දත් නැති කටට සුබම සුබ ආරංචියක්
Wednesday, 08 May 2024 - 8:47 | Views - 861
නව දත් වර්ධනයට උපකාරී වන ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.
දිරාපත් වීම හෝ ජානමය ගැටලු හේතුවෙන්, අහිමි වු දත් වෙනුවට නව දත් වර්ධනය කිරීමට එම ඖෂධයට හැකියාව ඇති බවයි පරීක්ෂකයින් කණ්ඩායම සඳහන් කරන්නේ.
ඖෂධය නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වන විට විශාල සාර්ථකත්වයක් හිමි කරගෙන ඇති බව ද ඔවුන් පවසනවා.
ඒ සම්බන්ධයෙන් සතුන් යොදා ගනිමින් රසායනාගාර පරීක්ෂණ සිදුකර ඇති බව ද සඳහන්.
නුදුරේදීම එම ඖෂධය මිනිස් භාවිතය සඳහා යොදා ගත හැකි බවට විද්‍යාඥයින් කණ්ඩායම මත පළ කරනවා.
Share This Article