මී ගසේ ගෙඩි වලින් හදන, රස ගුණ පිරි ව්‍යංජනයක්..
Sunday, 12 May 2024 - 9:05 | Views - 777

ඉස්සර අපි , අම්මලගේ මහ ගෙදර යන්න ගොඩාක් ආසයි..මොකද එහෙම ගියාම ආතම්මගෙයි,ආතාගෙයි ආදරය උපරිමයෙන්ම ලැබෙනවා වගේම ආතම්මා හදන රසම රස අපූරූ කෑම කන්නත් බලාගෙනම තමයි මම එහෙ යන්නේ.මහ ගෙදර වත්ත පැත්තකින් විශාල මී ගහක් තියෙනවා.ආතා කැඬුම් බිඳුම් සහ සර්ප වෙදකම කරන නිසාම වත්ත පුරාම තියෙන්නේ බෙහෙත් වර්ග.මී ගස කියන්නෙත් ඉතාමත් ඖෂධීය වටිනාකමින් යුත් ගසක් ලෙසයි පැරැන්නෝ හැඳින්වුයේ.. ඉදිමුමකදී,උළුක්කුවකදී වගේම අස්ථි බිඳීමකදී පවා මී තෙල් ප්‍රයෝජනයට ගනු ලබනවා.ඒ වගේම තමයි මේ ගෙඩි හැදීගෙන එන කාලයේදී ලපටි ගෙඩිවල හැදෙන පොතු මාළුව සහ මැල්ලුමත් ඉතාමත් රසවත් වගේම ගුණවත්.මේ මී ගෙඩි මැල්ලුම සහ ව්‍යංජනය හදන්න අපේ ආතම්මා ඉතාමත් දක්ෂයි.මී ගෙඩි මැල්ලුම ආතම්මා හදන්නේ මෙහෙමයි.මුළින්ම ගහෙන් කඩාගෙන එන මී ගෙඩි ටික ගෙඩිය පිටින් තම්බලා,ළපටි ඇට අයින් කරලා පොතු ටික හීනියට කපාගෙන භාජනයකට දා ගන්නවා.ඉන් අනතුරුව ලූණු, ලූනු, පොල්, හීං කොච්චි, කරපිංචා වගේ අවශ්‍ය ස්භාවික රසකාරක සියල්ලම මිරිස් ගලේ අඹරගෙන අර කපාගත් මී ගෙඩි පොතු ටිකට එකතූ කරගෙන මද ගින්දරින් ඒ සියල්ල තෙම්පරාදු කර ගන්නවා.මේ මී ගෙඩි මැල්ලුම ඉතාමත් රසවත් රතු හාලේ බතුත් එක්ක වැව් මාළු සහ තම්බපු කොස් එක් කර ගන්න පුලුවන් නම්.ඒ වගේම හීන් කොච්චි සැරටත් එක්ක නිකන් වුණත් කන්න පුළුවන්.ඉතින් මේ වගේ පැරණි ඉතාමත් ගුණවත් ආහාර වේලකට හරි එක්ක කර ගන්න පුළුවන් නම් ඉතාමත් අගනෙයි.ඒ වගේම තමයි, මී තෙල් කොස් මාළුව,දෙල් මාළුවට එකතු කර ගන්න පුළුවන් නම් රසවත් බව ඉතාමත් වැඩි වෙනවා කියලා තමයි අපේ ආතම්මා නම් කියන්නේ.( උපුටා ගැනීමකි..)
Share This Article