හදවතට ගුණ දෙන කළු උක් ගැන දන්නවා ද?
Monday, 19 February 2024 - 8:38 | Views - 1,428

දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී නැතුවම බැරි උක් ප්‍රධාන වශයෙන් ආර්ථික ලාභ ලබා ගැනීමේ අරමුණ ඇතිව විවිධ රටවල මහා පරිමාණයෙන් වගා කරනු ලබයි. සීනි නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ දේශයක් වන කියුබාව ඉන් එක් රටකි.

තෘණ කුලයට අයත් වන මේ ඖෂධීය ශාකය අප ශ්‍රී ලංකාවේද බහුලව දකින්නට හැකිය. කියුබාව හැරුණ විට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මුරිසි රාජ්‍යය ආදි රටවල බහුලව වගා කරන ආර්ථික වාසි ලබන ශාකයකි. බහු වාර්ෂික ශාක වර්ගයක් වන මෙහි කඳන් පුරුක් සහිත වේ. මුල් හට ගන්නේද රයිසෝමවලය. වර්ග කිහිපයක් ම ඇත.

ඒ අනුව දම් පාට, කොළ සහ ළා කහ පාටට හුරු කඳන් සහිත මෙන්ම කළු පාට ශාඛද වේ. එය කළු උක් ලෙස හඳුන්වනු ලබයි. මහතින් අධික ශාකද සිහින් කඳන් සහිත ආදි විවිධ වර්ගයේ උක් ශාක ඇත. ළා කහ පැහැති කඳ සිහින්ව ඇති ශාකය සුදු උක් ලෙස හඳුන්වනු ලැබේ.

හොඳින් වැඩුණු ශාකයක් අඩි 12/15ක් පමණ උසින් යුක්ත වේ. මෙහි මල් දැක ගත හැකි වන්නේ මංජරියක් ලෙසටය. සිසිල් ගුණය බහුලව පවතී. පිත කෝප වී හට ගන්නා ව්‍යාධීන්වලට ඉතා ගූණදායක වේ. ශ්ලේෂ්මලජ සමනය කරලීමෙහිලා යෙදිය හැකිය.

මූත්‍ර අඩස්සිය, කෑම අරුචිය, හෘද රෝග පවතින අවස්ථාවලදී මෙන්ම යකෘත්තයේ හට ගන්නා ආසාදන නොවූ ආබාධවලටත් එමෙන්ම සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ගේ සැනසිලිදායක සුවයක් ළඟා කරදීම සඳහා කළු උක් පැණි මිශ්‍ර ඖෂධ භාවිත කෙරේ.

දේශීය සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී විවිධ වූ කල්ක පානය කිරීමේදී මෙන්ම කසාය සකස් කිරීමේදීද කළු උක් පැණි සහ උක් හකුරු යොදා ගැනේ.

ඖෂධීය ගුණ රැසක්ම හිමි ගණ දෙවිඳු පි‍්‍රය කරන කළු උක් ශාකයක් ඔබේ ගෙවත්තේ රෝපණය කර ගැනීම ඉතා යහපත් වේ.

මේ කළු උක් ශාකයේ කොළ, කැඳ සඳහා ද යොදා ගැනීම ඉතා ගුණදායක වේ.

( උපුටා ගැනීමකි.. ) 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top