හිස කෙස් වවා ගන්න, මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත්..
Tuesday, 02 April 2024 - 10:43 | Views - 709
කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප‍්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නෑනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් අංගයන් ලෙස ගත හැකියි.

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක‍්‍රම කීපයක් ගැන.

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.

කරපිංචාවල ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප‍්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1. හිස කෙස් වැටීම වලක්වයි.

2. හිස කෙස් මුල් ප‍්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි.

කරපිංචා ෂැම්පු

– කරපිංචා කොළ කෝප්ප භාගයක්

– වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,

සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා සහ කොහොඹ

– කරපිංචා කොළ 7-8

– කොහොඹ කොළ 7-8

– සියඹලා කුඩු තේ හැදී 3

– යෝගට් තේ හැදී 3
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප‍්‍රතිපල ලබා ගත හැකියි.

කරපිංචා සහ උළුහාල්

– කරපිංචා කොළ කෝප්ප භාගයක්

– උළුහාල් මේස හැදී 2

– වතුර කෝප්ප ඃ
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.

කරපිංචා තෙල් එකක් ලෙස

– පොල් තෙල් කෝප්ප ඃ

– කරපිංචා කොළ 7-8

කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top