ගෙදරදීම හදන්න පුළුවන් , කැස්සට ගුණ දෙන සිරප් වර්ගයක්..
මේ දවස්වල පවතින කාලගුණ තත්වයත් එක්ක ලෙඩරෝග පැතිරීම හරිම සාමාන්‍ය දෙයක්..
ඒ වගේම තමයි මේ තත්වය යටතේ කැස්ස පැතිරෙන එකත් සාමාන්‍යයි.. මේ වගේ පුංචි පුංචි රෝගවලටත් ඔයා බෙහෙත් ගන්න යන්න ඕනම ද...?
දැන් ඔයාට පුළුවන් මේ වගේ පහසුවෙන්ම නිවසේදී හදාගන්න පුළුවන් ආයුර්වේද සිරප් වර්ග භාවිතයට ගන්න.. අපි බලමු ඒ කොහොමද කියලා..
- වැල්මී, අසමෝදගම් හා මී පැණි වලින් සිරප් එකක්
වැල්මී, අසමෝදගම් හා මීපැණි වලින් සාදාගත හැකි කැස්ස සුවකරන ස්වාභාවික පැණියක් ගැනයි දැන් අපි කියන්නේ. වැල්මී හා අසමෝදගම් සෙම හිරවීම බුරුල් කර ශ්වසන පද්ධතිය සැහැල්ලුවට පත්කරනවා. මී පැණි සෙම ස්‍රාවය වීම අඩුකරනවා. උගුරේ අසහනකාරී ගතිය අඩුකරනවා. ඒ විතරක් නෙවෙයි මී පැණි නිසා මෙම ශාකසාර පානය කල් තියාගන්නත් පුළුවන්. (ඔබට පුළුවන් නම් කැළෑ කළු චෙරි පොතු ටිකක් හා "තෛම් (Thyme)" කියන සුවඳ පැළෑටියේ වියළි කොටස් එය වඩා හොඳයි. ඒවා නැතත් මේ ශාකසාර පැණියෙන් කැස්ස හොඳ වෙනවා.)
- අවශ්‍ය ප්‍රමාණයන් :-
• වතුර 500ml ක්
• වියළි වැල්මී මේස හැඳි 01 ක්
• මීපැණි 250ml ක්
• අසමෝදගම් මේස හැඳි 01 ක්
• වියළි තෛම් හා කැලෑ කළු චෙරි මේස හැඳි 01 ක් බැගින්
- සාදන ආකාරය :-
01. වතුරට අසමෝදගම්, වැල්මී මුල් හා ඔබ කළු චෙරි පොතුත් එකතු කරනවා නම් ඒවත් දමා භාජනය වසා විනාඩි 15 ක් විතර තැම්බෙමින් කැකෑරෙන්න අරින්න.
02. ලිපෙන් බා, වියළි තෛම් කුඩු එකතු කරන්නේ නම් එයත් දමා නිවෙනකම් වසා තබන්න. නිවුනාට පසු පෙරා මී පැණි එකතු කරන්න. මී පැණි හොඳින් දියවීම සඳහා අවශ්‍ය නම් පැණිය ටිකක් රත්කරන්න.
03. නිවුනාට පසු වීදුරු බඳුනක දමා වසා ශීතකරණයේ තැන්පත් කරන්න.
මෙම පැණිය මාස 03 ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. කැස්ස ඇතිවෙන වෙලාවට එයින් තේ හැන්දක් බොන්න.
- මී පැණි, දෙහි යුෂ වලින් ක්ෂණික කැස්ස නිවාරකයක්...
මී පැණි හැඳි 1/2 කට දෙහි යුෂ ටිකක් එකතුකරලා කට ඇතුලේ හෙමිහිට දියවෙන්න අරින්න. එකපාරටම ගිලින්න එපා. අවුරුදු දෙකට අඩු දරුවන්ට නම් පැස්චරීකරණය නොකළ මී පැණි දෙන්න එපා.
- රතුළූණු සහ මී පැණි සිරප්
රතුළූණු වල කැස්ස සුවකරන හා ක්ෂුද්‍රජීවීන් විනාශ කරන සංයෝග අඩංගු වෙනවා. මී පැණි සෙම නිසා ඇතිවුන අවහිරතා බුරුල් කරනවා. රතුළූණු ගෙඩි කිහිපයක් පෙති කපා මීපැණි වලින් දවටා භාජනයකට දමා විනාඩි 40 ක් විතර මද ගින්නේ තම්බන්න. ඊළඟට එය බෝතලයක දමා ශීතකරණයේ තබන්න. කැස්ස සමනය වනතුරු සෑම විනාඩි 15 - 30 කට වරක්ම එයින් තේ හැඳි 1/2 ක් අරගන්න.
- පෙපර්මින්ට් තෙල්වලින් කැස්සට සුවය
පෙපර්මින්ට් වල තිබෙන ප්‍රබල මෙන්තෝල් සංයෝග සෙම හිරවීම් බුරුල් කර වේගවත් හා විටින් විට ඇතිවන කැස්ස පහසු කරනවා. ඔබේ නාසය යට පෙපර්මින්ට් තෙල් ටිකක් ගල්වන්න. ඔබට තියෙන්නේ සංවේදී ගතිය වැඩි සමක් නම් සමාන එළවළු තෙල් ප්‍රමාණයක් සමඟ මුසු කර පෙපර්මින්ට් තෙල් වල සැර ගතිය අඩු කරගන්න. පුංචි දරුවෙක්ට නම් නාසය යට ආලේප කරන්න එපා. ඒ වෙනුවට පෙපර්මින්ට් තෙල් බින්දුවක් හෝ දෙකක් දරුවාගේ ඇඳුමේ කොලර් එකේ ගල්වන්න. නැතිනම් කොට්ට යටින් තියන්න.
මුහුණුපොත ඇසුරෙන්...