සෞඛ්‍යසම්පන්න වෙන්න නම් , චොක්ලට් නොකාම ඉන්න ඕනද ?
Tuesday, 02 April 2024 - 16:17 | Views - 447

සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැන කතා කරද්දි අපිට නිතරම ඇහෙන කතාවක් තමයි හැකි තරම් පැණිරස කෑම - බීමවලින් ඈත්වී සිටීම අනිවාර්යයි කියන දේ.
බොහොමයක් චොක්ලට්, රස කැවිලි හා අතුරුපස වගේම පැණි බීම වර්ගවලත් සීනි සහ කැලරි විශාල ප්‍රමාණයක් අඩංගුයි.
ඒ නිසා ඇත්තෙන්ම මේවා පමණ ඉක්මවා ගැනීම නම් ශරීර සෞඛ්‍යයට අහිතකර බව හා ඔබේ සිරුරේ බර අනවශ්‍ය ලෙස වැඩිවීමටත් හේතුවන බව සත්‍යයක්.
නමුත් ඔබ චොක්ලට් රසට අතිශයින්ම ප්‍රිය කරන කෙනෙක් නම් මේ කරුණු නිසා චොක්ලට් ඔබේ ආහාර වේලෙන් ඉවත් කිරීමට සිදුවීම ඔබට අසීරු වෙන්න පුළුවන්.
එහෙනම් අද අපි කියලා දෙන්න හදන්නෙ, චොක්ලට් අතහරින්නේ නැතුව සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගන්න විදිහ ගැනයි.
* මුලින්ම, ඔබ හොඳ වර්ගයේ චොක්ලට්, එහෙමත් නැත්නම් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු Dark chocolate (ඩාර්ක් චොක්ලට්) තෝරාගත යුතුයි.
* ඩාර්ක් චොක්ලට් කියන්නෙ ඔබ නොදන්නවා වුනත්, ඔබ නොසිතන තරම් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙලා තියන අහාරයක්.
* විශේෂයෙන්ම ඉතා ඉහළ කැලරි ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙන නිසා, ඉතාම පොඩි චොක්ලට් ප්‍රමාණයකින් වුණත් දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබාගන්න ඔබට හැකියාව ලැබෙනවා.
* මීට අමතරව ෆයිබර් (fiber) හා මැග්නීසියම් (magnesium) වැනි සංඝටකත් ඩාර්ක් චොක්ලට්වල අඩංගු වෙනවා. ඒ නිසා වෙනදා මෙන් milk chocolate (මිල්ක් චොක්ලට්) හෝ විවිධ රස කළ චොක්ලට් තෝරාගැනීම වෙනුවට හොඳ තත්ත්වයේ ඩාර්ක් චොක්ලට් තෝරාගන්න ඊළඟ වතාවේදී ඔබට පුළුවන්.
එසේම, චොක්ලට් ආහාරයට ගන්නා අතරම ඔබේ ආහාර වේලට වැඩිපුර නැවුම් එළවළු සහ පලතුරු, ධාන්‍ය වර්ග, කොළ වර්ග සහ රතු පැහැ මස්, මාළු, කිරි හා බිත්තර වැනි ආහාර එකතු කරගන්න ඔබ සැළකිලිමත් විය යුතුයි.
Share This Article