සීනි වැඩිවෙයි කියලා , පලතුරු නොකා ඉන්න අයට ?
Friday, 02 February 2024 - 8:09 | Views - 711
අපි සෑම විටම පෝෂදායි ආහාර වේලක් ලබාගැනීමට උත්සාහ දරනවා. නමුත් කාර්ය බහුලත්වය, නොසැලකිල්ල, මිල වැඩි වීම වැනි හේතු මත පලතුරු වර්ග ඔබේ දෛනික ආහාරයට එකතු කර ගැනීම මඟ හැරෙන අවස්ථාවන් ඇති.

දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් වැළඳී ඇති ඇතැම් පුද්ගලයන් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිනවා. පලතුරුවල සීනි අඩංගු වුවත් එහි අඩංගු සීනි ප්‍රමාණය මට සීනි අඩු පලතුරු සහ සීනි වැඩි පලතුරු ලෙස වර්ග කළ හැකියි. නමුත් එය බොහෝ විට ඔබට බලපාන්නේ ආහාරයට ගන්නා ප්‍රමාණය මතයි. සීනි අඩුවෙන් අඩංගු වන සහ සීනි වැඩියෙන් අඩංගු වන පලතුරු පිළිබඳව මෙම ලිපිය මඟින් ඔබව යම් මට්ටමකට දැනුවත් වීමක් සිදුකරනු ලබනවා.

පලතුරුවල සීනි බහුලව පවතිනවා. එහි ෆෘක්ටෝස් (Fructose) අඩංගුයි. ෆෘක්ටෝස් නිසා ආහාර ගැනීමේ රුචිය තවත් වර්ධනය වෙනවා. එම නිසා පලතුරුවල අඩංගු ෆෘක්ටෝස් හේතුවෙන් ශරීරය තරබාරු වන බවට මතයක් පවතිනවා. නමුත් පලතුරු වලින් ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා.

පලතුරු වල තන්තු, ඛනිජ ලවණ සහ විටමින් වර්ග අඩංගුයි. එහි පිළිකා සහ හෘද රෝග වළක්වා ගත හැකි ප්‍රතිඔක්සිකාරක අඩංගු සංයෝග පවතිනවා.

පලතුරුවල සීනි බහුලව අඩංගු වුවත් එහි ඇති සීනි ප්‍රමාණය අනුව සීනි අඩු පලතුරු සහ සීනි වැඩි පලතුරු ලෙස කොටස් දෙකකට වෙන්කල හැකියි. ඉදුණු කෙසෙල්, ඉදුණු අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම් ආදියෙහි අඩංගු වන සීනි ප්‍රමාණය වැඩියි. වේලන ලද පලතුරු, වියළි මිදදි, රට ඉඳි ආදියෙන් ආදියෙහි ද අඩංගු වන සීනි ප්‍රමාණය ද වැඩියි.

ඇඹරැල්ලා, ලොවි, කාමරංගා, කොමඩු, දෙහි, ගල් සියඹලා ආදියෙහි සීනි අඩංගු වන්නේ අඩුවෙන්. අලිගැටපේර සීනි අඩුවෙන් අඩංගු වන පලතුරක්. මෙහි හෘදයට හිතකර මේද කොටස් අඩංගු වෙනවා. පැණි කොමඩු ආදියේ අඩංගු සීනි ප්‍රමාණය අඩු වුවත් එය තීරණය වන්නේ ඔබ ආහාරයට ගන්නා ප්‍රමාණය මතයි. එනම් පැණි කොමඩු එක් කැබැල්ලක් ආහාරයට ගන්නවාට වඩා කැබලි කිහිපයක් හෝ සම්පූර්ණ ගෙඩියම ආහාරයට ගැනීමෙන් ලැබෙන සීනි ප්‍රමාණය වැඩි වෙනවා. එම නිසා සීනි අඩු සහ සීනි වැඩි පලතුරු ප්‍රභේද කිරීමට වඩා ඔබ ආහාරයට ගන්නා ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

දියවැඩියාව වැළඳුණු රෝගීන්ටත් පලතුරු ආහාරයට ගත හැකියි. නමුත් පලතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය සහ වේලාව පිළිබඳව සිතිය යුතුයි. ඔවුනට ප්‍රධාන ආහාර වේලක් ගත් විගස පලතුරක් ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඔවුන් පලතුරු ආහාරයට ගත යුත්තේ ප්‍රධාන ආහාර වේල් 02 ක් අතරටයි. එසේ නොවුන හොත් රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය ඉහළ යා හැකියි.

පලතුරු ආහාරයට ගන්නවාට වඩා වැඩි සීනි ප්‍රමාණයක් පලතුරු බීම සහ කෝඩියල් වර්ග වල අඩංගු වෙනවා. එම නිසා ඒවා පරිභෝජනයට ගන්නවාට වඩා සාමාන්‍ය පලතුරු ආහාරයට ගැනීම සුදුසුයි. අප බිස්කට්, කේක් ආදිය ආහාරයට ගන්නා අවස්ථාවල දී ඒ වෙනුවට අතරමැදි කුඩා ආහාරයක් ලෙස ( snack එකක් ) පලතුරක් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.

ශ්‍රී ලංකාවේ වැසියන් පලතුරු ආහාරයට ගන්නේ ඉතාමත් අඩුවෙන්. දිනකට අවම වශයෙන් පළතුරු 02 – 04 ක් දක්වා ආහාරයට ගත යුතුයි. සාමාන්‍යයෙන් අප කෙසෙල් ආහාරයට ගන්නවානම් දිනකට ගෙඩි 02 ක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්. එහි උපරිමය වන්නේ කෙසෙල් ගෙඩිය හතරක ප්‍රමාණයයි.

පලතුරු ආහාරයට ගැනීමේ දී වර්ණවත් පලතුරු ගැනීම සුදුසුයි. ඇතැම් අය එක් ආහාර වේලක් පලතුරු වලින් ම සම්පූර්ණ කරගැනීම වැනි වැරදි පිළිවෙත් අනුගමනය කරනවා. නමුත් පලතුරු යනු ආහාර වේලේ කොටසක් පමණයි.

පලතුරු ආහාරයට ගැනීමේදී නිසි පරිදි තෝරා ප්‍රමිතියෙන් යුතු පලතුරු ආහාරයට ගැනීම සුදුසුයි. ආනයනික ඇපල්, මිදි, දොඩම් ආදිය කල් තබා ගැනීම උදෙසා විවිධ ද්‍රව්‍ය යොදා ගන්නා නිසා එවැනි ආනයනික පලතුරු ආහාරයට ගැනීම සීමා කළ යුතුයි.

( සටහන - අන්තර්ජාලයෙන් )


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top