නින්ද සහ අක්මාව , නිරෝගී ඔබට බලපෑම්කරන මේ දේවල් ගැන දැනගන්න ?
Tuesday, 23 January 2024 - 14:56 | Views - 634
නින්ද සහ අක්මාව..!

1)ඔබ නින්දට යායුත්තේ කීයටද ?

2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?

අපගේ ශරීරය තුළ ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන් තුල biological clock ලෙස හදුන්වනවා.
එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.
එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.
එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.
රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
සංසරණය වෙනවා.
රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.
මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා.
ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකර ගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකර දැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.
ඒ කොහොම උනත්,
ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,

බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

12ට නිදාගත්තොත් පැය 3ක් ද,
1ට නිදාගත්තොත් පැය 2 ක් ද,
2ට නිදාගත්තොත් පැය 1ක් ද
ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

ඔබ පාන්දර 3ට නිදාගත්තොත්...

ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ.
එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.
ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.
එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන
කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි.
ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.

මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද?

ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා වගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)
මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)
දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියිඒ( 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.)
ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ
බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.
අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි.
ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.
මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි.

ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේ.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top