අරළු වල මේ ගුණ දන්නවා නම් ඔබ මවිතයට පත් වේවි..
Sunday, 07 April 2024 - 12:51 | Views - 1,758
ද‍්‍රවිඩ භාෂාවෙන් ‘අමගෝලා’ හින්දි භාෂාවෙන් ‘හරාරා’ සංස්කෘත භාෂාවෙන් ‘අමෝගා’ යන නමින් ආයුර්වේදයේ හැඳින්වෙනවා. අරළු යනු ආයුර්වේදයේ සහ හෙළ වෙදකමේ එන නමයි. එය ස්වරූපයෙන් හොඳින් වැඩෙන ශාකයකි. අඩි 30-40 උසට වැඩෙනවා. අතු පහළට හෙළා වැටෙන අතර ගෙඩියක දිග සෙන්ටි මීටර් 2ක් පමණය. අරළු ගෙඩිය වියළීමෙන් පසු දුඹුරු පැහැය ගනී. ඖෂධයක් ලෙස බහුලව භාවිත වන්නේ අරළු ගෙඩිය.

අරළු ගුණයෙන් ලඝු, රුක්ෂ වීර්යයෙන් උෂ්ණද, විපාකයෙන් මධුරද, රසයෙන් කෂාය ද, අම්ල, කටුක, තිත්ත රසද වෙයි. ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට ද ධාරණ ශක්තිය වර්ධනය කිරීමටද ශරීර ෙසෙල පුනරුත්ථාපන හැකියාවද අරළු සතුව පවතී.

තවද හෘදයේ ක‍්‍රියාකාරීත්වය රැුකගැනීමේ හැකියාවද පවතී. ඇස් රෝග, චර්ම රෝග, අර්ශස්, හෘද රෝග, උදර රෝග, ආතරයිටිස්, පිළිකාව, මල බද්ධය, මුඛ රෝග, සුව කිරීමේ හැකියාව මෙන්ම ශරීරයේ දූෂිත වූ රුධිරය පිරිසුදු කිරීමේ හැකියාවද පවතී.

උදර විරේකයක් ලෙසද අරළු භාවිත කරයි. කෙසේ නමුත් ප‍්‍රථමයෙන් බඩ විරේකයක් කර අනෙකුත් රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම වඩාත් සුදුසුය.

හිසකෙස් ගැටලූ විසඳන සත්කාර 4ක්

හිසකෙස් දිගු කරගැනීම බොහෝ දෙනකුගේ සිහිනයක්. කාලගුණ වෙනස්වීම, වතුර නිසා ඇති වන ප‍්‍රශ්න වගේ බොහෝ හේතු නිසා හිසකෙස්වල ගැටලූ ඇතිවෙන්න පුළුවන්. නිතර අරළු ඖෂධ භාවිත කරනවා නම් හිසකෙස් දිගුකර ගැනීම අපහසු නැහැ.

අරළු ඇල් දියෙන් අඹරා හිස ගෑමෙන් හිස්හොරි, හිසකෙස් ගැලවීම, හිසකෙස් දුර්වර්ණ වීම නවතී.

අරළු ගෙඩි 6ක් පමණ තළා එයට පොල්තෙල් කොප්ප එකක් පමණ දමා නටන තෙක් රත් කරන්න. පසුව පෙරාගත් තෙල් හිස ගැල්වීමෙන් හිසකෙස් ගැලවී යෑම නවතී.
අරළු, ගිතෙල් ආහාරයට ගැනීමෙන් හිසකෙස් ශක්තිමත් වෙයි. ගැලවීම නවතී.

අරළු, කීකිරිඳිය යුෂ, කෝමාරිකා යුෂ සමඟ අඹරා ආලේප කිරීමෙන් හිසකෙස් පෝෂණය වෙයි.

රුව වඩන රහස් 3ක්

අද බොහෝ දෙනෙක් තම රූපය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමද දැකගත හැකිය. ආයුර්වේදය මෙන්ම හෙළ වෙදකමෙන්ද අරළු රූපලාවණ්‍ය කටයුතු සඳහා බහුලව භාවිත කරන්න පුළුවන්. අරළුවලින් රූපලාවණ්‍ය ප‍්‍රතිකාරයක් කිරීමට පෙර ළය විරේකයක් කළයුතු වෙනවා.

ළය විරේකය

මඳක් වියළි අරළු ගෙඩියක් පුලූස්සා හොඳින් අඹරා සීනි සමඟ මිශ‍්‍ර කර රාත‍්‍රි කෑමට පසු ආහාරයට දීමෙන් පසු දින උදේ බඩ විරේක වෙයි. එම නිසා පසුදින හිමිදිරියේ උණුසුම් ජලය, ලූණු කැඳ වතුර පානය කිරීම සුදුසුය.

අරළු කුඩු, උක් හකුරු සමව ගෙන මී පැණි වියළි ඉඟුරු සමඟ අඹරා තිබ්බටු ගෙඩියක ප‍්‍රමාණය හිස්බඩ ගැනීමෙන් රුධිරය පිරිසුදු වී සම රැුලි වැටීම සහ සම අවපැහැවීම වැළැකෙයි. ශරීරය වර්ණවත් වේ. එක දිගට දින 7,14, 21 පමණ ගැනීම සෑහේ.

අරළු පලමක් ගෙන ගිතෙල්වලින් හොඳින් අඹරාගෙන එයටම මී පැණි පලමක්ද ගෙන කලවම් කර තබාගෙන සෑම දිනකම උදෑසන හිස්බඩ තිබ්බටු ගෙඩියක ප‍්‍රමාණයක් කන්න. මාස 3ක් පමණ එක දිගට ගැනීමෙන් සම වර්ණවත් වී සමේ රෝග සුවවී ලප කැළැල් ඉවත් වෙයි.

පලමක් යනු – ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයකි.

වේදනාකාරී රෝග තුනකට සහනය

නිතර සෑදෙන ඉතාම වේදනා සහගත රෝග තුනකට ප‍්‍රතිකාර ලෙස අරළු යොදාගත හැකි බව පැවැසුවහොත් ඔබ පුදුමයට පත් වෙයි. නමුත් සත්‍ය වශයෙන්ම එලෙස අරළුවලින් ලබාගත හැකි ගුණ බොහෝය.

ඇඟිලිකරුවල ආසාදනයට

අරළු ගෙඩියේ මාංස කොටස සහ කහ, පොල්තෙල්වලින් අඹරා රාත‍්‍රි නින්දට පෙර පාදයේ ඇඟිලිකරු අතර ආලේප කරන්න.

යටිපතුල් පැළීමට

දෙපා මඳ රස්නය වතුරක දමා ස්වල්ප වේලාවක් තබා නැවැත ගෙන හොඳින් පිසදා අරළු කුඩු රත් කරගත් පොල්තෙල්වලින් අඹරා ආලේප කරන්න.

ලේ හීදන්ගායට

උළුහාල්, දෙළුම් ලෙලි, අරළු, නුග (බිම නොගෑවුණු නුග මුලක අග පොතු) සිවම්ගුරු, හාල්පානු වතුරින් අඹරා, තිබ්බටු ගෙඩියක පමණ ගුළියක් සාදාගන්න. නිවුණු උණු වතුරින් දවසට තුන්වරක් කෑමට පසු බොන්න. දින කිහිපයක් නොකඩවා ගන්න. මත්පැන් පානය හෝ වෙනත් හේතුවක් නිසා හටගන්නා ලේ හීදන්ගාය කොපමණ පරණ වුවද මෙම ප‍්‍රතිකාරයෙන් සුව වෙනවා.
Share This Article
Hiru Tv Blog
කලා ක්ෂේත්‍රය ඇතුළේ ඉහළින්ම වැජඹෙන, නිතරම වගේ හැමෝගෙම කතාබහට ලක්වෙන තාරකාවක්...
Hiru Tv Blog
සුහන්දි වොශදී කියන්නේ මේ දිනවල ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම මෙන්ම ප්‍රේක්ෂක...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් වගේම නිවේදකයෙක් විදියටත් නිතරම අපේ ආලින්දයට...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top