කාන්තා ශරීරයේ වඩාත් ආකර්ෂණීයම අංගය , තවත් ලස්සන කරගන්නේ මෙහෙමයි..
Wednesday, 15 May 2024 - 12:45 | Views - 659

කාන්තා ශරීරයේ වඩාත් ආකර්ෂණීයම අංගයක් විධියට ඇගේ පියයුරු සඳහන් කරන්නට පුළුවන්. කාන්තා ශරීරයේ හැඩය ඔපමට්ටම් කරන්නටත්, අන් අයගේ ආකර්ෂණය ලබා ගන්නටත්, සුන්දර හැඩැති පියයුරු යුගලකට හැකියාව තිබෙනවා. සාහිත්‍ය වැනුම් හරහා කාන්තා පියයුරු රණ හංසයන්ට උපමා කරද්දී වර්තමාන කාන්තාවන් අතරින් බොහෝ දෙනා තමන්ගේ පියයුරු ලස්සනට තියාගන්නට නොකරන දෙයක් නැති තරම්.ඇතැම් අවස්ථාවල ඔවුන් පියයුරු වෙනුවෙන්ම ප්ලාස්ටික් සැත්කම් සිදු කරගන්නා අවස්ථා තිබෙනවා. ඉතිං අද අපි ඔබට කියන්නේ එවැනි විශාල පිරිවැයක් නොදරාම ඉතාමත් සරල පියවර කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබේ පියයුරු සුන්දර කරගත හැකි ආකාර කිහිපයක් පිළිබඳව. මේ දේවල් පිළිපැද්‍දොත් පුරුෂ පාර්ශ්වය පමණක් නෙවෙයි, කාන්තාවනුත් ඔබ දිහා දෙවරක් හැරී බලනවා අනිවාර්යයි.නිවැරදිව ගැළපෙන බ්‍රා එකක් අඳින්නපියයුරුවල පෙනුමට ඔබ අඳින තිසරපට බලපානවා. ඒ අනුව ඔබේ ශරීරයේ ප්‍රමාණයට හා හැඩයට ගැළපෙන තිසරපටක් ඇඳීම අනිවාර්යයෙන් කළ යුත්තක්. එහි දී ඔබට අන්තර්ජාලය ඇසුරින් උදවු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් රාත්‍රි නින්දට යන විට තිසරපට ගැලවීමට මතක් කර ගත යුතුයි. එමෙන්ම නිවසේ සිටින විටත් හැකි සෑම අවස්ථාවකදීම සැහැල්ලු තිසරපටක් ඇඳගෙන සිටීම තුළින් ඔබේ පියයුරු එල්ලා වැටීම වැළකෙනවා.පියයුරුවල තෙතමනය රඳවා ගන්නපියයුරුවල සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට නම් එයට අවශ්‍ය තෙතමනය ලබා දීම කළ යුතුයි. මෙහිදී ස්නානය කිරීමෙන් පසුව මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කිරීම සිදු කළ හැකියි. එමෙන්ම අවස්ථාවක් ලැබෙන විටක ජොජෝබා ඔයිල් හා අලිගැටපේර ඔයිල් භාවිත කරමින් පියයුරු සම්බාහනය කිරීම හරහාද එහි තෙතමනය ආරක්ෂා කරගත හැකි වෙනවා.තරමක තද සීතල වතුරෙන් සෝදන්නඅපි සාමාන්‍යයෙන් හුරුවී සිටින්නේ සාමාන්‍ය ජලයෙන් හෝ මඳ උණුසුම් ජලයෙන් ස්නානය කිරීමට. නමුත් සෑම ස්නානයක් අවසානයේම ඔබේ පියයුරු තරමක තද සීතල ජලයෙන් සේදීමට හැකියාව තිබේ නම් එහි ප්‍රයෝජන අතිවිශාලයි. සීතල ජලයෙන් රුධිර සංසරණය උත්තේජනය කරනවා වගේම සෛල හුවමාරුව වැඩි දියුණු කරනවා. මෙම පිළිවෙත මඟින් පියයුරුවල පටක තද වී එහි හැඩය වඩාත් ශක්තිමත් වනවා.උඩුබැලි අතට නිදාගන්නබොහෝ දෙනා පුරුදු වී තිබෙන්නේ මුණින් අතට නිදාගැනීමට. නමුත් මේ පුරුද්ද නිසා පියයුරුවල රැලි මතුවීම හා ඒවායේ හැඩය අවලස්සන වීම සිදු වීමට පුළුවන්. එම නිසා හැකිතාක් උඩුබැලි අතට නිදාගැනීමට පුරුදු වීමට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේවි.සමබල ආහාර වේලක් ලබා ගන්නපියයුරුවල හැඩය හා පෙනුම පවත්වා ගන්න අපි ලබාගන්නා ආහාරවේල අතිශය වැදගත් වෙනවා. සමබල ආහාර වේලක් තුළින් නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීමට හැකියි. සිරුරේ බර නිතර නිතර වෙනස්වීම්වලට ලක්වීම පියයුරු එල්ලා වැටීමට බලපාන බැවින් සුන්දර පියයුරු යුවළක් වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක්.සන් ස්ක්‍රීන් ආලේප කරන්නඔබ පියයුරු නිරාවරණය වන ඇඳුමක් අඳින්නේ නම් අනිවාර්යයෙන් හිරු එළියට යෑමට පෙර සන් ස්ක්‍රීන් භාවිත කිරීමට අමතක කරන්න එපා. මෙම පුරුද්ද මඟින් ඔබේ පියයුරුවලට හිරු එළිය හේතුවෙන් සිදු වන හානි අවම කරගත හැකි වනවා.පියයුරු සඳහා ව්‍යායාමවල යෙදෙන්නපියයුරු හැඩය වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නියමිත ව්‍යායාමවල යෙදීම අනිවාර්යයි. ඒ සඳහා ඔබට අන්තර්ජාලයෙන් හෝ පළපුරුදු ව්‍යායාම උපදේශකයකුගෙන් උපදෙස් හා තොරතුරු ලබා ගත හැකියි. මෙහිදී ව්‍යායාම කිරීමට පෙර ව්‍යායාම සඳහා වන තිසරපටක් පැලඳීමට අමතක නොකළ යුතුයි.කොඳු ඇට පේළිය කෙළින් තබා ගන්නඉරියව් පෙනුමේ සහ පියයුරුවල හැඩයේ විශාල වෙනසක් ඇති කරන තවත් සාධකයක්. එබැවින්, සිටගෙන සිටින විට හෝ වාඩි වී සිටින විට, කොන්ද කෙළින් තබාගෙන සිටීමට පුරුදු විය යුතුයි.Push Up බ්‍රා අඳින්නනිවැරැදි ප්‍රමාණයෙන් යුතු Push Up බ්‍රා එකකට අපේ පියයුරුවල හැඩයට සිදු කළ හැකි වෙනස විස්මයජනකයි. ඔබට ඔබේ පියයුරු වඩාත් කැපී පෙනෙන අංගය බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා Push Up බ්‍රා එකක් ඇඳීම සිදු කළ යුතුයි.නිරාවරණය වන අවස්ථාවලදී ආලේප ගල්වන්නඇතැම් උත්සව හා විශේෂ අවස්ථා සඳහා ඔබට පියයුරු තරමක් නිරාවරණය වන ඇදුම් ඇඳීමට සිදු විය හැකියි. එහිදී පියයුරුවල පැහැය හා හැඩය ඉස්මතු කර පෙන්වීම සඳහා ආලේප භාවිත කිරීම වඩාත් හොඳ උපක්‍රමයක්.ඒ අනුව ඉහත උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට සුන්දර, නිරෝගි පෙනුමැති පියයුරු යුගළක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා අනිවාර්යයි.

(මව්බිම)
Share This Article