වියදමක් නැතුව නිරෝගීව ඉන්න පුළුවන් , පානයක් මේක..
Thursday, 29 February 2024 - 8:52 | Views - 1,147

හැමදාමත් ගොඩක් වෙලාවට අපි බොන්නේ තේ හරි කෝපි හරි නේ.. ඒ දෙකට අපි ගොඩක් හුරු වෙලා..ඒත් ඉතින් ඒ ඇරුණම අපට ගුණ දෙන ගොඩක් ඖෂධීය පාන වර්ග අපේ හෙළ වෙදකම ඇතුලේ තියනවා...අද වෙනකොට ඒවා භාවිතයෙන් ටික ටික ගිලිහුණත්, ආයේ ආයේත් මේ ගැන අපි මතක් කරලා දෙන්නේ ඇත්තටම ඒවා අපේ ශරීර සෞඛ්‍යට ගොඩක් ගුණදායක නිසයි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තව එක පානයක් ගැන.. බෙලි කොළ පානය.. ඔබත් මේ ඉමිහිරි පානයේ රසවිදගන්න කැමතිද..?බෙලි කොළ කිහිපයක් කඩා හොඳින් සෝදා කුඩාවට කපා පුරවලා අඬු කෝප්පයක් වතුර දමා විනාඩි 5 ක් පමණ උතුරවා පෙරා අවශ්‍ය නම් හකුරු කෑල්ලක් හෝ රතු සීනි දමා වුවද පානය කරන්න පුළුවන්..තේ කෝපි වෙනුවට පාවිච්චි කරන මේ පානය ඉතාමත් මිහිරි සුවඳක් හා රසයක් ඇති නිසා මම නම් සීනි හෝ හකුරු පාවිච්චි කරන්නෙ නෑ..ප්‍රයෝජන..
* අකලට සම මහළු වීම වලකා, හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති වන සංකූලතා වලකයි,
* කුරුලෑ වැනි සමේ රෝග නැති කර සම සුවපත් කරයි,
* සෙම, වාතය, ආමය හා වේදනාවන් දුරු කරන ගුණ ඇත,
* මානසික ආතති ඇති අයට බෙහෙවින් ගුණ දායක මෙය, එයින් ඇතිවන අබල දුබලතා දුරලයි,
* දියවැඩියාව සහ අධි රුධිර පීඩනය පාලනය කරයි,
* ගැබිනි මව්වරුන්ට වගේම දරු ප්‍රසූතියට පසුවත් බෙලි කොළ තැම්බූ වතුර පානයට දේ,
* ශරීරයේ දාහය, පිපාසය වමනය සමනය කරයි,
* මළ බද්ධය හා අම්ලපිත්ත රෝග සුව කරයි,
*ආහාර රුචිය වඩවයි,මෙවැනි තවත් බොහෝ වටිනාකම් රැසක් ඇති බෙලි කොළ වගේම බෙලි ගසේ පංචාංගයම ආහාරයට, පානයට වගේම ඖෂධ සඳහා ද යොදා ගැනෙන අතර, බෙලි ගසේ ඉවත දමන කොටසක් නොමැති බවයි ගොඩක් දෙනෙක් කියන්නේ..
Share This Article