රුව රකින තක්කාලි ගැන දැනුවත් නැත්නම් , කියවලාම බලන්න
Tuesday, 07 May 2024 - 10:14 | Views - 411

තක්කාලි කියූ සැනින්ම සිහියට එන්නෙ එළවළුවක්, පලතුරක්, ආහාර රස කරන රසකාරකයක් නේද.
නිකමට හරි හිතලා තියෙනවද තක්කාලිවලින් ලස්සන වෙන්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් රුව රැකගන්න පුළුවන් කියලා.
මේ කියන්න යන්නෙ රුව රකින තක්කාලි සත්කාර ගැන.
තක්කාලිවල ස්වාභාවික exfoliate කිරීමේ එන්සයිම බොහෝමයක් අඩංගු වීම නිසාවෙන්, සම මතුපිට ඇති අපිරිසිදු බව පහකර හැරීමේ හැකියාවක් තිබෙනවා.
එමෙන්ම මැරුණු සෛල ඉවත් කිරීමේ හැකියාව ද තක්කාලි සතුව පවතිනවා.
එසේම, තක්කාලි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් අනූනයි. එමඟින් ඔබේ සමට අත්කර දෙන වාසි ද බොහොමයක්.
සම වයසට යෑම වැළකීමේ සුවිශේෂී හැකියාවක් තක්කාලි සතුයි.
ඔබට ඇත්තේ කුරුළෑ සහිත සමක් නම් තක්කාලිවලට පුළුවන් ඔබේ කුරුළෑ සුවපත් කරන්න. තක්කාලි යුෂ කුරුළෑ මත ආලේප කිරීමෙන් ඔබට සම සිදුරුවීමකින් තොරවම කුරුළෑ තත්ත්වය මඟහරවා ගත හැකියි.
......ආසාදිත ස්ථානය හොඳින් ආවරණය වන පරිදි, තප්පර 20ක පමණ කාලයක් තක්කාලි කැබැල්ලක් ගෙන මුහුණේ ආලේප කරන්න.
අනතුරුව පිරිසිදු ජලයෙන් මුහුණ සෝදා හරින්න.
මෙමඟින් සමෙහි ඇති කුරුළෑ පමණක් නොව කුණු දුහුවිලි ද ඉවත්කර ගත හැකිය.
එසේම, දිනපතා මුහුණ සේදීමේදී සේදුම්කාරකයක් ලෙස ද තක්කාලි භාවිතා කළ හැකියි.
.......කුඩා බඳුනකට තක්කාලි යුෂ සහ ලෙමන් යුෂ එක්කර ගන්න.
පසුව පුළුන් කැබැල්ලක් ගෙන මුහුණේ හොඳින් ආලේප කර විනාඩි 05කට පමණ පසු සෝදා හරින්න.
මෙම සත්කාරය මඟින් සම වියපත් වීම වළක්වයි. එමෙන්ම සම වියළීම, රැළි වැටීම යනාදිය අවම කරයි.
දෑත් අව පැහැයක් ගැනීමද බොහෝවිට තරුණියන් මුහුණ දෙන ගැටළුකාරී තත්ත්වයක්, ඊට පිළියමක් ලෙසද තක්කාලි භාවිතා කළ හැකිය.
......අර්තාපල් සහ තක්කාලි යුෂ රත් හඳුන් කුඩු සමඟ හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න.
මීට අමතරව තක්කාලි යුෂ, කහ කුඩු සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් ද යහපත් ප්‍රතිඵල ලබා ගතහැකියි.
Share This Article