මොළේ උණ රෝගයෙන් , තවත් ජීවිතයකට තිත..
Wednesday, 01 May 2024 - 12:03 | Views - 598

කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ කියන්න යන්නේ තවත් ඒ වගේ ඇහෙන අලුත් කතාවක්..
ජැපනිස් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය හේතුවෙන් යාපනයේදී දෙවන රෝගියාද ඊයේ (30) මියගොස් තිබෙනවා..
මෙසේ මියගොස් ඇත්තේ, යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජයචන්ද්‍රන් සස්මිකා නමැති පස් හැවිරිදි දැරියක්..
උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඇයට ප්‍රතිකාර අවස්ථා කීපයකදී ලබා දුන්නද සුව නොවීම නිසා යාපනයේ අච්චුවේලී රෝහලේ දැරියව නතර කිරීමට ගෙන යමින් සිටියදී අතරමගදී මෙසේ ඇය මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..
ඉන් පසු අදාළ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර, ඇයගේ මරණයට හේතුව මොළයේ උණ රෝගයක් බවට අනාවරණ වී තිබෙනවා..
එසේම, පසුගිය සතියේදී ද යාපනය ශීක්ෂණ රෝහලට උණ රෝගය නිසා ඇතුළත් කළ රෝගියෙකු මියගිය අතර එම රෝගියා මියයාමට හේතුවද මොලේ උණ රෝගය නිසා බවටයි තොරතුරු වාර්තා වුයේ..
කෙසේ වෙතත්, මොළේ උණ රෝගීන් උතුරු පළාතෙන් මෙවර හමු වී ඇත්තේ වසර ගණනාවකට පසුවයි..
පළමු රෝගියා හමු වී රෝගියා මියයාමත් සමඟම මොලේ උණ රෝගය පැතිර යාම වැළැක්වීම සම්බන්ධයෙන් උතුරේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීමට සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙසේ යාපනයෙන් දෙවන රෝගියාද මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ..
Share This Article