ලෙඩ ගොඩකට සුව දෙන , දිය බත් ගැන අහලා තිබුණේ නැද්ද ?
Thursday, 09 May 2024 - 10:30 | Views - 984

මේ කියන්න යන්නේ ගොඩක් ලෙඩ රෝගවලට ගුණ දෙන කෑමක් ගැනයි..මේ දවස්වල් පවතින අධික උෂ්ණ සහිත කාලගුණයටත් , ගැස්ට්‍රයිටීස්වලටත් ඉතා ගුණදායක කෑමක් තමයි දියබත් කියන්නේ..ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම් දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි.. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්...ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්..දියබත් හදන්නේ හීල් බත්වලින්. හීල් බත් කියන්නෙ කලින් දවසෙ රෑට ඉතුරු වුණ බත්.. ඒකට වතුර දාලා රැයක් තියලා උදේට අරන් ඒකෙන් තමා දියබත් හදන්නේ..අවශ්‍ය ද්‍රව්‍ය:උයා ඉතිරි උන බත් ටිකක්පොල් කිරිවියළි මිරිස් කරල් 5රතු ළූණු ගෙඩි 5සුදු ළූණු බික් 1දෙහි යුෂලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට
සාදන අයුරු:රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙඟෙන්නට හරින්න.. පසු දින උදෑසන ජලයේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න.. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය..බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න.. පොල් කිරිවලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.. අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්න. මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි...දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදලා බලන්න..
Share This Article