දත් කැක්කුම පටස්ගාලා නැති කරගන්න මෙන්න ක්‍රම..
Sunday, 31 March 2024 - 11:07 | Views - 784

ගොඩක් අය දන්නවා ඇතිනේ කොහොම වේදනාවක් ද , දත් කැක්කුම ගෙනෙන්නේ කියලා . ඒ වෙලාවට දත් කැක්කුම , විනාඩි 5ක් ඇතුලත නැති කර ගන්න සරල ක්‍රම ටිකක් තමයි මේ කියන්න යන්නේ..

01. අයිස් කැට


ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

02. දෙහි

මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්‍රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකය  ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.

03. ඉගුරු

මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

04. ලූණු

ලූණු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ලූණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ලුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ලූණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

05. කරාබුනැටි

දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙලදපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ්‍රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිබෙනවා.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top