තරුණ වෙන්න කන්න, වෙල් අල කොළ ඇඹුල
Wednesday, 31 January 2024 - 16:16 | Views - 1,977
මේ කියන්න යන ව්‍යංජනය ගැන නම් ගොඩ දෙනෙක් අහලා නැතුව ඇති සමහර විට කාලත් නැතුව ඇති.

හැබැයි මේ ව්‍යංජනයේ රස නම් කපු කෙනෙක්ට අමතක නොවෙන්න ඇති.ඉතින් කාලා නැති අය කන්න ආස අය මේ කියවලා මේ විදිහට හදලා බලන්නකෝ

වෙල් අල කොල/කලු අල කොල ඇඹුල

අවශ්‍ය වන්නේ,

වෙල් අල කොල 10ක් පමණ (මේවා කපා ගන්න විට ගොඩක් දිග හැරුනු කොල නැතුව හැකිලුණු ලපටි ගොබ කපා ගැනීමට වග බලා ගන්න. ඒ වගේම හදන දවසට කලින් දවසේ කපාගෙන මද පවනේ තියන්න ඕනේ)
තලාගත් සුදු ලුණු හා නයි මිරිස් (මේ දෙක එකට දාලා වංගෙඩියක කොටා ගන්න)
ලියා ගත් රතුලූණු, කරපිංචා, අමු මිරිස් හා රම්පේ
අබ ස්වල්පයක්
කෑලි කපාගත් වියලි මිරිස් කරලක්
කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු ඔබේ රස පදමට
ගොරකා හා සියඹලා හෝ බිලිං (ඇඹුල් සඳහා)
කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්
රස අනුව ලුනු

හදන්නේ මෙහෙමයි,

මුලින්ම අල කොල දිගහැර හොඳින් සෝදා ගන්න.

දැන් දඬු කොටසේ ඇති කලු පැහැ කොටස් වල නූල් හැර (කොහිල දඬු වල ඉවත් කරන ආකාරයටය ) බෝංචි කපන ප්‍රමාණයේ කෑලි කපා ගෙන පසෙකින් තියන්න.
මැටි භාජනයකට වතුර කෝප්ප 2ක් දාලා ඒකට සියලුම තුනපහ කුඩු වර්ග හා සියඹලා, ගොරකා හෝ බිලිං දාලා පදමට ලුනුත් එකතු කරලා හොඳින් මිශ්‍ර කර ලිපේ තියා අඩු ගින්දරේ උතුරුවා ගන්න.

ටික වෙලාවකින් සුවඳවත් මිරිස් හොද්දක් දැක ගන්න පුලුවන්.

දැන් එයට කපාගත් අල කොල ටික එකතු කර හැන්දකින් මදක් කලවම් කරමින් මද ගින්දරේම අලකොල පිස ගන්න. හොද්ද ටිකක් ඉතුරු වෙන්න ලිප ඕෆ් කරන්න.
දැන් වෙනත් මැටි භාජනයක් ලිපේ තියලා රත් කර තෙල් ටිකක් එකතු කර අබ පුපුරුවා ගන්න. එයටම තලාගත් සුදු ලූණූ නයි මිරිස් හා ඉතුරු සියලුම දේවල් දාලා ටික වේලාවක් තෙම්පරාදු කර ගන්න.

තෙම්පරාදුවට කලින් තම්බා දිය හැරගත් අලකොල ටික දාලා නැවතත් හැන්දකින් කලවම් කරමින් මද ගින්දරේ ටික වේලාවක් පිස ගන්න.

(මෙයට අර්තාපල් හෝ කොස් ඇට ටිකක් එකතු කරලා උයන්නත් පුලුවන්)

මෙය ලේසියෙන් හදා ගන්න පුලුවන් හරිම රසවත් ව්‍යංජනයක්. ඔබ මෙහි රස දන්නවා නම් නිසැකවම හැමදාමත් උයලා කනවා. ඉඳිආප්ප හෝ පොල් රොටී කන්න කියාපු ඇඹුල????

වෙල් අල කොල නැත්නම් කලු අල කොල කියන්නේ පැරණි රජ දවස රාජ භෝජනයට යොදා ගත් පෝෂ්‍යදායී ගුණයෙන් යුත් කොල වර්ගයකි.
වගුරු බිම් ආශ්‍රිතව හා කුඹුරු නියරවල් වල හැදෙන අල කොල අධික ලෙස ප්‍රෝටීන් බහුල බව අන්තර්ජාලයේ සඳහන්.

අල කොල වර්ග 2ක් ඇති අතර එක වර්ගයක දණ්ඩ කොල පැහැති වන අතර අනෙක කලු පැහැයක් ගනී. පෙනුමෙන් හබරල කොලයට සමාන උනත් මෙය හබරල කොලයට වඩා කුඩයි.

මෙය ඇල්ලු විට අත් දෙක කසනවා යැයි මතයක් තිබුනත් කපා ඉවර වුනු විගසම හොඳින් සබන් යොදා අත් සෝදා ගැනීමෙන් එය පහවී යනවා.

(උපුටා ගැනීමකි)






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top