කෝමාරිකා ගැන ඔබ නොදන්නා රහසක් මෙන්න..
Monday, 27 May 2024 - 15:47 | Views - 965
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන්ද භාවිත කළ හැකි වන අතර අතීතයේදී කුමාරිකාවන්ගේ රුව වැඞීමට බහුලව භාවිත කළ ඖෂධයක් වන නිසා කුමාරිකා යන නාමය ද හිමිවේ. රසෝන කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර්ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් සඳහා යොදා ගනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත‍්‍ර සහිත කෝමාරිකා වර්ගයයි. එහෙනම් බලන්නකෝ මොනවද කෝමාරිකා වලින් ලැබෙන්නේ කියලා.

කෝමාරිකා ශාකයේ කඳ ඉතාමත් කෙටි වන අතර පත‍්‍ර කඳ පාමුල ගොනු වී ඇත. කඳ මඳක් දික් වූ විට පත‍්‍ර පිහිටීම තරමක් ඈත් විය හැකිය. කෝමාරිකා ශාකයේ පත‍්‍ර දිගැටි වන අතර පත‍්‍රවල තියුණු නොවන කටු පිහිටා ඇත.
කෝමාරිකා මල් තැඹිලි පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේදීය. ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, චීනය, උතුරු අප‍්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ‍්‍රී ලංකාවේ වියළි ප‍්‍රදේශය තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට, කතරගම, කන්කසන්තුරේ, මන්නාරම, කල්පිටිය, යාපනය ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් දැකගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාවද පවතී. ප‍්‍රචාරණය සිදුකෙරෙන්නේ මොරෙයියන් (මොටි) මඟිනි. සෙවණ සහිත ස්ථානවල හොඳින් වැඩෙන අතර මනා ජල පාලනයකින් යුතුව නඩත්තු කටයුතු කිරීමෙන් හොඳින් වවාගත හැකිය.

කෝමාරිකා ශාකයේ ඇති ඖෂධීය ගුණ

01. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ක‍්‍රමානුකූලව සිදු කරයි.
02. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සඳහා ගුණදායකයි.
03. අක්මාවේ ක‍්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
04. වා, පිත්, සෙම් තිබීම නිසා හටගන්නා රෝග සමනය කරයි.
05. ප‍්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
06. වයසට යෑම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම් වළක්වයි.
07. සමේ තෙතමනය ආරක්ෂා කරයි.
08. මුත‍්‍රා දැවිල්ල පාලනය කරයි.
09. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
10. පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක පවතින නිසා නිර්මාංස අයට වඩාත් යෝග්‍යයි.
11. මලබද්ධය සුව කරයි.
12. කුසගිනි වඩා හොඳින් ආහාර ජීර්ණය සිදුකරයි.
13. ගර්භාශ ගත උෂ්ණත්වය පාලනය කර දරුපල ඇති කරයි.
14. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී වේදනාව පාලනය කරයි.
15. පෙණහලූ ආශි‍්‍රත රෝග සුව කරයි.
16. හිස්හොරි වළක්වා හිසකෙස් වර්ධනය කරයි.
17. ලියුකේමියා රෝගීන්ට හා ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
18. හිරු කිරණින් සමට ඇතිවන බලපෑම් වළක්වයි.
19. අධික තරබාරුව පාලනය කිරීමේ හැකියාව පවතී.
20. ශරීරය අධික ලෙස කෙට්ටු වීම වළකා පුෂ්ටිමත් කරයි.
21. කාන්තාවන්ගේ ගර්භාශගත රෝග සුවකිරීමේ හැකියාව පවතී.

ආයුර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේදී සාමාන්‍ය රෝගී තත්ත්වයේ සිට මාරාන්තික රෝගී තත්ත්වයන් දක්වාම කෝමාරිකා භාවිතයෙන් ඖෂධ සකස්කර ප‍්‍රතිකාර කිරීමෙන් බොහෝ මාරාන්තික රෝග සුවපත් වන නිසා නූතන විද්‍යාවේදී පරීක්ෂණ කීපයකට භාජන කර ඇත. ඛනිජ ද‍්‍රව්‍ය 20කින් ඇමයිනෝ අම්ල 18කින් විටමින් වර්ග 12කින්ද යුක්ත වේ. කෝමාරිකා විවිධ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් මෙන්ම එන්සයිම විශාල ප‍්‍රමාණයකින් යුක්ත වන නිසා කෝමාරිකා මදයෙන් සුළු ප‍්‍රමාණයක් වුවද ආහාරයට ගැනීමෙන් දෛනිකව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබාගැනීමට හැකිවේ.
විශේෂයෙන් මස්, මාංස අනුභවයෙන් තොර නිර්මාංස ආහාර පමණක් ලබාගන්නා අයට වඩාත් ගුණදායී ආහාරයක් ලෙස කෝමාරිකා හඳුන්වා දිය හැකිය. තවද මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස්, අර්ශස්, ඇඟ ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලූකර ඉදිමුම, මුත‍්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන් සඳහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිය.

උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ ලූණු ස්වල්පයක් සමඟ මිශ‍්‍ර කර පානය කිරීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වී කුසගිනි වඩවයි. එමෙන්ම පණු රෝගද සුවපත් කරයි. ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිත කිරීමෙන් රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය වැඩිකර ශරීරයේ ෙසෙල ශක්තිමත් කිරීමට උපකාරී වේ.

වර්තමානයේදී රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ වැජඹෙන ඖෂධයක් ලෙස කෝමාරිකා හැඳින්විය හැකිය. හිසකෙස් වර්ධනය කර, හිස්හොරි පාලනය කර වර්ණවත් පෝෂ්‍යදායී කෙස් කලඹක් ඇති කිරීමට කෝමාරිකා උපකාරී වේ. සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම පැහැපත් කරමින් සම පෝෂණය කරයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලය මඟින් සිදුකරන ලද පර්යේෂණයකදී කෝමාරිකාවල පිළිකා නාශක ගුණය ඇති බව සනාථ කරගෙන ඇති නමුත් ඈත අතීතයේ සිටම ආයුර්වේදයේත් හෙළ වෙදකමේදීත් පිළිකා රෝග සඳහා ඖෂධ සකස් කිරීමේදී කෝමාරිකා භාවිත කරනු ලැබුවේ එහි ඇති පිළිකා නාශක ගුණය නිසාය.

කෙට්ටුව මට්ටු කරන ඖෂධයක්, 

පොතු ඉවත් කරගත් කෝමාරිකා මද කපා මැටි පොළවක හෝ රෙද්දක් මත වියැළීමට හරින්න. මෙම කෝමාරිකා හා සමාන බරින් යුක්තව පිරිසුදු ගිතෙල් ගෙන රත් කරගෙන එයට සකස් කරගත් කෝමාරිකා කැබලි දමා නිවුණු පසු මී පැණිද දමා හොඳින් මිශ‍්‍ර කර තබාගෙන උදේ හවස ටික ටික ආහාරයට ගන්න. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top