නිවිති සහ ඉඟුරු වලින් බඩ අඩු කරන සුපිරි පානයක්..
Friday, 19 April 2024 - 15:23 | Views - 602
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට තියෙන ප‍්‍රධානම ප‍්‍රශ්නයක්නේ. ප‍්‍රමාණවත් තරමට ව්‍යායාම ශරීරයට නොලැබීම සහ අක‍්‍රමවත් ආහාර පුරුදු මෙයට ප‍්‍රධානතම සාධකයන්. කාර්ය බහුල ජීවිතයත් එක්ක හුඟක් වෙලාවට ව්‍යායාම කිරීම අතපසු වෙනවනේ.
අපි මිට කලිනුත් බඩ අඩු කර ගැනීමට මෙන්ම මහත් අඩු කරන ගෙදරදීම සාදා ගන්න පුළුවන් විශේෂිත පාන වර්ග බොහොමයක් ගැන දැනුවත් කරා. ඔන්න අද කියන්නේ නිවිති සහ ඉඟුරු මඟින් බඩ අඩු කරගන්න පුළුවන් විශ්මිත පානයක් හදන හැටි ගැන.
අවශ්‍ය දේ..
– ඇපල් ගෙඩි හෝ පෙයාස් ගෙඩි 2ක්
– පොතු සුද්ද කරගත් අලි පේර ගෙඩි 1ක්
– නැවුම් නිවිති කෝප්ප 1 ක්
– කුඩුකරගත් ඉගුරු මේස හැදී 2ක්
– ලෙමන් යුෂ මේස හැදී 1 ක්
– පෙපර්මින්ට් මිංචි කොළ* 10-20ක්
සියල්ල බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඞ් කරගන්න. මෙම පානය ශීතකරණයේ තබාගෙන දවසට කීප සැරයක් පානය කරන්න. මෙහි බහුලව ඇති ඛණිජ, විටමින් සහ තන්තු ආහාර ජීර්ණය මනාව කළමනාකරණය කර ඔබ වැඩිපුර කාලයක් තෘප්තිමත්ව තබයි.
Share This Article