දාස්පෙතියා තේ එකක් බිවූවොත් ,සතියකින් ඇඟට මේ වගේ දෙයක් වෙයි ?
Tuesday, 30 January 2024 - 10:08 | Views - 3,304
දාස්පෙතියා තේ එකක් බිවොත් සතියකින් ඇඟට මේ වගේ දෙයක් වෙයි කියලා ඔබ හීනෙන් වත් හිතනවද ? 

අපි හැමෝම මල් වර්ගවලට හරිම ආසයි නේ. අපේ ගෙවත්ත අලංකාර කරගන්න නොයෙකුත් වර්ගයේ මල් අපි වගා කරනවා. නමුත් අපි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ වගේ බොහොමයක් මල් වර්ග තියෙනවා අලංකාරය හැරුණාම විවිධ ලෙඩ රෝග සඳහා භාවිතා කළ හැකි ඖෂධීය වටිනාකමක් සහිත ශාක. ඉතින් අපි අද කතා කරන්නේ පූජා කිරීමට ගෙවත්ත අලංකාර කර ගැනීම හැරුණාම අපේ ශරීරය නිරෝගීව තියාගන්න උදව් වෙන ඔබ එතරම් නොසිතන හරි අපූරු මල් වර්ගයක ඖෂධීය ගුණ ගැන ඔයාට කියන්න. ඒ තමයි දාස් පෙතියා මල්.

අපි සාමාන්‍යයෙන් හැමදාම බොන තේකට වඩා මේ දාස්පෙතියාවලින් සකසා ගත්තු එකක් පානය කිරීම මගින් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන් ප්‍රතිලාභ බොහොමයි. ශරීර අභ්‍යන්තරයේ නිරෝගී බවට වගේම අපේ සුන්දරත්වය වර්ධනය කර ගන්නට බාහිරින් ආලේපනයක් විදිහටත් මේ දාස් පෙතියා මල් භාවිතා කරන්නට පුළුවන්. ඔන්න ඒ නිසා අපි අද කතා කරන්නේ දාස්පෙතියා මල් අපේ නිරෝගී බවට සහ අපේ සුන්දර බවට කොහොමද බලපාන්නේ කියලා කාරණාව පිළිබඳව. marigold හෙවත් දාස්පෙතියා මල් අපේ රටේ ඉතා සුලභව දැකිය හැකි මල් වර්ගයක්. දීප්තිමත් කහ මල් ඉතා සුබ මල් විදිහටයි සැලකෙන්නේ. යාච්ඤාවලදී වගේම විවිධ ආගමික උත්සවවලදී මේ දාස් මල් නිරන්තරයෙන් භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු ජන සමාජයේ විවිධ උත්සව සමයන්වලදී නිවෙස් අලංකාරය සඳහාත් මේ දීප්තිමත් කහ හෝ තැඹිලි වර්ණයෙන් යුක්ත දාස් පෙතියා මල් භාවිතයට ගන්නවා.

මේ දාස්පෙතියා මල්වල විශේෂයෙන්ම glycoprotein සහ නියුක්ලියර් ප්‍රොටීන් අඩංගු වෙනවා. ඒ නිසාවෙන් ශරීර අභ්‍යන්තරයේ විවිධ රෝග තත්ත්වයන් සඳහා වගේම සමේ ඇතිවන විවිධ ගැටලු සඳහාත් ඉතාම හිතකර මල් වර්ගයක් විදිහට වැදගත් වෙනවා.

 දාස් මල් සතු සුවිශේෂී ගුණ

දාස්පෙතියා මල් විසබීජ නාශක ගුණයෙන් සමන්විතයි.
සමේ ගැටිති රාශියකටම ගුණදායකයි.
කුරුලෑ ලප කැලැල් සහ වෙනත් ලප ඉවත් කරන්නට උපකාරී වෙයි.
කෘමීන් දෂ්ඨ කිරීම නිසා සම මත ඇතිවන ඉදිමුම් ආදිය සුව කරයි.
මේ සඳහා දාස් පෙතියා තෙල් භාවිතා කෙරෙනවා.
සම පැහැපත් කරයි.
දාස් පෙතියා මල් රූපලාවන්‍ය කටයුතු බොහොමයකටම භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම සම සුවපත් කිරීමේ හැකියාවක් ඒවා සතු වෙනවා.
ශරීරයේ විෂ ඉවත් කරයි.
සමයේ ඇති පැල්ලම් ඉවත් කරයි.
දද කුෂ්ඨ ඇතුළු සමේ රෝග සුව කරයි.
අහිතකර හිරු කිරණ නිසා අවපැහැ ගැන්වුනු හානි වූ සම යථා තත්ත්වයට පත් කරයි.
වයසට යාමේ ලක්ෂණ වළක්වයි.
මල බද්ධය දුරු කරයි.
ඉදිමුම් සහ වේදනාවන් අඩු කරයි.
ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලු සමනය කරයි.
උදරයේ ආම්ලික බව අඩු කරයි.
පියයුරු පිළිකා, මහ බඩවැලේ පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, සමේ ඇතිවන පිලිකා සහ ලියුකේමියාව ආදී රෝග තත්ත්වයන් මර්දනය කරයි.
අඳුරු සහ එල්ලා වැටෙන සමට පුනර්ජීවනය ලබාදෙයි.
තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවකින් යුක්තයි.
වියලි සමට සහ වඩාත් සංවේදී සමට හිතකරයි.

දාස් පෙතියා මලේ ඖෂධීය භාවිතයන්

දාස්පෙතියා face cream

දාස්පෙතියා මල් පෙති කෝප්පයක් ගෙන හොඳින් සෝදා එයට රෝස වතුර තේ හැඳි තුනක් පමණ දමා බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු එය පෙරා මල් යුෂ ටික වෙන්කර ගන්න. ඉන්පසු පිරිසිදු භාජනයකට කෝමාරිකා ජෙල් මේස හැදි තුනක් පමණ දමා විටමින් ඊ කරලක තෙල් ද එකතු කර එයට දාස්පෙතියා මල් යුෂ තේ හැඳි කිහිපයක් අවශ්‍ය පමණට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. මෙය පිරිසිදු කප් එකක ගබඩා කර තබාගෙන රාත්‍රියට භාවිතා කරන්න.

(සටහන - අන්තර්ජාලයෙන්..)
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top