ඔයාටත් රාත්‍රීයේ දී මෙහෙම වෙලා තියෙනවා නම්, මෙන්න පිළියම්..
Wednesday, 28 February 2024 - 10:41 | Views - 928
මේක යොවුන් වියේ සිටින බොහෝ දෙනෙක් අත්දැක ඇති සිදු වීමක්.

නින්දේදී ශුක්‍ර්‍රාණු පිට වීම.සමහරු බය වෙනවා මෙය ලෙඩක් කියලා.හැබැයි මේ කියන්න යනේ අන්න ඒ වගේ දුර්මත් නැති කරන දෙයක් ගැන.කියවලාම බලන්නකෝ.

නින්දේදී ශුක්‍රාණු පිට වෙන්නේ ඇයි?

ස්වප්න මෝචනය (wet- dreams) ලෙසද මෙම තත්වය හඳුන්වනවා. මෙම තත්වයේදී සිදු වන්නේ පිරිමි පුද්ගලයන්ට නින්දේදීම සුරතාන්තයට (orgasm) පත් වීමෙන් ශුක්‍ර මෝචනය සිදු වීමයි. මේ සම්පුර්ණ ක්‍රියාවලියම නින්දේදී තමා සිදු වන්නේ.

බොහෝ විට නින්දේදී දකින සිහින මේ තත්වය සඳහා බලපෑමක් කරනවා.

පිරිමි දරුවෙක් වැඩි වියට පත් වීමත් සමඟ වෘෂණ කෝෂ වල ශුක්‍රාණු නිපදවීම සිදු වෙනවා. මෙලෙස නිපදවෙන ශුක්‍රාණු ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයක් සිදු නොවන්නේ නම් නින්දේදී ඉබේම පිට වෙනවා.

නින්දේදී ශුක්‍රාණු පිට වීම ලෙඩක්ද?

මෙය ඉතා සාමාන්‍ය තත්වයක් වන අතර කිසිදු රෝග තත්වයක් නොවේ.

සමහර විට නව යොවුන් වියේ සිටින දරුවන්ට සතියකට 2- 3 වතාවක් මෙලෙස නින්දේදී ශුක්‍රාණු පිට වීම සිදු විය හැකියි. එය ඉතාම සාමාන්‍යයි.

නමුත්,

වයස 40- 50 පමණ වයසේ පමණ පිරිමින්ට මේ තත්වය පවතී නම්,

ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයෙන් ශුක්‍රාණු පිට කල පසුවත් රාත්‍රියේ මෙලෙස ශුක්‍රාණු පිට වේ නම්,

ඒ ගැන වෛද්‍ය වරයෙක්ට යොමු වීම වැදගත්. සමහර විට එය ඉතා කලාතුරකින් ඇති විය හැකි යම් රෝගාබාධයක් විය හැකියි.

ඒ හැර ඉහත සඳහන් කල පරිදි නව යොවුන් වියේ දරුවන්ට නම් මෙය ගැටළුවක් වන්නේ නැහැ.

නින්දේදී ශුක්‍රාණු පිට වීම ගැන සමාජයේ ඇති මිත්‍යා මත

පසු කාලීනව ලිංගික සෞඛ්‍යට මෙය බලපෑම් ඇති කරන බව.

ඇඟ කෙට්ටු වීම.
ස්නායු ආබාධ ඇති වීම.

මේ කිසිදු මතයක සත්‍ය තාවයක් නැහැ. ස්වයං වින්දයන ගැන සමාජයේ ඇති මත සේම මේ ගැනත් පවතින මිත්‍යා මත වල සත්‍යතාවයක් නැහැ.

නින්දේදී ශුක්‍රාණු පිට වීමට පිළියම්

මෙය කිසිවිටෙකත් රෝගයක් නොවන නිසා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේවෙතත්, මේ තත්වයෙන් ඉවත් වීම සඳහා පිළියමක් ලෙස ස්වයං වින්දනය හෝ ලිංගික සංසර්ගයේ යෙදී නිතර නිතර ශුක්‍රාණු පිට කිරීම කල හැකියි.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..) 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top