ඉවසන්න බැරි රස්නෙට , මෙන්න පිළියම්..
Sunday, 28 April 2024 - 11:57 | Views - 404

කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ හරිම ජනප්‍රිය බීමක්.
ලෙඩ රෝග රැසකටත් මේ බීම එක ඉතාම වැදගත් කිවුවොත් හරියටම හරි..
ඒ වගේම, කෝමාරිකා ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය ගුණවලින් අනූනයි.
මෙය තුවාල සුව කිරීම වේගවත් කිරීම, සම රැළි වැටීම වැළැක්වීම, රුධිරයේ සීනි පාලනය, ගෑස්ට්‍රයිටීස් මට්ටු කිරීම වගේ බොහෝ දේවල් කළ හැකි ඖෂධීය ශාකයක් ද වෙනවා.
උදේ නැඟිට්ට සැනින් හිස් බඩ කෝමාරිකා යුෂ පානය කරනවා නම්, එය ඔබේ බර අඩු කර ගන්න පුළුවන් වගේම,
ශරීර අභ්‍යන්තර විෂ ඉවත් කර ශරීර අභ්‍යන්තරය පිරිසිදු කිරීමේ හැකියාවත් කෝමාරිකා ගුණ සතුයි.
මලබද්ධය කියන්නෙ නොසෑහෙන්න පීඩා ගෙනෙන රෝග තත්ත්වයක් , ඉතින් මේ මලබද්ධය වළක්වා ගන්නත් කෝමාරිකා යුෂ පානය වැදගත්.
මේ පානයෙන් ඔබට ඔබේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු කරනු ඇති.
ඒ වගේම ඔබට පීඩා ගෙනෙන අජීර්ණ, ආමාශයේ අපහසුතා, ගෑස් සහ බඩ පිපීම වැනි ආහාර දිරවීමේ ගැටළු මට්ටු කරන්නත් කෝමාරිකා වලට පුළුවන්.
මීට අමතරව රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්නත් පුළුවන් වගේම,
කෝමාරිකා වුණත් පමණට වඩා බ්ව්වොත්, රුධිරයේ සීනි මට්ටම බොහෝ සෙයින් පහත වැටිය හැකියි කියලත් මතක තියා ගන්න.
කෝමාරිකා පානයක් සකසා ගන්නෙ මෙහෙමයි..
අවශ්‍ය දේවල්,
කෝමාරිකා පිති (අවශ්‍ය ප්‍රමාණයට)
අයිස් වතුර
මී පැණි හෝ සීනි
ලෙමන් යුෂ ස්වල්පයක්
සාදන ආකාරය,
කෝමාරිකා පිති හොඳින් සෝදා පිරිසිදු කරගන්න.
පසුව එහි දෙපස දාර පිහියකින් කපා ඉවත් කරන්න.
දැන් එය සාමාන්‍ය කොටස්වලට හරස් අතට කපන්න.
වතුර බඳුනක දමා පැය භාගයක් තබන්න.
පසුව කෝමාරිකා අවපැහැ ජලය ඉවත් කර නැවත වතුරෙන් සෝදන්න.
අනතුරුව පිහියක් ගෙන දෙපස පොත්ත ඉවත් කර මාංශය කුඩා කැබලිවලට වෙන් කරගන්න.
පසුව ඊට වතුර මේස හැඳි දෙකක් පමණ එක්කර බ්ලෙන්ඩර් කරගන්න.
ඊළඟට මේ මිශ්‍රණයට වතුර ස්වල්පයක් සහ දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කර පානය කරන්න.
අවශ්‍ය නම් පමණක් මී පැණි හෝ සීනි රස අනුව එකතු කරගත හැකියි.
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. )
Share This Article