මෙහෙම කන සුද්ද කරනවා ද ? එහෙනම් මේක කියවන්නම ඕනේ..
Wednesday, 15 May 2024 - 10:22 | Views - 1,063
ඔබ කන් කලාදුරු පිරිසිදු කරගැනීමට යාමේදී ඔබ නොදැනුවත්වම විශාල හානියක් සිදුකරගනු ලබයි. කන යනු ඉතා සංවේදී සහ සියුම් ස්ථානයකි. ඔබ අතින් සිදුවන මේ වැරදි නිසා කනේ ආසාදනයන්, කන් ඇසීමේ අපහසුතා, සහ නිරන්තරයෙන් කනේ වේදනාව ඇති වීම වැනි තත්වයන් ඇතිවේ.

පුළුන් සහිත කූරු මගින් කන් පිරිසිදු කරගැනීම සෞඛ්‍යය සම්පන්න නොවේ.
කනෙහි මාර්ගය ඔස්සේ කිසිවක් ඇතුල් කිරීම සුදුසු නොවේ. මෙමගින් ඔබගේ කන් බෙරයට විශාල ලෙස හානියක් සිදු කල හැකිය. මේවා ආධාරයෙන් කන් පිරිසිදු කරගන්නා විට කන් කලාදුරු අනවශ්‍ය ලෙස කන තුලට තෙරපී කන් ඇසීම අඩාල වනු ඇත.
කන් කලාදුරු ඉවත් කිරීමට අවශ්‍ය නොවේ.
කනේ නිසි සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා කන් කලාදුරු සැලකිය යුතු ප‍්‍රමාණයක් කන තුල තිබිය යුතුවේ. කන් කලාදුරු තුල ප‍්‍රතිබැක්ටීරියා ගුණයක් අන්තර්ගත වන අතර අනවශ්‍ය ලෙස ඔබ ඒවා ඉවත් කිරීම සෞඛ්‍යයට අහිතකර වේ.
ඔබ කන් පිරිසිදු කරනා ආකාරය පිලිබදව දැනුවත් වීමට පෙර එය සිදුකල යුත්තේ කිනම් අවස්ථාවේද යන්න දැනුවත් වී සිටිය යුතුය.
කන් කලාදුරු අප විසින් එය කන තුල තිබියදීම පිරිසිදු කර ගැනීමට අවශ්‍ය නොවේ. කන් කලාදුරු කනෙන් ඉවතට පැමිණ ස්වාභාවික ලෙසම පිරිසිදු වේ. නමුත් සමහර පුද්ගලයන්ගේ එසේ නොවේ ඔවුන්ගේ කනතුල කන් කලාදුරු කැටි ගැසෙනු ලබයි. එවන් අවස්ථාවන් හිදී ඔබ විසින් ඉතා ප‍්‍රවේශමෙන් කන් පිරිසිදු කර ගත යුතු වේ. මෙවන් ආකාරයට ඔබේ කන තුල කන් කලාදුරු කැටි ගැසීම මගින් වේදනාවක් දැනෙනවානම් වෛද්‍යය උපදෙස් ලබාගන්න.
කන තුල පවිත්ර කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ස්වාභාවික පිළියමක්
ලූණු ජලය මගින් ප‍්‍රතිකාර සිදු කිරීම මේ සදහා ඉතාමත් ඵලදායි වේ. මේ සදහා ජලය සපයා ගැනීමේදී ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයකින් යුත් ජලය භාවිතා කරන්න.

මෙම ස්වාභාවික සත්කාරය සිදු කර ගැනීමේ පියවරයන්,

1. උණු ජලය කෝප්ප භාගයකට ලූණු මේස හැන්දක් එක්කරගන්න.
2. පුළුන් බෝලයක් එහි ගිල්වන්න.
3. කන ඇලකර කන තුලට ජල බිංදු කිහිපයක් එක්කර එම ආකාරයෙන්ම විනාඩි 3 – 5 අතර කාලයක් රැදී සිටින්න.
4. ඉන් පසු ජලය ඉවත්ව යාම සදහා කන අනෙත්පස හරවන්න
5. ඉන් පසුව කනෙන් එලියට ආ කන් කලාදුරු පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදා ගන්න.
ඔබට මෙම ස්වාභාවික සත්කාරය මගින් සුවයක් නොලබුනේනම් ඔබ තවමත් කන තුල රැුදී ඇති කන් කලාදුරු මගින් වේදනා විදිනවානම් උගුර, කන හා නාසය පිලිබද විශේෂඥ වෛද්‍යය වරයෙකුව මුණ ගැසෙන්න.

උපුටා ගැනීමකි..
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top