මඩු ගොබ ව්‍යංජනය, හදාගන්න දන්නවා ද?
Tuesday, 27 February 2024 - 14:09 | Views - 689
මඩු ගොබ කියන්නේ, ගොඩ දෙනෙක් නොදන්නා හරි අපූරූ ගුණදායක ශාකමය ආහාරයක්.ශරීරයට අවශ්‍ය පෝශ්‍යදායි පදාර්ථ රැසක් මෙම මඩු ගොබවල තිබෙනවා. කැලෑ ආශ්‍රිතව හැදෙන මඩු ගස්වල ගොබ ව්‍යංජනය බොහෝවිට ආතරයිටීස් රෝගයෙන් දුක් විඳින රෝගීන්ට ඉතාමත් ගුණදායක වෙනවා. මේ කියන්න හදන්නේ ඉතාමත් ලේසියෙන් මඩුගොබ ව්‍යංජනයක් සකසන ආකාරය ගැන.මඩුගොබ ටිකක්..මිරිස්තුනපහකහලුණුගොරකාරතුලූනුඅබකරපිංචාරම්පේකුරුඳුපොල්කිරි ටිකක්ජලයපළමුව මඩුගොබ ටික අඟලේ කෑලි වලට කඩන්න. ඉන්පසු එම මඩුගොබ ගොරකා දමා ජලයෙන් තම්බා ගන්න. තැම්බූ මඩුගොබ ටික වතුර පෙරා මිරිස්, කහ, තුනපහ, ලුනු, රතුලූණු, කරපිංචා, රම්පේ, ගොරකා, පොල්කිරි දමා කිරට උයාගන්න. උයාගත් මාළුව අබ යොදා තෙල් වලින් තෙම්පරාදු කරගන්න.
Share This Article