අර්ශස් තියෙන අපේ අයට මෙන්න මේක නියම ඔසුවක්.
මේ කියන්න යන්නේ ගස්ලබු මැල්ලුමක් හදාගන්න ආකාරය ගැන.
අර්ශස් තියෙන අපේ අයට මෙන්න මේක නියම ඔසුවක්.
ගස්ලබු හෙවත් පැපොල් මැල්ලුම
අමුද්‍රව්‍ය
ලපටි ගස්ලබු ගෙඩි 01
පොල් බෑයක පොල්
කහ කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු මේස හැදි 1
අබ ස්වල්පයක්
අමුමිරිස් කරල් 3-4 හෝ කොච්චි කරල්
එලවලු තෙල් හෝ පොල්තෙල් මේස හැදි 3-4
වියලී මිරිස් කරල් 2
කරපිංචා
සූදුරු තේ හැදි 4/1
සාදන පිලිවෙල
පලමුව ගස්ලබු ගෙඩිය පොත්ත සුද්ද කරගෙන සෝදා ඇට අයින් කර හීනියට ලියා ගන්න.
ඊට පසු සෝදා (කිරිගතිය යනව නැවත සේදීමෙන්) උයන ඇතිලියට ලියාගත් ගස්ලබු දමා ඊට උඩින් සිටිනසේ වතුර එකතු කර කහ සහ ලුනු ස්වල්පයක් එකතු කර හොදින් තම්බා ගන්න..තැම්බුන පසු වතුර වැඩිනම් පෙරා අයින් කරගන්නත් පුලුවන් .(එසේ තබෙනකම් ඔබට ඊට දැමීමට අවශ්‍යය සම්බෝලය සකසා ගත හැක .)ඊට අවශ්‍යය පොල් සම්බෝලයබ්ලෙන්ඩර් එකට හෝ ගලේ අබරන සම්බෝලයට හෝ අමුමිරිස් කරල් හෝ කොච්චි ,ලුනු ස්වල්පයක් ,ගම්මිරිස් ස්වල්පයක් අබ ස්වල්පයක් හා සූදුරු ස්වල්පයක් දමා අඹරා ගන්න.(මේ ද්‍රව්‍යය තේ හැදි 4/1(කාලක් වගේ) ) ඇති.රස පමනට ලුනු දාගන්න.ඊට පසු පොල් ටිකද තලාගෙන ගැස්ලබු මැල්ලුමට කලවංකරන්න.කරපිංචා කොල දෙකතුනක්ද දාන්න.පසුව විනාඩි 3-4 ක් උයාගෙන එය තෙම්පරාදු කරගන්න වෙනම බාජනයකට දාල පොල්තෙල් ටික දාන්න එයට වියලි මිරිස් කරල් දෙක කෑලි වලට කඩල දාන්න.අබ චුට්ටකුත් දාන්න.හැකිනම් සුදුලූනු බිකකුත් ලියල දාන්න.ඒ ටික රන්වන් පාට උනාම මැල්ලුම එකතු කරල කලවම් කරන්න.මෙය ඉතාමත් ගුණදායක රසවත් කෑමක්.බත් සමග වගේම ඉදි ආප්ප හා හොදි සමග කන්න පුලුවන්.මෙයින් ශරීරයේ විෂ හා මේදය දහනය වෙනව.හදල කියන්න.


