පිළිකාව සුවකරන විශ්මිත මඤ්ඤොක්කා අල පානය ගැන ඔබ දන්නවා ද ?
Thursday, 18 January 2024 - 9:46 | Views - 899
මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ, මොළයේ හට ගෙන තිඛෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක‍්‍රමයක් පිළිබඳ ..

මඤඤොක්කා අල ප‍්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක්..

පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් බොහොම කලකට පෙර, මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාරයෙන් උග‍්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙයි. මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය මෙසේය.

අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරන්න.

දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වනු ඇත.

ඉහළින් ඇති ජලය වැනි අවර්ණ දියර කොටස ප‍්‍රවේශමෙන් වෙනත් බඳුනකට වෙන් කර ගන්න. එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසැතිය) ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතුය.

මෙසේ ක‍්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)

පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 7 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 6 හමාරක් විය යුතුය.)

මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.

මෙම ද්‍රවණයේ රසය, ප‍්‍රසන්න කර ගැනීම සඳහා දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.

මෙම ප‍්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරියගේ අත්දැකීම් අනුව පැහැදිළි වෙනවා. (වෛද්‍ය ජයසූරිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග‍්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර ඇත.)

මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද ප‍්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය ප‍්‍රකාශ කර තිබිණි. ළමුන් සඳහා භාවිත කිරීමේදී ප‍්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැඟීමයි.

මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අලවල තිඛෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද යෝග්‍ය වීමයි.

පිළිකා මර්දනයෙහි ලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාවකි.

මඤ්ඤොක්කා අල සහ ඇප‍්‍රිකොට් වැනි ශාක තුළ තිඛෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන නිසාවෙන්, සහ එය සාමාන්‍ය නිරෝගී සෛල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසේ.

පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්..

මඤ්ඤොක්කා අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 100 ක් පමණ තිඛෙන බවත් සොයා ගෙන තිඛෙනවා.

මෙයට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරති.

නමුදු, ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප‍්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක‍්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.

එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් අසාධාරණය.

පිළිකා වැළැක්වීමටත්, ප‍්‍රතිකාර වලින් ලැඛෙන සුවය ප‍්‍රගුණ කිරීමටත්, එකී ස්වභාවික ශක්තීන් ප‍්‍රයෝජනයට ගත හැකි බවද මතකයේ තබා ගත යුතුයි.

(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top