මේවාට බෙහෙත් ඕනේ නෑ , මේ පුංචි පුංචි දේවල් ගෙදරදීම කරලා බලන්න..
Thursday, 09 May 2024 - 11:17 | Views - 341
දියවැඩියාව බෝ නොවන රෝග අතර, අද වෙනකොට ශීඝ්‍රයෙන් පවතින රෝගයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්..

නිසි ආහාර රටාවක් නොමැතිකම ජානමය හේතූන් මත වගේම විවිධ විවිධ රෝගාබාධ යටතේ දියවැඩියා තත්ත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා..

රුධිරයේ සීනී මට්ටම පාලනය කරගන්න දියවැඩියාව ඇති නැති හැමෝම මේ උපදෙස් පිළිපදින්න...

ඉතින් මෙන්න මේ වගේ ජීවන් රටාවකට හුරු වෙනවා නම් ඔබටත් පුළුවන් ඔබේ රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පාලනය කරගන්න.. අපි බලමු පියවරෙන් පියවර කොහොමද ඒක කරන්නේ කියලා..

- දවස මුළුල්ලේ ම ශරීරයේ සීනී මට්ටම යහපත්ව තබා ගැනීම සඳහා පානයක්...

• බර්ලි ඇට 50g ක් පමණ තම්බා වතුර බෝතල් 01ක් සකස් කර තිබහ දැනෙන සෑම අවස්ථාවකම පානය කරන්න.

• මෙය ඉන්සියුලින් ලබා ගන්නා රෝගීන් සඳහා ද ඉතා ගුණදායකයි.

- රාත්‍රී ආහාරය සඳහා සාදාගත හැකි විශේෂිත පානයක්...

ගොටුකොළ යුෂ කෝප්ප 1/2 කට කුරක්කන් පිටි 20g - 30g ක්, සුදුළූණු බික් 2 - 3ක්, ගම්මිරිස් ඇට 2 - 3ක් එකතුකර සුප් එකක් ආකාරයට පිළියෙල කර පානය කරන්න.

- අලුයම හිස් බඩට..

• කොහොඹ පත්‍රිකා 7 ක් සහ ගම්මිරිස් ඇට 5 ක් හපා ආහාරයට ගන්න.

• කබලේ බැද කුඩු කරන ලද උළුහාල් තේ හැඳි 01 ක් රාත්‍රියේදී උණු වතුර අඬු කෝප්ප 1/2 කට දමා පසුදා පානය කරන්න.

- දියවැඩියා රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු ආහාර පාන...

• මුදවපු කිරි
• යෝගට්
• මේද රහිත කිරි
• හකුරු, පැණි
• සීනි
• සිරප් වර්ග
• ටින් කිරි වර්ග
• පැණි බීම වර්ග
• ජෑම්
• කේක්
• ටොෆී
• පළතුරු බීම
• අයිස් ක්‍රීම්
• හොඳින්ම ඉදුණු පළතුරු

- දියවැඩියා රෝගියෙකුට යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර…

• රතු නිවුඩු තම්බපු බත්
• රතු කැකුළු බත්
• කුරක්කන්
• මුං ඇට
• කඩල
• කවුපි
• සහල් පිටි වලින් සැකසූ ආහාර
හැකි තරම් ගත හැකි ආහාර...

- පලා වර්ග

• තෙඹු
• කෝවක්කා
• මැල්ල
• මුරුංගා කොළ
• ගොටුකොළ
• සාරණ
• කංකුං
• රතුළූණු කොළ
• කොහිල දළු
• වට්ටක්කා දළු
• කැබැල්ල දළු
• වැල් පෙනෙල
• නිවිති
• ඇඹරැල්ලා දළු
• අගුණකොළ
ආදී පලා වර්ග...

- එලවළු වර්ග

• මුරුංගා
• බණඩක්කා
• කරවිල
• වැටකොළු
• දඹල
• ගෝවා
• බෝංචි
• මෑ කරල්
• නෙළුම් අල
• පොලොස්
• අළු කෙසෙල් ගෙඩි සහ කෙසෙල් ලෙලි
• කෙසෙල් මුව
• පතෝල
• කැකිරි
• ඇඹරැල්ලා
ආදී එළවළු වර්ග...

- පලතුරු වර්ග

• මද වශයෙන් ඉදුණු ඇඹුල් කෙසෙල්
• නෙල්ලි
• ලොවි
• උගුරැස්ස
• කාමරංගා
• මාදං
• කජු පුහුලං
• පිනි ජම්බු
• ජම්බු
• ඇඹරැල්ලා
ආදී පලතුරු වර්ග...

- සුදුසු පාන වර්ග

• බෙලි මල්
• බෙලි කටු
• රණවරා මල්
• ඉරමුසු මුල්
• දැල් බටු (පඩ වැල්) තැම්බූ වතුර
• කොළ කැඳ
ආදී පාන වර්ග...

- ප්‍රධාන අහාර වේල්

සමස්තයක් ලෙස දියවැඩියා රෝගියෙකුට දිනකට බත් අහාරයට ගන්නේ නම් අඬු කෝප්ප 03 ක් නිර්දේෂ කරයි. එය වේල් 03 සඳහා අනුපාතිකව බෙදා ගත හැකියි.

උදා :- උදයට අඬු කෝප්ප 1,1/2 ක්, දහවලට අඬු කෝප්ප 01 ක්, රාත්‍රියට අඬු කෝප්ප 1/2 ක් ලෙස සුදුසු එලවළු සමඟ

උදයට ධාන්‍ය වර්ගයක් ගනී නම් එය ආසන්නව බත් අඩූ කෝප්පයකට සමානව මිනුම් කල හැකියි.

- රාත්‍රී අහාරය සඳහා,

. ශක්ති ජනක අගය ඉතා අඩු ආහාරයක් විය යුතුමයි (low calorie diet). එලෙසම නින්දට පැය දෙකකටවත් පෙර ආහාර ගත යුතුයි.

. තැම්බූ එලවළු පමණක් හෝ අවශ්‍ය නම් තැම්බූ මාළු කැබැල්ලක්/එළවළු සුප් හා තැම්බූ මාළු කැබැල්ලක්.

. ඉහත පරිදි බත් අඬුකෝප්ප එකක් පමණ සහ එලවලු සලාදයක්.

- විශේෂිත කරුණු..

01). රට කජු ආහාරයට ගන්නේ නම් දිනකට උපරිම ඇට 15 ක් පමණ.

02). පාන් සහ පාන්පිටි කෑම පමණක් කිසිම විටෙක ප්‍රධාන ආහාර වේලකට ගැනීමෙන් වළකින්න.

උදා- රොටී, කොත්තු , ඉඳි ආප්ප, බනිස්, නුඩ්ල්ස්...

03). එළවළු තැම්බිමේදී කැරට්, බීට්, අර්තාපල් හැර අන් සියලු දෑ තේරීමකින් තොරව තම්බා ගන්න.

04). සම්බා සහල් භාවිතය හැකිතාක් අඩුකරන්න. නැතහොත් නතර කරන්න.

05). රටඉඳි හා හකුරු සමඟ තේ පානය නතර කරන්න.

06). මදක් ඉඳුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්, මධ්‍යම ප්‍රමාණයේ ගස්ලබු කැබැල්ලක් සහ ඉහත සඳහන් පලතුරු වඩා සුදුසුයි.

-ශාරිරික ව්‍යායාම

දිනපතා අවම ලෙස මිනිත්තු 40ක් ඇවිදින්න. නැතහොත් පිහිනන්න..

ඉහත ආකාරයට ආහාර පාලනයකින් යුතුව ගැනීමෙන් සහ උපදෙස් පිළිපැදීමෙන් දියවැඩියා රෝගියෙකුට තම රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන අතර නිරෝගී අයෙකුට දියවැඩියාව වළක්වා ගැනීමටද උපකාරී වෙනවා.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top