සම පැහැපත් කරන දෙළුම්වල ඇති විශ්මිත ගුණ..
Tuesday, 14 May 2024 - 15:04 | Views - 848
දෙළුම් කෑමට කවූරුත් වාගේ කැමැත්තක් දක්වනවා. ඒ ඉතා ප‍්‍රනීත පලතුරක් නිසාත්, දිනපතාම දකින්නට නොලැබෙන පළතුරක් නිසාත් වේ.
වර්තමානයේ නිවෙස්වල එක ගසක් හෝ දකින්නට නොලැබූණත් අතැම් පැරණි නිවෙස්වල දෙළුම් ගසක් වවා තිබූණේ එහි තිබෙන දිව්‍යමය ඔසූ ගුණයක් අපේ වැඩිහිටි උදවිය දන්නා නිසාවෙනි.

මෙම ගෙඩියේ බීජ මිනිසාගේ දත්වලට සමාන බැවින් දන්ත බීජ යනූවෙන් ද හඳුන්වයි. ඉංග‍්‍රීසි නාමයෙන් ෆොමග‍්‍රනේටි යනූවෙන් හඳුන්වන දෙළුම් රස අනූව එනම් මධූර රස, මධූරාම්ල, අම්ල රස යනූවෙන් ද ප‍්‍රභේද 3 කින් හඳුන්වයි. එමෙන්ම ප‍්‍රදේශ අනූවත් රස වෙනස්වන අතර ශුෂ්ක ප‍්‍රදේශවල වැවෙන පලතුරක් විදියට හඳුන්වන්නට පූළුවන්.

කහට රසින් යූතුවන දෙළුම් ඉතා මිහිරි පළතුරක් මෙන්ම ඖෂධ ලෙස ශාකයේ පංචාංගයම යොදා ගැනේ. ආයූර්වේදයේදී නාසයෙන් ලේ ගලන අවස්ථාවලදී නස්න කිරීම සඳහා දෙළුම් මල් යොදාගනී.

රක්ත අර්ශස්වලදී පොතු හා දෙළුම් ලෙලි යොදා ගැනීමක් සිදුකරයි. ඔබට කෑම අරුචිය ඇති නම් එය ඉතා කදිම ඔසූවක් ලෙස පෙන්වා දිය හැකිය. දෙළුම් ආහාරයට ගැනීමෙන් බඩගිනි ඇතිවීමක් ද වනූ ඇත. ඒ වගේම කොළ යූෂ ඇතැම් කාන්තාවන්ගේ ගර්භාෂය පහත් වන අවස්ථාවලදී තවත් ඖෂධ සමග මිශ‍්‍රකර ගනූ ලැබේ.

මූත‍්‍රාවලට ගුණ දෙන දෙළුම් කොළ ඔබගේ දෑස්වලට ද මාහැ`ගි බෙහෙතකි. උෂ්ණකාලවලදී දෑස්වල හටගන්නා රෝගකාරකවලට විෂබීජ නසන විෂබීජ නාශකයක් ලෙස ඇස් සෝදන්නට යොදාගනී. මෙයින් ඇස්වලට ප‍්‍රාණවත් බවක් ද ලැබේ.

එලෙසම ඇතැම් උෂ්ණාධික සිරුරු හිමි අයට නිතරම වාගේ ඇතිවන මූඛ ආසාදන, තුවාල, පැලීම් ආදියට ද දෙළුම් කොළ තම්බා මූඛය සේදීම ඉතාමත් ගුණ බව ආයූර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි.

දෙළුම් පොතු කුඩා දරුවන්ට වැළදෙන පණූ රෝගවලට යොදාගනී. ලා දෙළුම් ගැට, අතීසාර රෝගයට සූවයක් ලබාදෙයි. උදරාබාධ ඇතිවිටත්, සිරුර ඉදිමූණූ අවස්ථාවලටත් යොදා ගන්නා මනරම් ශාකයක් හැටියට පෙන්වාදීමට පූළුවනි.

දෙළුම් කොතරම් රෝගවලට ගුණ මූත් විශේෂයෙන් සඳහන් කළ යූතු දෙයක් තිබේ. ඔබ දෙළුම් ආහාරයට ගන්නේ නම් හදවත ශක්තිමත් කිරීමේ හැකියාව තිබෙන හදවතට ලැදි පලතුරක් ලෙස ආයූර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ග්ලූකෝස් (සීනි සියයට 15කින්) වලින් පොහොසත් වන දෙළුම් පොටෑසියම්, විටමින් සී, ජලය සහ අනෙකුත් විටමින් වලිනූත් සමන්විත පලතුරකි.

සෙම වියළී තිබෙන රෝගීන්ට දෙළුම් ඇට හා තවත් ඖෂධ වර්ග මිශ‍්‍රකර මී පැණි සමග කෂාය පානය කිරීමට දීමෙන් සූවයක් ලබාගත හැකිවනූ ඇත.

දෙළුම්වලට සම පැහැපත් කිරීමේ ගුණයක් ඇත. විශේෂයෙන් අපේ අම්මලා කුඩා දරුවන්ට දෙළුම් යූෂ පානයට දෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top