මේවාට ඇබ්බැහි වෙලා නම්, ඔබත් අනතුරේ..
Thursday, 11 April 2024 - 12:31 | Views - 517

මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස කෑම බීමවලට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න, පාවිච්චිය අඩු කරන්න හෝ නවත්වාගන්න මොනවද කරන්න පුළුවන්..01. අනතුර දැනගනිමු මේක බොහොම සරල පියවරක්. කරන්න තියෙන්නේ එක්කෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන එක නැතිනම් Google සර්ච් කරලා බලන එක. ඒ තමයි සීනි අධිපරිභෝජනයේ අවදානම කියන එක. එහෙම නැතිනම් වැඩියෙන් සීනි කෑ විට වැළඳිය හැකි ලෙඩරෝග කියන එක. අන්න එතකොට තමන්ට දැනගන්න පුළුවන් මොන වගේ අන්තරාවකද තමන් ඉන්නේ කියලා. ඇත්තටම මේ අවදානම දැනගන්න එක තමයි පළවෙනි පියවර. එහෙම නැතුව අපිට ඇත්තටම අධික සීනි පරිභෝජනයෙන් මිදෙන්න ඕන කියන සිතුවිල්ල ලැබෙන එකක් නෑ.හැබැයි එකක්. මේ අවදානම දැනගත්තත් සමහරු හිතනවා ඒ ලෙඩරෝග අනික් අයට හැදුණත් තමන්ට හැදෙන්නෙ නෑ කියලා. අන්න ඒ අදහසත් වෙනස් කරගන්න වෙනවා. ඕනම කෙනෙක්ට මේවා හැදෙන්න පුළුවන්. තමන්ටත් ඒ අවදානම ඉතාම ඉහළින් තියෙනවා, දැනටමත් සෑහෙන්න සීනි කන කෙනෙක් නම්.2. ප්‍රමාණය අඩු කරමු මේකට නම් ඉතින් හොඳ අධිෂ්ඨාන ශක්තියක් තියෙන්න ඕන. එතකොට ඒ අධිෂ්ඨාන ශක්තිය එන්නේ උඩ කියපු කාරණාවෙන් පස්සේ. හිතාගන්න තමන් සීනි පරිභෝජනය අඩු කරන්නේ තමන්ගේ ශරීරයේ හොඳටයි කියලා. දැන් එක පාරම නවත්තන්න ඕන නෑ. අපිට පුළුවන් ප්‍රමාණයන් අඩු කරන්න.හැබැයි ඉතිං මේක බොහොම සවිඥාණිකව කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ, තමන් වෙනදට බිස්කට් පැකට් එකක් කනවා නම්, ඒක දවස් කිහිපයක් ඇතුළත එක බිස්කට් එකකට බස්සන්න ඕන. තමන් වෙනදට තේ එකට සීනි හැඳි 03 ක් දානවා නම්, ඒක එක හැන්දකට වගේ බස්සන්න ඕන. වෙනදට තමන් චොකලට් කනවා නම්, දවසකට එක චොකලට් බාර් එකක් කන පුරුද්ද, කෑම කෑවට පස්සේ කන එක චොකලට් කෑල්ලකට අඩු කරන්න ඕන. ඕන නම් මේක කැලරි ප්‍රමාණය ගණන් කරමින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ පැණිරස කෑමවලින් දිනකට ලැබෙන කැලරි ප්‍රමාණය 150 කට වඩා ඉහළ යන්න ඉඩ දෙන්නෙ නෑ වගේ දෙයක් කරන්න පුළුවන්.3. කෑම මිශ්‍ර කරමු සමහරුන්ට තියෙනවා ප්‍රමාණය අඩු කරන්නත් හිත හදාගන්න බැරි ගතියක්. ඒ කියන්නේ අධිෂ්ඨාන ශක්තියේ අවුලක් තමයි. හැබැයි සැලෙන්න එපා. ඒවලටත් කරන්න දේවල් තියෙනවා. අපිට පුළුවන් කෑම වර්ග මික්ස් ඇන්ඩ් මැච් කරන්න මෙතනදී. උදාහරණයක් විදියට ගත්තොත්, අපි වෙනදට කුකීස් පැකට් එකක් කන එක අපි එක කුකී එකකට අඩු කරනවා කිව්වනේ. හැබැයි අපි එතනින් නවතින්නේ නැතුව තව දේවල් ඒකට ඇඩ් කරනවා.ඕන නම් අර ඕට්ස් කුකීස් දෙකතුනක් එක්ක චොකලට් කුකී එකක් මික්ස් කරලා කන්න පුලුවන්. එතකොට වෙනදට කන චොකලට් රස කෝර්න්ෆ්ලෙක්ස් වෙනුවට ඕට්ස් හදලා, ඒකට චොකලට් සිරප් හෝ ඒ වගේ රස ගන්වන පොඩි ප්‍රමාණයක් දාලා කන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, මේක දීර්ඝකාලීන සැලසුමක් නෙවෙයි. හිත රවට්ටගෙන මේක දිගටම කරන්න හිතන්න එපා.4. පලතුරු කමුදඇත්තටම සීනි පරිභෝජනය නවත්තන්න හිතන කෙනෙක්ට පලතුරු කියන්නේ දේවාශිර්වාදයක් වගේ. මොකද අර උඩ කියපු විදියට තමන්ට සීනිවලට ආදේශ කරන්න පුළුවන් හොඳම කෑමක් තමයි පලතුරු. අපි සීනි පරිභෝජනය අඩු කරගෙන යනවා නම්, අපිට පුළුවන් අත ළඟ පලතුරු තියාගන්න.හැබැයි මතක තියාගන්න, මෙතනදී කොමඩු, වේලපු මිදි, අන්නාසි, ගොඩක් ඉදුණු කෙසෙල් වගේ සීනි ප්‍රමාණය වැඩි පලතුරු අතඅරින්න ඕන. ඒ වගේම රතු ඇපල් වගේ දේවල් පරිභෝජනය නොකර ඉන්න ඕන. හොඳම පලතුරු වර්ග තමයි පේර, කොළ ඇපල්, අලිගැටපේර, බෙරි වර්ග එහෙම. හැබැයි එකක්. මෙතනදීත් අර සීනිවලට දෙන්නේ දවසකට කැලරි 150 යි කියන නියමය රකින එක අවශ්‍යයි. මොකද, උඩ කියපු පලතුරු වර්ග වුණත් සම්පූර්ණයෙන්ම සීනිවලින් තොර නෑ. ඒ නිසා පලතුරු වුණත් අසීමිතව කාලා හරියන්නෙ නෑ.5. සම්පූර්ණයෙන් නවත්තමු දැන් සමහරුන්ට නම් සීනි සම්පූර්ණයෙන් නවත්තන එකත් ඵලදායී වෙනවා කියලා වෛද්‍යවරු කියනවා. ඒ කියන්නේ සීනි අධිකව තියෙන කෑම සම්පූර්ණයෙන්ම නවත්තනවා. හැබැයි මේ වැඩේ කරන්න කලින් වෛද්‍යවරයෙක් හෝ පෝෂණවේදියෙක් මුණගැහිලා, තමන්ට ගැලපෙන ආහාර ලැයිස්තුවක් හදාගෙනම වැඩේට බහින එක හොඳයි. ඊට පස්සේ සීනි නවත්තලා, ඒ වෙනුවට උඩ කියපු විදියට එළවළු, පලතුරු, ඇට වර්ග ආදේශක යොදාගන්නවා. මේක ඇත්තටම පළවෙනි දින 2-3 අතර කාලයේදී තමයි අමාරු. හැබැයි පැය 72 පැන්නට පස්සේ අපි ඒකට හුරුවෙන්න පටන් ගන්නවා.
Share This Article