හෘදයාබාධයකින් ජීවිතය ගලවා දුන්, දිව්‍යමය ඔසුව..
Thursday, 22 February 2024 - 10:43 | Views - 824
මේ ලිපිය උපුටාගන්නා ලද්දේ හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් තම පියාගේ ජීවිතය සුව වූ විශ්මිත බෙහෙතක් ගැන ඔහුගේ පුතු මුහුණු පොතෙහි පළ කරන ලද සටහනක් ඇසුරෙනි.

මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි.. ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය.සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්‍රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම් ක්‍රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත් නොවීය.


ඒ කාලයේදී අයියාගේ මිතුරෙකු සාමාන්‍ය බෙහෙත් වට්ටෝරුවක් ගැන අයියාට පවසා තිබුනි. ඔහුගේ මවට එය පාවිච්චි කිරීමෙන් පසුව හිර වී තිබූ නාලිකා නැවත පිරිසිදු වී තිබූ බව කියා තිබුනි. ලොකු ව්ශ්වාසයක් නොමැති උනත් අපි ඒ බෙහෙත ගෙදර හදන්න තීරණය කලා.. අනෙක් බෙහෙත් නිර්දේශිත ආකාරයටම ලබා ගන්නා ගමන් එම බෙහෙත තාත්තා වසරක් පමණ එක දිගට නොකඩවා පාවිච්චි කලා.. ඒ අතරතුර කාලයේදී තාත්තා එකෝ පරීක්ෂණයන්ට භාජනය කල අතර එහිදී හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවී තිබූ බ්ලොක් මගහැරී ඇතිබව පරික්ෂන වලදී පැවසූවා.. බයිපාස් සැත්කමක් නොකර ඔහු අද සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවමින් ඉන්නවා.. කොලෙස්ටරෝල් තියෙන අයටත් මේක පාවිච්චි කරන්න පුලුවන්… මෙම බෙහෙතේ හිමිකරු කවුරුද නොදන්නා නමුදු එම බෙහෙත නිසා තාත්ත සුවවූ බව දන්නා නිසා අවශ්‍ය නම් තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට මා එය සැකසූ මොහොතේ ජායාරූපද සමග මෙසේ එය පල කරමි..!

අවශ්‍ය ද්‍රව්‍ය – ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි(මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැණි.

මුලින්ම සුදුලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න. ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න.. සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml, මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා, ඒක වැදගත්.. දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික් වගේ භාජනේකට දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..


ඒ ප්‍රමාණෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩ ඒකෙන් මේස හැන්දක ප්‍රමාණයක් බොන්න ඕනේ..

ඒ බීලා පැය කාලකට විතර පස්සෙ සාමාන්‍ය විදියට දවසේ වැඩ කෑම බීම ගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණ වෙනස් කරල ඕක හදාගන්න පුලුවන් සැරින් සැරේට. ඒත් නොකඩවා දිනපතා අපේ තාත්ත ඕක පාවිච්චි කලා.. අවශ්‍ය කෙනෙක්ට මේ බෙහෙත ගැන කියන්න , ඔබට ගොඩක් පිං..!


(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්..)
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top