ඔයාලා මේවා කෑමට ගන්නෙම නෑ නේද ? මේක ඇහුවම නම්, මේවා කන්නම හිතෙයි..
Tuesday, 21 May 2024 - 12:58 | Views - 612
ඈත අතීතයේ අපේ ගම්වල සරල ජීවන රටාවට හුරු වූ අපේ ඇත්තෝ නිරන්තරයෙන්ම ඔහුන්ගේ කෑම වේලට එකතු කරගන්නා ලද ඇඹරැල්ලා කොළ සම්බෝලය අද සමාජයේ අප ආහාරයට නොගන්නා තරම්ය.

අතීතයේ මිනිසුන් ධෛර්යවත්ව සහ ශක්තිමත්ව සිටීමත් හෘද රෝග, පිළිකා යන රෝගයන්ගෙන් තුරන් වී සිටීමත් විශේෂයකි. එයට හේතුව නම් මෙවැනි ආහාර ලබා ගැනිම තුළින් වසවිසින් තොර වූ ජීවන රටාවකට ඔහුන් හුරුවී තිබීමයි.

ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හෘදය සහ ඒ ආශ‍්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීර්ණ රෝගයන්ටත් ගුණ දෙනවා එමෙන්ම අර්ශස් රොගයටද අත්දුටු බෙහෙතකි.

මෙම ඖෂධය මලබද්ධ සදහා ද යොදා ගන්නා අතර, ආමාශගත සියලුම රෝගයන්ට ද, දියවැඩියා රෝගීන්ට ද බෙහෙවින් උපකාර වනු ඇත. මෙමගින් ශරීරයේ වස විස මැකීමටද, අඩපන වී ඇති සෛල කොටස් ප‍්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරු කර සමබරව පවත්වා ගැනීමට ද උදර ආබධ සහ මූත‍්‍රා ආශ‍්‍රිත සියලුම රෝගයන්ටත්, අධි රුධිර පිඩනය ඇති අය සදහා ද ඉතා තරබාරු අය සදහා ද මේද තට්ටු දිය කිරීම සදහා ද ආහාර රුචිය ඇති කිරීමට ද තරුණ බව රැකගැනීම සදහා ද මේ ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගැනේ.

ඉතිං මේ තරම් ගුණ ඇති ඇඹරැල්ලා කොළ සම්බෝලය ඔබගේ ආහාරයට එක්කර ගැනීමෙන් ඉතාම සුවබර හා සමබර ජීවන රටාවක් හුරු කර ගැනීමට ඔබටත් හැකිවනු නියතය.

ඇඹරැල්ලා කොළ සම්බෝලය සාදාගන්න ආකාරය

ඇඹරැල්ලා දලු රැගෙන එය සිහින්ව කපාගන්න… එයටම සිහින්ව ගා ගත් පොල් කපාගත් අමු මිරිස් ලුණු හා රතු ලුනු ද උම්බලකඩ ද එක්කර කලවම් කර අවශ්‍ය පමණට දෙහි ඇඹුල්ද දමා කෑමට ගන්න.

( උපුටා ගැනීමකි..)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top