ජීවන රටාවේ ඇති විවිධ නරක පුරුදු නිසා , උත්සන්න වූ රෝගයෙන් මිදෙන්නේ මෙහෙමයි..
Thursday, 13 June 2024 - 9:39 | Views - 403
වර්තමානයේ බොහෝ දෙනෙක්ට පීඩා ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස මලබද්ධය හැඳින්විය හැකියි. කෙනෙකුගේ ජීවන රටාවේ ඇති වන විවිධ නරක පුරුදු නිසා මලබද්ධය හට ගන්නා බව දන්නා කරුණක්.

මේ අතර , නිසි වේලාවට ආහාර නොගැනීම, දියර හා ජලය පානය අඩු කම, පෙර සැකසූ ක්ෂණික ආහාරවලට හුරු වීම, අවිවේකය, කාර්යබහුල බව, එදිනෙදා ආහාර වේලට පළතුරු - කොල එළවළු - පලා වර්ග අඩුවෙන් එක් කර ගැනීම, මානසික ආතතිය වැනි හේතු මෙම රෝගී තත්ත්වයට බලපානු ඇති.

එසේම, මලබද්ධය වැළඳී මුල් අවස්ථාවලදී එයට නිසි අවධානයක් නොදී සිටීම නිසා එම රෝගී තත්ත්වය ක්‍රමයෙන් වැඩි වී පසුකාලීනව දැඩි අපහසුතාවන්ට ලක්වීමට ඔබට සිදුවනවා. එබැවින් මලබද්ධය ඇති ඔබ, එම තත්ත්වය ඉක්මනින් දුරු කර ගත යුතු බව සඳහන් කළ යුතුයි.

මලබද්ධය වයස් භේදයකින් තොරව ඇති වන රෝගී තත්ත්වයක්. කුඩා දරුවන්ටත්, යෞවනයන්ටත්, වැඩිහිටියන්ටත් එක ලෙස බාධා පමුණුවන මෙම රෝගී තත්ත්වයට විවිධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. විශේෂයෙන් මලබද්ධය වැළඳී ඇති කුඩා දරුවන්ගේ මව්වරුන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්.

එසේම, දරුවා කලින් මලපහ කළ ආකාරය සමඟ සංසන්දනය කිරීමෙන් දරුවන්ගේ එම රෝගී තත්ත්වය පිළිබඳව හරි අවබෝධයක් ලබාගත යුතුයි. තවද, දරුවන්ට බලෙන් මලපහ කරවීමට උත්සාහ නොදැරිය යුතුයි. ඉක්මණින් ප්‍රතිකාර ගත යුතු මෙම රෝගී තත්ත්වය සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පවතින අතර, ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්ම තිබෙනවා. උදරයේ එක්ස් කිරණ පරීක්ෂණ, පාරධ්වනි පරීක්ෂණ, තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන පරීක්ෂණ ඉන් ප්‍රධාන පරීක්ෂණ වනවා.

කෙසේ වෙතත්, ගුද මාර්ගයේ ඇති විය හැකි අවහිරතාවන්, ගුද විවරය නියමිත ස්ථානයේ ස්ථානගත නොවීම, සුෂුම්නාවේ ආබාධ, අන්ත්‍රවල ක්‍රමාකුංචනය නිසි පරිදි සිදුනොවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන හෝමෝන අසමතුලිතතාවන් නිසා මලබද්ධය ඇතිවිය හැකියි. එමෙන්ම, අවශ්‍ය වේලාවේ මල පිට නොකර අනවශ්‍ය ලෙස රඳවාගෙන සිටීම, ගුද මාර්ගය අවට තුවාලයක් හෝ පැලුමක් සිදුවීම නිසා අවශ්‍ය වේලාවේදී මල පහ නොකිරීමට පුරුදු වීම ද මලබද්ධයට මුල පුරයි.

මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී,

01 තන්තුමය හා දියරමය ආහාරපාන වැඩිපුර ලබාගැනීම

02 ව්‍යාංජන සඳහා මිරිස් හා තුනපහ භාවිතය හැකිතාක් දුරට අඩු කිරීම

03 දිනපතා ආහාර වේලට බත් අඩුවෙනුත්, එලවළු, මැල්ලුම්, සලාද ආදිය වැඩිපුරත් ආහාරයට ගැනීම

04 පිපාසය ඇතිවීමට පෙර පැය භාගයෙන් භාගයට ජලය හොඳින් පානය කිරීම

05 ආහාර ගත් විගස ජලය පානය නොකර මද වේලාවකට පසු ජලය පානය කිරීම

06 මලපහ කිරීමට වැසිකිලිය තුළ රැඳෙන කාලය උපරිම ලෙස අඩු කිරීම

07 වැසිකිලි යාමේදී දිනකට දෙවරක් පමණක් වැසිකිලියාමට පුරුදු වීම ආදිය කිරීමෙන් මලබද්ධය උග්‍ර අතට පත්වීමට පෙර දුරු කරගත හැකිය.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top