ඔයාටත් මේ ප්‍රශ්නය තියෙනවා නම්, මෙන්න බොන්න ඕනේ පානය..
Friday, 19 July 2024 - 9:07 | Views - 750

ඔබත් නිතර දෙවේලේ දහඩිය දමන කෙනෙක්ද..? එහෙනම් ඉතින් ඔබ ඒ නිසා ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙනවා ඇති... ඒත් ඔබ දැනගෙන හිටියාද මෙන්න මේ පානය නිසා ඒ තත්ත්වය ඔබට මගහැර ගන්න පුළුවන් කියලා...


ඉතාමත් ගුණදායී ඖෂධීය පානයක් වන බෙලිමල්වලින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්.. ඒ ගැන කතාවක් තමයි මේ කියන්න යන්නේ.. දෙවියන් උදෙසා පිදෙන ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා පලතුර Golden Apple යනුවෙන් හඳුන්වනවා..

ආමාශ ගත රෝගවලට දිව ඔසුවක් වෙන බෙලි වැවෙන රටවල් ලෙස ලංකාව, බුරුමය, ඉන්දියාව හැඳින්විය හැකියි.. මෙම ගස ගෙවතුවල මෙන්ම වනගතව සරු ලෙස වැවෙන ඖෂධයක්..

බෙලි ගෙඩිය පමණක්‌ නොව ගසෙහි සෑම කොටසක්‌ම ඖෂධීය වශයෙන් පැරැන්නෝ භාවිතයට ගත්හ. මුල්, පොතු, කොළ, මල්, ගැට, ගෙඩි, මදය හා කටුවද ඉතා ගුණ දායක ඖෂධයකි.. විටමින් ඩී පදාර්ථයෙන් යුක්‌ත අතර වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි. එසේම බෙලි මල් යනු ඖෂධීය ගුණ ඇති පානයකි.. බෙලිමල් පානයෙන් බඩ බුරුල්වී යාම හා වමනය වළකී.. බිමට ගිලිහී වැටෙන බෙලි මල් තැම්බූ වතුර පිපාසය හා දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි...

ඉමිහිරි සුවඳැති බෙලි මල්, වේලාතම්බා පානය කිරීමට අමතරව තැවීමටද ගතහැක.. බෙලි මල් තැම්බූ වතුර කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කිරීමට හැකිය.රුව වඩවන බෙලි මල් බොහෝ අයගේ ප්‍රියතම පානයකි.. බෙලි කටු වේලා මල් නැති සමයේ තම්බා බෙලි මල් වෙනුවට අපේ පැරැණ්නෝ පානය කළ බැව සඳහන්වෙනවා.. වර්තමානයේ බෙලිකටු වියළා තම්බා ජලය පානය කරයි..

ශරීරය සිසිල් කරන පානයක් හෙයින් නිතරම බෙලිමල් පානය කිරීමෙන් ශරීර සුවය මෙන්ම අලංකාර රුවක් ද උරුමකර දෙනවා..








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top