මේ රෝගයෙන් දුක් විඳින ඔයාට, මෙන්න අත්බෙහෙත්..
Monday, 19 February 2024 - 9:45 | Views - 500

බඩේ දැවිල්ල කියන්නේ අද කාලයේ ගොඩ දෙනෙක්ට වැළඳී තිබෙන රෝගයක්.
හැබැයි මේ රෝගය සුව කරගන්න පුළුවන් අත්බෙහෙත් ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ කියන්න යන්නේ ගෙදරදිම හදාගන්න පුළුවන් අත් බෙහෙතක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය
කෝමාරිකා පිති 2 ක්
අමු මිරිස් කරල් 2 ක්
තක්කාලි ගෙඩි 1/2 ක්
රතු ලූනු ගෙඩි 3 ක්
කරපිංචා
රම්පේ
කුරුඳු කැබැල්ලක්
සේර කැබැල්ලක්
සුදු ලූනු බික් 2 ක්
සූදුරු තේ හැඳි 1/4 ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
කහ කුඩු ස්වල්පයක්
තුනපහ තේ හැඳි 1/2 ක්
ලූණු
පොල් කිරි
පොල් තෙල් ස්වල්පයක්
හදන හැටි
කෝමාරිකා පිත්තේ ගසට සම්බන්ධ වන කොටස කපා කහ පැහැති ද්‍රාවණය ඉවත් වනතෙක් තබන්න.
මුවහත් පිහියකින් කෝමාරිකා පිත්තේ කොළ පැහැ පොත්ත ඉවත් කරගන්න (මදය ඉවත් නොවන සේ* කෝමාරිකා තරමක කැබැලිවලට කපාගන්න.
මඳක් සෝදාගෙන භාජනයකට දමාගන්න.
මැටි බඳුනක් ලිපේ තබා තෙල් එකතු කරන්න.
එයට කරපිංචා, රම්පේ, කුරුඳු සහ සූදුරු දමන්න.
විනාඩියක් පමණ බැදගෙන එයට කපාගත් රතු ලූනු, සුදු ලූනු, මඳක් තළාගත් සේර සහ තක්කාලි එක්කරගන්න.
විනාඩි 2ක් පමණ බැදගෙන එයට කපාගත් කෝමාරිකා එකතු කරන්න.
ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලූණු එක්කරගෙන විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න.
ඉන්පසු පොල්කිරි දමා උතුරුවාගෙන ලිපෙන් බාගන්න.
කෝමාරිකා ඇඟට සිසිලස දෙන ආහාරයක් වුවත් එය ආහාරයට ගැනීම දිනපතා නොකළ යුතුය.
දිනපතා ආහාරයට ගැනීම වකුගඩුවල නිරෝගීතාවට බාධාවක් විය හැකි බැවින් සිසිල් ආහාර අතරට මසකට එක් වතාවක් පමණ කෝමාරිකා වෑංජනය ආහාරයට ගන්න.
Share This Article