එයා ඔටිසම් රෝගියකු බව දැනගන්නේ මෙහෙමයි ?
Friday, 26 April 2024 - 11:45 | Views - 545

ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ ගැන හරිහැටි දැනුමක් නැතිව ඇති.

ඔටිසම් රෝගය රෝග කාණ්ඩයක එකතුවක්. විශේෂයෙන් ස්නායු වර්ධනය සම්බන්ධයෙන් පැනනඟින ගැටලුකාරී තත්ත්වයක්. මේ සඳහා ජානමය බලපෑම් මෙන්ම පාරිසරික බලපෑම්ද යන දෙයාකාරයේම බලපෑම් හේතු වෙනවා.

විශේෂයෙන්ම ඔටිසම් රෝගී ලක්‍ෂණ සහිත දරුවා උපතේදී හඳුනාගන්න බැහැ. බොහෝ විට දරුවාට මාස 18ක් හෝ මාස 24ක් ගෙවී යන අවස්ථාවේදී තමයි රෝග ලක්‍ෂණයන් බාහිරව හඳුනාගත හැකි වෙන්නේ. දරුවා සමාජයීය වශයෙන් සහ භාෂාමය වශයෙන් සන්නිවේදනය කිරීම ආරම්භ වීමත් සමඟ දරුවාගේ අසාමාන්‍ය චර්යාවන් තුළින් තමයි ඔටිසම් රෝගයේ ලක්‍ෂණ මතුවන්නේ.

මූලික වශයෙන් මෙම රෝග තත්ත්වය දරුවකුගෙන් දැක ගත හැකි වන ආකාරයන් කිහිපයක් තියෙනවා. එනම්,

ශබ්දවලට ප්‍රතිචාර දැක්වීම, හැරී බැලීම, සිනහවීම, කුසගිනි බව හැඟවීම ආදී හැසිරීම් සාමාන්‍ය දරුවකුට වඩා ඔටිසම් රෝගී තත්ත්වයේදී වෙනස් වෙනවා. ඔටිසම් රෝගී තත්ත්වය ඇති ළදරු දරුවකු නම් ශබ්දවලට ප්‍රතිචාර දැක්වීම කරන්නේ නෑ. ඇස් දෙක බලා කතා කිරීම කරන්නේ නෑ. නමුත් එකම  වචනයක්, කෙටි වදනක් නැවත නැවත කියනවා. ඇතැම් විට මේවා මූලික රෝගී ලක්‍ෂණ වන්නටත් පුළුවන්.

දරුවා බඩගාගෙන යන සමය, අල්ලාගෙන නැඟිටීමට උත්සාහ දරන සමය වනවිට මෙම දරුවන් සෙල්ලම් කරන්නේ අනිත් දරුවන්ගෙන් වෙනස් ආකාරයටයි. සෙල්ලම් බඩු කිහිපයක් පෙළට ගොඩගැසීම, වාහනයක නම් රෝද පමණක් කරකැවීම, එක පෙළට ගොඩ ගැසූ සෙල්ලම් බඩු නැවත නැවත ඒ ආකාරයටම සැකසීම, තනිවම සෙල්ලම් කිරීම, කාමරයේ මුල්ලකට වී සෙල්ලම් කිරීම ආදිය හැසිරීම් ලක්‍ෂණ දකින්න පුළුවන්. ඔබට එය හොඳින් විමසා බලන්නට පුළුවන් දෙයක්.

දරුවාට වයස අවුරුදු පහ පමණ වනවිට ඔටිසම් තත්ත්වයේ සිටින දරුවන් තමන් අන් අයගෙන් වෙනස් බව යම්තාක් දුරකට අවබෝධ වීමට පටන් ගන්නවා. මේ දරුවන්හට හැඟීම් වාචිකව ප්‍රකාශ කිරීමට ඇති බාධාව නිසා අනිත් මිතුරන්ට ඔහුගේ හැඟීම්, අදහස් තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් මේ නිසා උදා වෙනවා. එවන් අවස්ථාවලදී ඔටිසම් රෝගී තත්ත්වයේ දරුවන් ප්‍රචණ්ඩකාරීව හැසිරීමට පවා උත්සාහ කරන්න පුළුවන්. සමහරවිට ඇ¾ඩීමට, තමාටම තුවාල කර ගැනීමට, නුරුස්සන ගතියක් ප්‍රදර්ශනය කිරීම මොවුන්ගෙන් දකින්න පුළුවනි.

මෙම රෝගය ඇති ඇතැම් දරුවන් කතා කරන අතර ඇතැමුන් වාචිකව කතා කරන්නේ නෑ. වාචිකව කතා නොකරන දරුවන් හස්ත සංඥාවන් හෝ වෙනත් සංඥාමය ක්‍රමයකින් සන්නිවේදනය කිරීමට පටන් ගන්නවා. මේ සන්නිවේදනය දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්නත් පුළුවනි. ඒ වගේම ඔවුන්ටම ආවේණික වන්නටත් පුළුවනි. ඒ වගේම රූපවාහිනියේ ප්‍රචාරය වන යමක් තේරුමක් නොදැන නැවත නැවත කියවීමට මෙම දරුවන් උත්සාහ කරන්නට පුළුවනි.

හොඳින් විමසා බැලුවොත් ඇතැම් දරුවන් ඇඟිලි තුඩුවලින් ඇවිදීම තුළින් මුල් කාලයේදීම ඔටිසම් රෝගී තත්ත්වයක් ඇතිද යන්න සොයා ගන්නට පුළුවනි. ඒ වගේම ශබ්දවලට මේ දරුවන් ඉතාමත් සංවේදී වන අතර ඇතැම් දරුවන් කුඩා ශබ්දයකදී පවා නින්දෙන් ඇහැරෙන අතර ඇතැමුන් අධික ශබ්දයකදී එයට අකැමැත්ත ප්‍රකාශ කරන්නේ අත්වලින් කන්දෙක වසා ගනිමිනුයි. ඒ බව ඔබ සිහියේ තබා ගන්න.

ඔටිසම් රෝගී තත්ත්වයේ දරුවන් හුරුවූ දෛනික ජීවන රටාවක් තියෙනවා. මෙහි යම් වෙනසක් ඇති වීමට ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් දැකීමට පුළුවන්.

“ඔටිසම් රෝගය මුළුමනින්ම සුව කළ හැක්කක්ද?” කියා ඔබ විමසන්නට පුළුවන්. ඇත්තටම කීවොත් එය මුළුමනින්ම, එනම් සියයට සියයක් සුව කළ නොහැකියි. ජීවිත කාලය පුරාවටම තිබෙන්නට පුළුවන්. නමුත් එම රෝගය වැලඳී තිබෙන දරුවන් රැක බලා ගැනීමේදී එය සිදු කරන ආකාරය ගැන ඔබ පූර්ණ අවබෝධයකින් නම් සිටිය යුතුයි. රැක ගැනීමත් ආදරය දක්වා බලා ගැනීමත් මේ දරුවන්ට ඉතා සංවේදී කාරණාවක්.

නමුත් ඇතැම් දරුවන් එක් එක් ක්‍ෂේත්‍රයන්වලදී ඉතා ඉහළ දක්‍ෂතා දක්වන්නත් පුළුවනි. එවැනි හැකියාවක් තියේ නම් ඒ සඳහා ඔවුන් යොමු කරවන්නත් පුළුවන්. ඒ වාගේම දරුවාගේ කථන හැකියාව පුහුණු කරන්නටත් ඒ සඳහා වූ සුවිශේෂ ව්‍යායාම ක්‍රම හා දැනුම අද බොහෝ පුළුල් විෂයයක් වී තිබෙන්නක්. ඔබට යම් සැකයක් තියේ නම් රජයේ රෝහලේ මේ පිළිබඳවම සිටින වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගත හැකියි. ප්‍රතිකාර ලබා ගන්නට මඟක් සොයා ගත හැකියි.

(The Health ඇසුරෙනි)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top