මතකයෙන් ගිලිහී යන අපේ බෙහෙත්වල අමුතුම ගුණ දැනගන්න..
Sunday, 21 April 2024 - 11:43 | Views - 121
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් නොතිබුණු කාලේ අපේ පැරැන්නන් ඒ ලෙඩ රෝගවලට නිවසේදීම අත් බෙහෙත් සකසා ගත්තා..

අදටත් ඒ සමහරක් අත්බෙහෙත්වලින් ලැබෙන ගුණය කියාගන්න බැ‍රි තරම්.. මේ ආයෙත් මකත්කරලා දෙන්න යන්නේ අන්න ඒ වගේ අපේ මතකයෙන් ගිලිහී ගිය අත් බෙහෙත් කීපයක් ගැනයි..

අතේ ඇගිල්ලක් තැලුනාම පරණ ගොරකා, කරාබු නැටි සහ සීනක්කාරම් සමානව අරගෙන විනාකිරෙන් අඹරා බැන්දාම හොඳයි.

අතේ පිලිස්සීමක් ඇති වුනාම කූඩළු කොළ ටිකක් අරගෙන කොටා ගත් යුෂ පිලිස්සුන තැන ආලේප කරන්න.

සපත්තුවකට කකුල තැලුනාම ගොරක කැබැල්ලක් පුලුස්සාගෙන එහි අළු ගෙන තල තෙලෙන් අඹරා තුවාලය මත ආලේප කරන්න.

හුමාලයට අත් පිච්චුනාම ඉක්මනින්ම ලුණු වතුරේ බහා තබන්න. දියබුබුලු වලක්වා ගන්න පුලුවනි.

පිළිස්සීමකදී ඇති වෙන දැවිල්ල සහ දියබුබුලු නැගීම නැති කර ගැනීමට නම් බටර් ස්වල්පයක් ආලේප කරන්න. දැවිල්ල නැති වේවි.

හාතාවාරිය අල මිරිකා ගත් යුෂ පිලිස්සුන තුවාල මත ආලේප කිරීමෙනුත් දිය බුබුළු නැගීම නැති වේවි.

හදිසියේ පත්තෑයෙක් දෂ්ට කලොත් ඇන්තූරියම් මලේ කරල වැනි කොටස දෙහි ඇඹුලෙන් උරගා ගාන්න.

තවත් අත්බේතක් තියෙනවා. දෂ්ට කළ තැන රතුළූණු ගෙඩියක් ගල්වන්න. එයින් පසුව පොල් කොහු ලණුවක් පුලුස්සා පොල්තෙලෙන් අඹරා ගාන්න.

ගමන් ගිහින් ආවාම දෙපාවලට ඇති වෙහෙස නැති කරන්න නම් මද උණුසුම් ජලයට ෂැම්පු බින්දු කීපයක් කලවම් කරගෙන කකුල් රඳවා තබන්න.

යටිපතුලේ වේදනාවට ගොරකා කැබැල්ලක් තම්බා ගත් ජලයේ දෙපා රඳවා තබන්න.

කටුවක් ඇනුනාම අමුකහ, පොල් එකට අඹරා ගෙන එය කෝමාරිකා පලුවක් මැදට දමා එය උණු අලුපල්ලේ තබා බඳින්න.

ඔන්න තරබාරු යුවතියක් නම් කොල්ලු ආහාරයට ගන්නකෝ... තරබාරුවට පිලියම් ලැබේවි.

උගුර බැරැන්ඩි නම් අමු ඉඟුරු උණු අලු පල්ලේ තම්බා ගෙන සුකිරි සමග හොඳින් හපා ගිලින්න.

නියපොතු දිරනවා නම් කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් අරගෙන එය තලා සීනි ස්වල්පයක් සමග මිශ්‍ර කර ගෙන නියපොත්තට තබා බඳින්න.

අළුහම් ඇත්තේ නම් කෙසෙල් ගෙඩියක් පුලුස්සා අලුහම් මත ගාලා පැයකින් පසුව සෝදා හරින්න. අලුහම් නැති කර ගන්න ස්වභාවික ප්‍රතිකාරයක්.

කකුල් හිරිවැටුනම හිරිවැටුන කකුල අනිත් කකුලේ මහපටැගිල්ලෙන් තදින් අල්ලා ගෙන සිටින්න. හිරි ගතිය නැති වේවි.

විලුඹ පැලී අවලස්සන පාද වලට මේ ප්‍රතිකාරය කරලා බලන්නකෝ...පාවට්ටා එහෙම නැත්නම් ආඩතෝඩා කොළ සහ අමු කහ තම්බලා එය අතපොවන රස්නයට නිවා කකුල් ඒ වතුරේ බහා ගෙන ඉන්න.

මීමැස්සෙක් දෂ්ට කලොත් එසැනින්ම ලුණු වතුරෙන් පොගවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ තැන පිසින්න.

( අන්තර්ජාලය ඇසුරින්.. )


Share This Article
Hiru Tv Blog
මිග්‍රේන් (Migraine) කියන නම ඇහුණත් ඇති ඔළුව...
Hiru Tv Blog
කාලයෙන් කාලයට ව්‍යාප්ත වෙන රෝග අතර මේ...
Hiru Tv Blog
කෝමාරිකා ජූස් (Aloe vera juice) කියන්නෙ වර්තමානයේ...
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
නර්තනය කියන්නේ ඇගේ ජීවිතයේම කොටසක්..හැමදාමත් වගේ ඇයගේ සෙවනැල්ල වගේ පසුපසින්...
Hiru Tv Blog
ලෝකේ වටේම රවුම් ගහන්න යන එක එයා දැන් පුරුද්දක් කරගෙන..ඒ වගේමයි ලංකාවේ ඉන්න ඒ තරම්...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් ගැන තමයි අපි මේ...
Hiru Tv Blog
නාසා ආයතතනය විසින් අඟහරු ග්‍රහයාගේ අධ්‍යන කටයුතු සිදු කිරිම සදහා යොමු කරන...
Hiru Tv Blog
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ මෙතෙක් ලබාගත් විශාලතම සහ තියුණුම රූපය ලබා ගැනීමට...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 712 Views
Top