හිසකෙස් වැටීම පාලනය කරන , කොට්ටම්බා රහස්
Friday, 02 February 2024 - 16:03 | Views - 252
කොට්ටම්බා විසල් කොළ සහිතව අලංකාර රටාවකට අතු විහිදෙන, ශාකයි. විවිධ රෝග, පාලනය කරමින් දීර්ඝායුෂ ලබා දෙන්නක් සේ සැළකෙන කොට්ටම්බා උදෑසනම පිපෙන පියකරු මල් නිසා ‘පුබුදන්නා’ ලෙස හැඳින්වෙනවා ආසියානු අප්‍රිකානු ඕස්ට්‍රේලියානු රටවල් ගණනාවක දක්නට ලැබෙන ශාකය ප්‍රභේද 80 කින් පමණ යුක්තයි. මෙරට බටු හා පෙතන් වශයෙන් ලොකු කුඩා දෙවර්ගයක් ඇති බව සඳහන්.

යුරෝපීය රටවල වටිනා ඖෂධිය ආහාරයක් සේ සැලකෙන ආමන්ඩ් ඇටවලට රුවින් ගුණයෙන් කොට්ටන් ඇට සමානවන නිසාදෝ tropical almond, ඉන්දියන් ආමන්ඩ්, මලබාර් ආමන්ඩ්, යනාදි නම්වලින් කොට්ටන් හඳුන්වනු ලබනවා.

ඉදුණු විට රතු හා කහ පැහැති ගෙඩි දක්නට ලැබෙන අතර පොත්ත අසල ඇති මාංශල කොටස පලතුරක් සේත්, ඝන ඇටය තුළ ඇති දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය ඇට වර්ගයක් සේත් ආහාරයට ගනු ලබනවා.ඇටයේ පොත්ත හැර බැද කුඩුකර කිතුල් පැණි හා මිශ්‍රකර අග්ගලා සකසනවා.

එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද, ආහාරයට ගත ,හැකි වුවත් වඩාත් ගුණදායකවන්නේ අමුවෙන් ආහාරයට ,ගැනීමෙනුයි. විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටන් ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්. එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා .

කොට්ටන්, වට්ටක්කා, කජු රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැන්මෙන් දීර්ඝායුෂ හිමිවන බව බ්‍රිතාන්‍ය ආහාර සංවිධානය කළ පර්යේ ෂණයකින් හෙළිවී තිබෙනවා.

අමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්‍යේෂණාංශය වසර 20 ක් පුරා පුද්ගලයන් 119000 කගේ ජීවනරටා අධ්‍ය‍යනයෙන් කළ සොයා බැලීම්වල දී ද කොට්ටන්, ඇතුළුඇට වර්ග ආහාරයෙන් දීර්ඝායුෂ ලැබෙන බව තහවුරුකර ගත්තා.

ඒ අනුව දිනපතා ඇට මිට, බැගින් හෝ ඊට වැඩියෙන් ආහාරයට ගත් අයගේ මරණ අනෙක් සාමාන්‍ය අයගේ මරණ අවස්ථාවන්ට වඩා පස් ගුණයක අඩුවීමක් පෙන්නුම් කළා. සතියකට වරක් පමණක් ඇට ආහාරයට ගත් අය ද එසේ නොගත් පිරිසට වඩා 7% කින් ජීවිත කාලය දිගු කරගත්තා.ඇට වර්ග, පිළිකා හා සටන් කළ හැකි සූක්ෂ්ම අණුක සහිත සෛලවලින් යුතු බව පර්යේෂකයන් පෙන්වා දුන්නා.

කොට්ටන් ඇට මෙන්ම ලෙල්ල සහිත ප්‍රදේශයත් පෝෂ්‍ය ගුණයෙන් සාරවත්. එය ප්‍රෝටීන්වලින් පොහොසත් .තන්තු සහිත කහට රස මිශ්‍ර ලෙල්ල ආශ්‍රිත මදය, රුධිරගත සීනි පාලනයට උපකාරිවනවා. එය ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි.

සම ඇස් දත් හදවත ආදී ශරීරාංග දිගුකලක් සුවපත්ව තැබීමේ හැකියාව කොට්ටන් සතුයි. දිනපතා ඇට ආහාරයට ගැන්මෙන් පිළිකා පමණක් නොව, හදවත් රෝග ද දියවැඩියාවද පාලනය වනවා. පිත්තාශයේ ගල් සෑදීම වළකිනවා. ස්ථූලතාව පාලනයවනවා.මනා රුධිර ධාවනයක් සිදුවන අතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය වනවා . ආඝාත අවදානමද අවමවනවා. කොට්ටන් සම රැක දෙන අතර චර්ම රෝග, ආසාදන, කුරුළෑ ලප කැළැල් දුරු කර පැහැපත් කර දෙනවා. කොට්ටන් ඇට හා අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ගෑමෙන් සම පිරිසිදුවී සමේ වියළි බව දුරුවී පැහැපත් වන බව දේශීය වෛද්‍ය ලේඛන වල සඳහන්.

ඇස්වල සුද ඇතිවීම, කල් දැමීමටත්, විවිධ ඇස් රෝග වළක්වාලීමටත් කොට්ටන්වලට හැකියි. එය දත් හා අස්ථි ද ශක්තිමත් කර දෙන්නක් වන අතර ඔස්ටියෝ පොරෝසිස් රෝග අවදානම අඩුකිරීමට දායකවනවා. හිසකෙස් වැටීම අඩුකර වර්ධනය කර දෙනවා.

කොට්ටන් බැක්ටීරියා, නාශක ගුණයෙන් ද යුක්තයි. එය ,අජීර්ණ පළවා හරින්නක් . ප්‍රති ප්‍රදාහ ගුණ සහිත එය සන්ධි ආබාධවලට එරෙහිවද ප්‍රතිචාර දක්වන්නක්.ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට කොට්ටන් උපකාරිවනවා. එය මොළය වියපත්වීම, පමාකරමින් මතක වර්ධනය කර දෙනවා. වියපත් වීමේ දී ඇතිවන වෙව්ළිම් අසමතුලිතතා ආදිය පාලනය කිරීමට ද උපකාරිවනවා.දිනපතා තේපානයේදී එක්කරගන්නා රස කැවිලි වෙනුවට කොට්ටන් ඇට ග්‍රෑම් 30ක් පමණ එක්කරගත හැක්කේ නම් එය ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරවෙනවා.

(සටහන - අන්තර්ජාලය ඇසුරෙන් )
Share This Article
Hiru Tv Blog
ඔබ, “ඔටිසම් රෝගය” ගැන අහල ඇති මුත් ඒ...
Hiru Tv Blog
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන්...
Hiru Tv Blog
දන්නවාද..? අද තරම් දියුණු වෛද්‍ය විද්‍යාවක්...
Hiru Tv Blog
බඩ ඉදිරියට නෙරා ඒම විශේෂයෙන්ම පිරිමි ඔයාලට...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
එයා නම් කතා මවන චරිතයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..  යොහානි කියන්නේ...
Hiru Tv Blog
කසුන් මහේන්ද්‍ර හීනටිගල..අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක්...
Hiru Tv Blog
මේ අපූරු ඡායාරූප එකතුව ඇස ගැටුනේ සමාජ මාධ්‍යයෙන්.කැමරා ඇස කියන්නෙ විවිධ වූ...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 676 Views
Top