ඔබෙත් කට ගඳ ගසනවා ද ? මෙන්න හේතුව..
Friday, 19 January 2024 - 7:36 | Views - 1,653
කට ගඳ ගැසීම, එසේත් නොමැති නම් දුර්ගන්ධ ශ්වාසය යනු බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්කිරීම සඳහා හේතුවී තිබෙන සෞඛ්‍ය තත්වයක්.

ඔබ කොපමණ උත්සාහ කළත් ඇතැම්විට එම තත්වය සමනය කරගන්නට නොහැකි වෙන්න ඇති.

මොකද්ද හේතුව..

ගලග්‍රන්ථිය මත ඇතිවී තිබෙන ගල් තත්වය නිසා තමයි බොහෝවිට කට ගඳ ගැසීම කියන තත්වය ඇතිවන්නේ.

මුව විවර කොට හොඳින් පරීක්ෂාකර බැලුවොත් ගලග්‍රන්ථිය මත සුදු පැහැති තිත් වගයක් ඔබට දැක ගන්නට ලැබේවි. ඔබේ කට ගඳ ගසනවානම් ඒ සඳහා වගකිවයුතු වන්නේ එයයි.

එම ගල් විසින් සල්ෆර් වැනි පිළිකුල් ගන්ධයක් නිකුත් කරනවා.

කට ගඳ ගැසීමට හේතුවන මෙම ගල් වර්ගය ඔබේ මුඛයෙන් ඉවත් කළොත් ඔබේ කට ගඳ ගැසීමේ ප්‍රශ්නය සාර්ථකව විසඳේවි.

එය සෙම, බැක්ටීරියා, සහ ආහාර වලින් සමන්විත ගුලියක් යනුවෙන් හැඳින්වූවාට වරදක් නැත.

එය සමූහය දැඩි ස්වභාවයකට පත්වූවිට කට ගඳ ගැසීම පමණක් නොවෙයි ආහාර ගිලීමේදී වේදනාවක් දැනීම වැනි තත්වයන්ද ඇතිවෙන්නට පුළුවන්.

බොහෝවිට ඒවා පහසුවෙන් ඉවත්කරගන්නට හැකියාව තිබුණත්, ඇතැම්විට සුළු ශල්‍යකර්මයක අවශ්‍යතාවයක් මතුවෙන්නට පුළුවන්.

ඔබේ මුඛය හොඳින් විවර කර Cotton Buds එකක් ආධාරයෙන් වුවද මෙම ගල් ඉවත් කරගත හැකි අතර එය ඇතුලට වෙන්න පිහිටා තිබේනම් සුළු ශල්‍යකර්මයකින් මෙය ඉවත් කරගත හැක.


( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top