මේ දිනවල බහුල චර්ම රෝගවලින්, බේරෙන්නේ මෙහෙමයි..
Tuesday, 04 June 2024 - 8:51 | Views - 509

පවතින කාලගුණ තත්ත්වය, සමේ වෙනස්කම්, තවත් වෙන වෙන හේතු මේ වගේ රෝගවලට මුල් වෙන්න පුළුවන්..
කොහොම වුණත්, ඡවි කල්‍යාණය හෙවත් පැහැපත් සම අඳුරු සමක්, රෝගී සමක් බවට පත් කරනුයේ චර්ම රෝගයි.. ඉතින් මේ තත්ත්වය වලක්වාගන්න දැන් ඔබටම පුළුවන්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
ආහාර හා පාන වර්ග..
. තිබහ දැනෙන තුරු නොසිට නිතර ජලය පානය කරන්න. (2.5L - දිනකට)
. හාතවාරිය, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි කොළ කැඳ වර්ග පානය කරන්න.
. බාර්ලි ඇට තැම්බූ වතුර, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි පාන වර්ග භාවිතා කරන්න.
. කුරක්කන් කැඳ, සව් කැඳ පානය කිරීම සහ කිතුල් තලප, කුරක්කන් තලප වැනි දෑ ආහාරයට ගන්න.
. ගොටුකොළ , මුකුණුවැන්න, සාරණ, නිවිති, තෝර, අඟුණ කොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග නිතර ආහාරයට එක්කරගන්න.
. ගස්ලබු, කෙසෙල්, අනෝදා, අලි පේර, පේර, දොඩම් වැනි පලතුරු නිතර ආහාරයට ගන්න.
. නෙල්ලි ,රසකිඳ තැම්බූ වතුර පානය.
. කෘතිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක අඩංගු ආහාර හැකිතාක් අවම කිරීම.
. ඉස්සන්, දැල්ලන්, බල මාළු, කෙලවල්ලන් වැනි උෂ්ණ මාළු වර්ග ද, මාංශ වර්ග ද අවම කිරීම.
. ආහාර පිසීමේදී ව්‍යංජන වලට තක්කාලි එක් නොකර අවශ්‍ය නම් අමුවෙන් සලාද ලෙස ගන්න.
. ආහාරයට සෝස්, විනාකිරි එක්කිරීම අවම කරන්න.
ආලේපන..
. විශ්වාසවන්ත ශාකසාරමය ආලේපනයක් මුහුණේ ගැලවීමට තෝරා ගන්න.
. ප්‍රමිතියෙන් තොර,පිටරටින් ගෙන්වන ලද,නොදන්නා ආලේප වර්ග පාවිච්චියෙන් වැළකීම.
. බේබි සබන් වර්ග පමනක් ආලේප කිරීම.
. ෂැම්පු, හෙයා ජෙල්, හෙයා ඩයි භාවිතය අවම කරන්න.
මුහුණුපොත ඇසුරෙන්..
Share This Article