අකලට හිස කෙස් සුදු වෙලාද? නිට්ටාවටම සුවකර ගන්නේ මෙහෙමයි..
Wednesday, 06 March 2024 - 10:03 | Views - 582
බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.

මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද?

පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි.

පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද?

ඔව් , ඉන් කීපයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌ හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි. බහුතර පීනස්‌ රෝගීන් පිරිසක්‌ ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා.

ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?

නිසි ලෙස නොව නිට්‌ඨාවටම සුවකළ හැකියි. නමුත් බොහෝ දෙනෙක්‌ මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යැයි සිතා සිටිනවා. නමුත් ඉතා පැහැදිලිවම කිව හැකියි, නිවැරැදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්‌ඨාවටම සුවය ලැබිය හැකියි.

බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක්‌ මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්‌න ක්‍රම කර, සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන නමුත් රෝගය සුව නොවී තියෙනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග සොයාබලා, ඒ ඒ රෝගියාට වැලඳී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් තමයි මෙම රෝගය සුවකළ හැක්‌කේ. ඒ අනුව සිතා බලන විට, එකම රෝගය වුවත් මෙයට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top