බබා - චබී නෑ කියලා , දුකෙන් ඉන්න ඔයාට
Tuesday, 30 January 2024 - 11:13 | Views - 655
ඔබේ දරුවාගේ බර වැඩි කරගන්න සෞඛ්‍ය සම්පන්න ආහාර 7 ක්.

මේ ආහාර වර්ග මොනවාදැයි කියා දැනගන්න මෙම ලිපිය කියවන්න.

මහත හා තරබාරු දරුවන් ගැන අපි නිතර කතා කරනවා. නමුත් අඩුබරත් සැලකිය යුතුම කාරණයක්. දකුණු ආසියාවේ දරුවන්ගෙන් 28% ක්ද දකුණු නිරිතදිග ආසියාවේ දරුවන්ගෙන් 16% ක්ද අඩු බර දරුවන් බව කියවෙනවා. මෙවැනි දරුවාගේ බර වැඩි කිරීමට කැලරි අධික ආහාර දරුවන්ට ලබාදීමට පෙළඹෙනවා.

නමුත් කැලරි වලට වඩා දරුවන්ට අවශ්‍ය හොඳ පෝෂණයක් ලැබීම වඩා වැදගත් වෙනවා. ඔබේ අඩු බර දරුවාගේ බර වැඩි ගරගන්න මෙන්න පෝෂ්‍යදායි ආහාර 7ක් පහතින්..


ප්‍රෝටීන් බහුල මාළු, බෝංචි හා බිත්තර වැනි ආහාර

ප්‍රෝටීන් ඔබේ දරුවාගේ වර්ධනයට හා මාංශ පේෂින්ගේ වර්ධනයට ඉවහල් වෙනවා. මාළු වල ඇති ඔමේගා 3 නිසා දරුවාගේ වර්ධනයට විවිධ ආකාර වලින් උදවු වන බව සොයාගෙන තියෙනවා. බෝංචි වලත් විටමින්, මිනරල් අඩංගු වන අතර බිත්තර ඒ වගේමයි.

පෝෂණීය එළවළු

සුදු බත් වලට උවමනාවට වඩා කබෝහයිඩ්රේට් අඩංගු නිසා දරුවන්ට සීනි ඇතිවීමේ අවධානමක් තියෙනවා. නමුත් ඒ වෙනුවට ඔබට වෙනත් පෝෂණීය තෝරාගැනීම් රැසක් තියෙනවා. ඇට වර්ග වල ෆයිබර් සහ බොහෝ පෝෂණ ගුණ තියෙනවා. නමුත් ඔවුන්ට දිරවීමට තරමක් අපහසු වෙනවා. ඒ නිසා අල, වට්ටක්කා වැනි එළවළු තෝරාගැනීමත් වැදගත්.

ඕට්මීල්

ඕට්මීල් වල ඇති ෆයිබර් විටමින් සහ ඛණිජ ලවන අඩංගු වෙනවා. කිරි, පලතුරු සමග මුසුකර දරුවන්ට පෝෂ්‍යදායි කෑමක් ලෙස දෙන්න පුළුවන්.

චීස් සහ යොදය සහිත කිරි

චීස් වල අඩංගු කැල්සියම් නිසා අස්ථි වල වර්ධනයට ඉතා හොඳයි. කොහොමත් දරුවන් චීස් වලට කැමති නිසා ලුණු වැඩිය අඩංගු නැති බිස්කට් වර්ගයක් එක්ක වුනත් දෙන්න පුළුවන්. යොදය සහිත කිරි බර අඩු දරුවන්ට ඉතා හොඳ වන්නේ එහි ඇති මේදය හා කැල්සියම් නිසයි.

කෙසෙල්ගෙඩි සහ අලිගැටපේර

මෙම පලතුරු වර්ග දෙකම කැලරි වලින් අනුනයි. රසත් ඉහළයි. ඔවුන්ට නිතර අතුරුපසක් ලෙස හෝ ස්මූදී එකක් ලෙසත් සකසා දෙන්න.

ඇට වර්ග

කර කර ගාලා හැපෙන දේවල් වලට දරුවන් කැමතියි. ඒ නිසා ඇට වර්ග ඔවුන්ට කදිමයි. මෙහි අඩංගු ශරීරයට ගුණදායි මේද හා කලෙස්ටර්රෝල් වර්ග මීට හේතු වෙනවා. එත් ඇට වර්ග තවමත් ගිලීමට අමාරු දරුවන් හට ඇට වර්ග තැවරුමක් ලෙස ලබා දීම වැදගත්.

යෝගට්

යෝගට් දරුවන්ට කෑමට ලේසියි. ඒ වගේම ගුණයෙන් ඉතාම ඉහළයි. නමුත් සීනි හා වර්ණකාරක අඩංගු යෝගට් දරුවට ලබා දීමෙන් වැළකීමට වගබලා ගන්න.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. ) 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top