලි කොයිතරම් ගුණදායක ද යන්න අපේ පැරැන්නන් හොඳින් දැන සිටියා.. නිතිපතා බෙලි ආහාරයට ගැනීම හෝ පානය කිරීම ඔවුන් විසින් සිදු කළ අතර බොහෝ සෞඛ්‍යමය ගැටලු නිරාකරණය කරගැනීමට එය හේතු වුණා..
මේ කියන්න යන්නේ බෙලිවල සැගවිලා තියෙන විශ්මිත ගුණ ගැනයි.. නිතර දහඩිය දැමීම ඔයාගේ පෞරුෂයට බලපාන කරුණක්.ඔයාට දැඩි අපහසුකාරී බවක් දැනෙන මෙම තත්වය ඖෂධීය බෙලි පානයකින් පාලනය කර ගන්නට පුළුවන්.. බෙලි මල් විතරක්ම නෙවෙයි, බෙලි කටු තම්බා ගත් වතුර ද කදිම ඖෂධීය පානයක් විදියට හඳුන්වන්න පුලුවන්.. ශරීර උෂ්ණත්වය පාලනය කරන මෙම බෙලි පානය උදේ සවස පානය කිරීමට වඩාත් සුදුසුයි.. බෙලි පළතුරෙහි අඩංගු ටැනින් අතීසාරය, කොළරාව වැනි රෝග ගණනාවක් සුව කිරීමට හේතු වෙනවා..
බෙලි වළ මදය වියළා කුඩු සකස් කර ගැනීමෙන් අතීසාරයට ප්‍රතිකාර කර තිබෙනවා.. මීට අමතරව නොඉදුණු බෙලිවල සාරය සුදු කබර රෝගය හා ගුද මාර්ගයේ තුවාල සුව කිරීම සඳහාත් භාවිතා කෙරෙනවා.. මීට අමතරව බෙලි නීරක්තිය, කන් හා අක්ෂි සම්බන්ධ ගැටළු වලට ප්‍රතිකාර වශයෙනුත් යොදාගන්නවා.. මේ සඳහා යොදා ගැනෙන්නේ බෙලි ශාකයේ පත්‍ර යි..
බෙලි පත්‍ර වල යුෂ පානය කිරීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වන බව සොයාගෙන ඇති අතර රුධිරගත සීනි මට්ටම ද හරි අඩකින් පමණ අඩු වන බව සොයාගෙන තිබෙනවා..
මීට අමතරව බෙලි පත්‍ර පොඟවන ලද ජලය හිස් බඩ බීමෙන් ආමාශගත තුවාල ද සුව වෙනවා..බෙලි ආහාරයට ගැනීමෙන් විශේෂයෙන්ම පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙනවා.. මේවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක සංඝටක පිළිකා සෛල ඇති වීමට තියෙන ඉඩ සම්පුර්ණයෙන්ම අවහිර කිරීම සිදු කරනවා.. මීට අමතරව බෙලි ශරීරයෙහි ප්‍රතිශක්තියත් සමස්ථයක් ලෙස වැඩි කරනවා.. ඒ විතරක් නෙවෙයි,
සමේ රෝගවලට ඉතා ගුණ දායකයි.
මළබද්දය දුරු කරයි
ලප කැළැල් මැකී ලස්සන රුවක් ඇති කරයි. එහි ඇති ශීත ගුණය නිසා සිරුර ලස්සන කරයි. සම පැහැපත් කරයි.
කුඩා දරුවන්ට බෙලි යුෂ ටිකක් දීමෙන් දරුවා රුවැති දරුවෙක් කරයි.
අධික පිපාසය ඇති අයට පිපාසය දුරු කරයි
ශීත ගුණයෙන් යුක්ත නිසා බොහෝ විට බඩ දැවිල්ල (දාහය) දුරු කරයි.
අත්පාවල ඇති දැවිල්ල දුරු කරයි.
තුනටියේ හා අත් පාවල ඇති වේදනා නැති කරයි
හිස කෙස්වල ඇස්වල දීප්තිය වැඩි කරන අතර හිසේ බර ගතිය නැති කරයි.
කාන්තාවන්ගේ මාසික ඔසප්වීම ක්‍රමවත් කරයි
බඩේ කැක්කුම, අජීර්ණ රෝග, නසන අතර කෑම අරුචිය දුරු කරයි.
මුඛ රෝග නැති කරයි. මුඛය වනවීම්, තොල් පැලීම්, ලේ ගැලීම් දත් මුල් දියවීම් ආදියට ඉතාම සුදුසුයි.
Share This Article