මේ රෝගය තිබුණට , කියන්න ලැජ්ජාවෙන් නේද හිටියේ , මෙන්න රෝගය සුවකරන ක්‍රම 15ක්..
Thursday, 08 February 2024 - 11:14 | Views - 3,026
ඉකිලි කැසීම කියන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ අයට වැළදෙන බොහෝ පීඩාකාරී රෝගී තත්ත්වයක්. නමුත් වැඩි වශයෙන් මේ තත්ත්වය වැඩිහිටි හා තරුණ වයසේ පිරිමින් අතර දකින්නට පුළුවන්. කායිකව වගේම මානසිකවත් පීඩා ගෙනදෙන පිරිසක් ඉදිරියේ ඉතාම අපහසුතා ඇති කරන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි බොහෝ අය ලැජ්ජාව නිසා සඟවා ගෙන සිටින රෝගී තත්ත්වයක්. අද අපේ ජීවන ගමන කොතරම් තරගකාරී සංකීර්ණ එකක් වෙලාද කිව්වොත් අපිට අපේ සනීපාරක්ෂාව සඳහා වූ කටයුතු නිසි පරිදි ක්‍රමවත්ව සිදු කරගන්නට වේලාවක් නැහැ. ඒ නිසාම තමයි මේ වගේ රෝග තත්ත්වයන් බොහොමයක් ඇති වෙන්නේ.ඉතින් මේ රෝගී තත්ත්වය වළක්වා ගන්නට කළ යුත්තේ අපේ ඇවතුම් පැවතුම් නිසි පරිදි පවත්වාගෙන යාම.

ඉකිලි කැසීම Tinea Cruris යන රෝගය විදියට හඳුන්වනු ලබනවා. මේ තත්ත්වයේදී ඉකිලිය ප්‍රදේශයේ කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙනවා. මේ තත්ත්වයට හේතු වන්නේ දිලීර කාණ්ඩයට අයත් විශබීජ වර්ගයක්. මේ දිලීර කාණ්ඩයට අයත් Dermatophyte කොටසට අයත් විශේෂය වන මෙය පුස් වර්ගයක්. මේ පුස් වර්ග වර්ධනය වෙන්නට ඕන කරන්නේ තෙතමනය, අඳුර සහ යම් පෘෂ්ඨයක්. ඉතින් ඉකිලිය ප්‍රදේශය මේ පුස් වර්ධනය සඳහා අවශ්‍ය සාධක සපයනවා. එයට අපේ ඇවතුම් පැවතුම් හේතු වෙනවා. ඉකිලි කැසීම සඳහා හේතුවන දිලීර විශේෂය වන්නේ ringworm.

රෝගය ඇති වෙන්නට බලපාන හේතු

තදට යට ඇදුම් ඇදීම නිසා ඉකිලි ප්‍රදේශය කැපීම
දහදිය උරා නොගන්නා යට ඇදුම් භාවිතය

සාමාන්‍යයයෙන් යට ඇදුමක් තෝරා ගැනීමේදී බොහෝදෙනා අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි යට ඇදුමේ රෙදි වර්ගය පිළිබඳව. මොකද එහි අලංකාරය, මිල, විලාසිතාව ආදිය පිළිබඳව වගේම දහදිය උරා ගැනීමට හැකි ආකාරයේ යට ඇදුමක් තෝරා ගන්නට වග බලා ගැනීම ඉතා වැදගත්.නමුත් එසේ නොවන ආකාරයට යට ඇදුම් තෝරාගෙන භාවිතා කිරීමෙන් ඉකිලි ප්‍රදේශයට දහදිය දැමීමේදී ඒවා යට ඇදුමට උරා නොගැනීම නිසා දිලීර වර්ධනය වීමට පසුබිම ඇතිවෙනවා.

ඉකිලි ප්‍රදේශයට වැඩිපුර දහදිය දැමීම
දිලීරය ඇති අයෙක් භාවිතා කරන ලද යට ඇදුම් භාවිතය
පොදුවේ භාවිතා කරන කොමඩ් එකක් සහිත වැසිකිලි භාවිතය මගින්

මෙහිදී මේ දිලීර තත්ත්වය ඇති අයෙක් කොමඩ් එකේ වාඩිවීමෙන් ඒ දිලීරය කොමඩ් එකේ තැවරී තවත් අයෙකුට ස්පර්ශවීමෙන් බෝවිය හැකියි.

රෝග ලක්ෂණ

සම රතුවීම
බිබිලි ඇතිවීම
කැසීම
දැවිල්ල
මුලදී ඉකිලිය ප්‍රදේශයෙන් කැසීම ආරම්භ වී පසුව එය කලවා ප්‍රදේශයට හා ගුදය ආශ්‍රිත ප්‍රදේශ හා ලිංගික අවයව ඇති ප්‍රදේශය දක්වා පැතිරීම
කසන විට කුඩු කුඩු ලෙස කොටස් හැළීයාම
සම පුපුරා ගිය ආකාරයක් දකින්නට ලැබීම

අදාල ප්‍රදේශයේ Candida නම් තවත් දිලීර වර්ගයක් ද ප්‍රති ආසාදනය විය හැකියි.

ක්‍රමයෙන් ඉකිලිය කළු පැහැයක් ගැනීම

රෝගය වළක්වා ගන්නට කළ හැකි දේ

ඉකිලිය අවට තෙතමනය අවම කර වියළි තත්ත්වයක් තබා ගැනීම.
ස්නානයෙන් පසුව සහ සේදීමෙන් පසුව දහදිය දැමීමෙන් පසුව ඉකිලිය ආශ්‍රිත ප්‍රදේශය වියළි තුවායකින් පිසදා ගැනීම.පව්ඩර් දැමීමෙන් වියළි බව පවත්වා ගන්නට පුළුවන්.
ඉකිලිය අවට කැසීම ඇති කරන යට ඇදුම් භාවිත නොකිරීම
දහදිය උරා ගන්නා ශරීරයට පහසු යට ඇදුම් භාවිතය (කපු රෙදිවලින් මසන ලද යට ඇදුම් )
යට ඇදුම් සේදීමේදී හැකි නම් ඒවා වතුරෙන් තම්බා ගැනීම
බොහෝවේලා එකම යට ඇදුම ඇදගෙන නොසිටීම
තෙත ඇදුම් ඇදීමෙන් වැළකීම
අධික ලෙස දහදිය දැමූ විට යට ඇදුම් මාරු කිරීම
දිනපතා ඇදුම් සේදීම
දිනපතා ස්නානය
ශරීරයේ තරබාරුව අඩුකර ගැනීම
දියවැඩියාව ඇත්නම් පාලනය කර ගැනීම
යට ඇදුම් පොදුවේ භාවිතා නොකිරීම
තද යට ඇදුම් භාවිතා නොකිරීම

ප්‍රතිකාර -මේ ඉකිලි ආශ්‍රිතව ඇතිවන කැසීම් තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් ලබා නොගෙන මිලදී ගත හැකි වානිජ මට්ටමේ විෂබීජ නාශක වර්ග ආදිය සමේ තැවරීමට බොහෝ අය පෙළඹී සිටිනවා. නමුත් භයානකම කාරණය වෙන්නේ ඒ ආලේපන තුළ ඇති අසාත්මික හෝ රසායනික බලපෑම් මගින් තවදුරටත් කැසීම් වැඩි කිරීම. ඒ නිසා කැසීම තත්ත්වයන්වලදී මුලින්ම ඒ සඳහා හේතුව සොයා බැලිය යුතුයි.ඒ වගේම මෙවැනි කැසීම් සඳහා වැඩි වශයෙන් දිලීර හේතුවන නිසා මේ දිලීර ආසාදන ඇතැම් ඒවා තාවකාලික ඒවා වෙන්නත් පුළුවන්.

දිගුකල් මේ ඉකිලි ආශ්‍රිතව කැසීම් තත්ත්වය පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. ඇතැම් විට සරල දිලීර නාශක ආලේපනයකින් සිදු කළ හැකි ප්‍රතිකාර විවිධ විෂබීජ නාශක වෛද්‍ය උපදෙස් නොමැතිව ආලේප කිරීමෙන් සංකීර්ණ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හැකියි.ඒ වගේම කැසීම් තත්වයත් තවදුරටත් වැඩිවිය හැකියි.

මේ රෝග තත්වය දිනකින් දෙකකින් සුව නොවන තත්ත්වයක් නිසා වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන ඖෂධ සතියක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් වුවත් ගන්නට සිදුවිය හැකියි.

ඖෂධ ගැනීමෙන් පමණක්ම මේ රෝගී තත්ත්වය සුවකරගත නොහැකි නිසා තමන්ගේ ශරීරයේ පිරිසිදු බව තම යට ඇදුම්, කොට්ට මෙට්ට ආදියේ පවා පිරිසිදුභාවය ඉතා වැදගත්.ඉකිලි ඉතා හොඳින්ම පිරිසිදු කර පිරිසිදු වියළි තුවායකින් පිසදැමීමත් එය සිරුරේ අනෙක් ප්‍රදේශ පිසදැමීමට භාවිතා නොකිරීමත් ඉතා වැදගත්.

නොපමාව ප්‍රතිකාර නොගැනීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන්

ඉකිලිය අවට සම අළු පැහැවීම.
කැසීමේදී ඇතිවන බිබිලි පුපුරායාමෙන් ඒ මත විෂබීජ වර්ධනය වීම.
ඉකිලිය ප්‍රදේශයේ කුද්දැටි විශාල වීම
ගුදය දක්වා සහ කලවා ප්‍රදේශය දක්වා දිලීරය වර්ධනය වීම
මේ සඳහා නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් මේ ආසාදනය ශරීරයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් පැතිර යාමෙන් සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා පවා වර්ධනය විය හැකියි.

මේ රෝග තත්ත්වය ඇතිවීමට , උත්සන්න වීමට වගේම සුවකර ගැනීමටත් හේතුවන්නේ පුද්ගලයාගේ ඇවතුම් පැවතුම් නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්. 

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top