මුහුණේ කැළැල් මැකී යන්නේ නැත්නම් , මේ දේවල් කරන්න..
Tuesday, 12 March 2024 - 12:27 | Views - 855
කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝ කාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට හානිවන බව නම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට පහසුවෙන් සපයාගත හැකි විටමින් E සහ තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

විටමින් E සහ පොල් තෙල්,

පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

විටමින් E සහ ලෙමන් යුෂ,

නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්.

විටමින් E සහ කෝමාරිකා,

කෝමාරිකා කියන්නේ සමට ගොඩාක් හිතකර ඖෂධයක්. ඒ වගේම සුන්දරත්වය රැක ගන්න කෝමාරිකා වලින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. සූරා ගත් කෝමාරිකා මද තේ හැඳි 2කට විටමින් E කරලක තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න. විනාඩි 20-30 කින් ඉවත් කරන්න. සතියට දෙවරක්, තුන් වරක් ආලේප කරන්න.

කොකෝවා බටර් සහ විටමින් E,

කොකෝවා බටර් සමට පෝෂණය ලබා දෙන අතරම පහසුවෙන් සම තුළට අවශෝෂණය වෙනවා. ඒ නිසා ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. විටමින් E කරලක තෙල් හා කොකෝවා බටර් ස්වල්පයක් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top