දියවැඩියාව පිළිකාව සුවකරන අනෝදා කොළ වලින් සාදන තේ..
Thursday, 09 May 2024 - 16:33 | Views - 454
ඔන්න අද මම කියන්න යන්නේ ඔයාලව මවිතකරවන දෙයක් ගැන. දියවැඩියාව සහ පිළිකාව සුවකරන තේ පානයක් තියෙනවා කියලා මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ කියන්න යන දේ ඔබව පුදුම කරාවි කියලා මම මුලින් කිවේ මේ නිසා. මේ විස්මිත තේ පානය හදන්නේ අනෝදා පත‍්‍ර වලින්. අනෝදා තේ පානය ගැන කීමට පෙර අපි මුලින් බලමු මොනාද මේ අනෝදා කියන්නේ කියලා. අනෝදා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න බැහැ.

ගුයබානෝ යන නාමය නුහුරු නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාඛය ගුයබානෝ නමින් හඳුන්වයි. අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාඛයේ පත‍්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාඛ පත‍්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි.
අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත‍්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.
එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.
ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප‍්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (Flavoring agent)ලෙස භාවිතා කරයි.
ශ‍්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ‍්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.
වර්ථමානයේ වාර්තාවන ඉතා ප‍්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප‍්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.
කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත‍්‍රික පණුවන්ට හා ක්ෂුද‍්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප‍්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක‍්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප‍්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය..

– පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද
– මාරාන්තික ආසාදන වලක්වමින් ප‍්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද
– ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද
– දරු ප‍්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද
– පාචනය හා උණ වලක්වන ප‍්‍රතිකාරකයක් ලෙසද
කටු අනෝදා බීජ වල සාරය

– අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද

කටු අනෝදා පත‍්‍ර වල සාරය

– අතන්ද‍්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප‍්‍රතිකාරකයක් ලෙසද වැදගත් වන බව අනාවරණය වී ඇත.
තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු බවද විශේෂයෙන් සදහන් කලයුතුවේ.

දැන් අපි බලමු අනෝදා තේ පානය සකසා ගන්නා අන්දම

ගුබයාණෝ තේ සකස්කිරීමට අවශ්‍ය ද‍රව්‍ය
– පිරිසිදු ජලය ලීටර් 1 යි
– අනෝදා පත්‍ර 40 යි

සකසා ගන්නා ආකාරය..

භාජනයකට දමා ජලය හොඳින් රත්කරගන්න. රත් වූ ජලයට අනෝදා පත‍්‍ර දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.සාමාන්‍ය තේ පැහැයට ආ පසු නිවෙන්නට තබන්න. පැය 7-8 ක් පමණ ශීතකරණයේ තබා පානයට ගන්න.
සැලකිය යුතුයි – ස්වභාවික පත‍්‍රවලට වඩා සුලගේ වේලන ලද මේරූ පත‍්‍ර භාවිත කරන්න. හිරු එළියේ හෝ උඳුනේ දමා පත්‍ර වෙලීමෙන් වලකින්න.

ආහාර ගැනීමට පෙර මේ තනා ගත් තේ පානය කරන්න. දවසට තුන් වරක් බැගින් මාසයක් තේ භාවිතා කිරීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබා ගත හැක. විශේෂයෙන් හිස් බඩ මේ තේ පානය කිරීමෙන් අඩංගු ඖෂධ ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙයි.

සාදාගත් තේ පානය දින 30 කට සෑහෙන අතර මසක් ගතවීමෙන් පසු භාවිතා නොකරන්න. එහි අඩංගු ගුණය සහ ස්වභාවිකත්වය ඒ මගින් විනාශ වී යයි. සතියට දින පහක් තේ පානය කරන්න.

( උපුටා ගැනීමකි..) 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top