කඩල මේ තරම් ගුණදායකයි කියලා , දැනගෙන හිටියේ නෑ නේද?
Tuesday, 21 May 2024 - 10:17 | Views - 1,345
අපි ගොඩක් කැමතියි පෝෂණ ගුණයෙන් පිරි කෑම බීම අපේ ආහාර වේලට එකතු කරගන්න..

ඒ වගේමයි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නත් අපි ගන්න ආහාර පාන නිසා පුළුවන් වෙනවා..

මේ වගේ කාරණා ගැන කතා කරනකොට ධාන්‍ය කියන්නේ අමතක කරන්නම බැරි දෙයක්.. ඒ අතර කඩල කියන්නේ ඉහළින්ම තියන ධාන්‍ය වර්ගයක්..

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන කඩල ගැනයි මේ කියන්නේ.. කඩලවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය (17 - 20g / 100g) ක්.. කඩලවල අඩංගු යකඩ ප්‍රමාණය ද වැඩිය (10 mg). කඩලවල අඩංගු තයමීන්, රයිබොෆ්ලේවින් සහ කැල්සියම් ද සාපේක්ෂව වැඩියි.. ග්‍රීන්පීස් ද කඩල විශේෂයක්. කඩල පිටි විවිධ ආහාර වර්ග සැදීමට භවිතා කරයි..

කඩල තම්බා හෝ උයා ආහාරයට ගනු ලබන අතර සමහර අය කඩල පොගවා ආහාරයට ගන්නවා... නමුත් එය සුදුසු නැහැ... එයට හේතුව කඩලවල සුළු ප්‍රතිපෝෂක ප්‍රමාණයක් අඩංගුව තිබෙන නිසායි..

තම්බන විට එවා විනාශ වෙනවා.. කඩල ඇතැම් විට බඩ පිපුම ඇති කරන්නේ මේ නිසායි... කඩල වල පරිප්පුවලට සමාන ගුණ ද ඇති අතර, කඩල දිරවිමට තරමක් අපහසුයි... පැළ වන කඩලවල විටමින් B වර්ග වැඩිපුර අඩංගුයි.. කඩලවල ඔක්සලික් අමිලය ද ඇත..

කඩල ග්‍රෑම් 100 ක පෝෂණය

1. ශක්තිය කැලරි 360
2. කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 60.9
3. පොස්පරස් මිලිග්‍රෑම් 312
4. කැරෝටින් මයික්‍රොග්‍රෑම් 189
5. රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 120
6. සියැසින් මිලිග්‍රෑම් 1.3 - 2.9
7.සින්ක් අඩංගය
8.ප්‍රෝටීන් ග්‍රෑම් 17-20
9. කැල්සියම් මිලිග්‍රෑම් 202
10.යකඩ මිලිග්‍රෑම් 10.2
11.තයමීන් මයික්‍රොග්‍රෑම් 210-1100
12.විටමින් C මිලිග්‍රෑම් 3










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top