පෙරුම්කායම් ගැන දන්නේ නැති ගොඩක් දේවල්.. කියවලාම බලන්න..,
Tuesday, 16 January 2024 - 12:38 | Views - 2,088
පෙරුම්කායම් හෙවත් දෙවියන්ගේ ආහාරය food of the gods Asafetida....

ඔක්කෝටම ඉස්සෙල්ලා පොඩි එකාගෙ අතේ පෙරුම්කායම් ටිකක් බැඳපං ඊට පස්සේ පුළුවන් බේත් හේත් කරන්න
ඉස්සර ගෙවල්වල නිතරම් ඇහුනු කතාවක් තම මේ .අපේ ගම්බද ගෙවල්වල තාමත් දෙවියන්ගේ ලෙඩ කියල හදුන්වන පැපොල, සරම්ප හැදුනම රෝගියාගේ අතේ පෙරුම්කායම් කැබැල්ලක් බැදීම සිරිතක්.

දෙවියන්ගේ ආහාරය (food of the gods) ලෙස පෙර-පර දෙදිග ඇතැම් රටවල හැඳින්වෙන පෙරුම්කායම් (Asafetida) එකල කිරි දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාම එකසේ භාවිතයට ගත් බෙහෙතකි.

පෙරුම්කායම් වල විද්‍යාත්මක නාමය Ferula assa fcetida වේ.මීටර් 1.5 – 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 – 40ක් පමණ හට ගනී. ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ගනකම වේ. මල් ළා කොළ කහ පැහැ වේ. ශාකයේ සියලු කොටස් සැර ගඳකින් යුක්තය.

පෙරුම්කායම් ඉංග්‍රීසි භාෂාවෙන් Asafcetida ලෙස හැඳින්වෙන අතර දෙමළ භාෂාවෙන් Perankayam නමින් හැඳින්වේ.පෙරුම්කායම්, තෙළිඟු භාෂාවෙන් Inguva ය. කන්නඩි භාෂාවෙන් Ingu වේ. ප්‍රංස භාෂාවෙන් Mende du diable (යක්ෂයාගේ අශූචි) ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවලින් Devils dung සහ asant, Food of the Gods, දෙවියන්ගේ ආහාරයයි.

1918 දී පැතිර ගිය ස්පාඤ්ඤ වසංගත රෝගය මැඬලීමට ද මෙම මහඟු ඖෂධය මහෝපකාරී වී ඇත. ඇදුම රෝගය හා බ්‍රොන්කයිටීස්වලට පෙරුම්කායම් අඩංගු කුඩා උරයක් (පොඩි මල්ලක්) රෝගියාගේ ගෙල වටා එල්ලීම යුරෝපාකරයේ සාම්ප්‍රදායික ප්‍රතිකාරයක් බව අන්තර්ජාල තොරතුරු හෙළි කරයි.මෙම ශාකයේ මුල් sesquiterpenc coumarins නම් ප්‍රති වෛරස කාරක ඖෂධය නිපදවන බවත් එය H. N. වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් බවත් 2009 වසරේදී පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. ඇතැම් රටවල පෙරුම්කායම් ගබ්සා කාරකයක් ලෙස භාවිත කරන බවට මතයක් පවතී. යුනානි (unani) ප්‍රතිකාරවලට අනුව ස්නායුගත රෝගවලට ද පෙරුම්කායම් මහඟු ඖෂධයක් බව කියැවේ. ආයුර්වේදයේදී වාත හා පිත සමනයට භාවිත කෙරේ.

සූප ශාස්ත්‍රයේදී භාවිත කෙරෙන විශේෂ spice වර්ගයක් ලෙස සැලකෙන පෙරුම්කායම් ආහාර දිරවීමෙහිලා මහඟු සේවයක් ඉටු කරයි.

1936 වසරේදී ජෝන් සී. ඩුවෙල්ට අනුව මෙහි සුවඳ වෘකයනට ඇමක් ලෙස යොදාගෙන ඇත. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ජනපදය හා මෙක්සිකෝව අතර වනගත මායිම්වල ප්‍රචලිතව තිබුණු බව කියති. පෙරුම්කායම් කැට්ෆිෂ් (cat fish) පයික් (pike) මත්ස්‍යයින්ට ද ඇමක් ලෙස යොදා ගැනේ සමනල හා සලබ ආදීන්ට උගුලක් ලෙස ද ඇතැම් රටවල යොදාගන්නා බව පැවැසේ. ජැමෙයිකාව හා අප්‍රිකා මහද්වීපයේ ගුප්ත විද්‍යා කටයුතු සඳහා ද යක්ෂ බලවේග බන්ධනයට හා මැඬලීමට ද පෙරුම්කායම් යොදාගන්නා බව කියති.මේ අනුව පැහැදිලි වන්නේ පෙරුම්කායම් දෙවියන්ගේ ආහාරයක් පමණක්ම නොවන බවත්, එය මිනිසාගේ විවිධ රෝගාබාධයන්ට මහඟු මහෞෂධයක් මෙන්ම කදිම ආහාර රසකාරකයක් හා කුළුබඩුවක් වන බවයි.කෙසේ වුවද පෙරුම්කායම් වලට වෙනත් ආදේශකයක් හෝ විකල්පයක් නම් මේ කපේදී සොයාගත නොහැකි වනවාට කිසිදු අඩමානයක් නොමැති බව පැහැදිලිය

දිව ඔසුවක් බදු පෙරුම්කායම්...

වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල වෛරස් රෝග සීඝ්‍රයෙන් පැතිර යාමක් දක්නට ලැබේ. පසුගිය වසරවල ලෝක ජනයා අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ කොරෝනා වෛරසය ද ඉන් එකකි. විවිධ වෛරස් වර්ග සහ බැක්ටීරියා වර්ග සහ වෙනත් වෙනත් ක්ෂුද්‍රජීවීන් වර්ග නිසා කාලයෙන් කාලයට මේවා හිස ඔසවනු ලබයි.
මෙවැනි වෛරස් රෝග වලට ස්ථිර ඖෂධ සොයාගෙන නොමැති බැවින් වෛරසය වැළඳුණු අවස්ථාවේදී තාවකාලික ප්‍රතිකාර ගනිමින් රෝග සුව කිරීම හැර වෙනත් කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. වෛරස් රෝග වල පවතින විශේෂත්වය වන්නේ එය එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වීම නිසා රටවල් අතර සීඝ්‍රයෙන් පැතිර යාමයි.
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට අබි වාත රෝගය ද එවැනි රෝගයකි. එම රෝගය අබි සර්පයාගෙන් ඇතිවී ඇති වෛරස් රෝගයකි. මේ අයුරින් පැතිරී යන රෝග වැළඳීමට ප්‍රධාන හේතුව ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීමයි. මහජනතාවට මෙවැනි රෝග වළක්වා ගැනීම සඳහා තමන්ගේ ආරක්ෂාවට කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. එලෙස බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා අතීතයේ සිටම භාවිතා කරන ලද දිව ඔසුවකි පෙරුම්කායම්.

අතීතයේ සිටම ගම්බද පළාත් වල පැපොල, සරම්ප වැනි බෝ වන රෝග වැළඳුන විට රෝගියාගේ සිරුරේ ස්පර්ශ වන පරිදි අතේ බඳින ලද්දේ මෙම පෙරුම්කායම්ය. එය මේ වන විටත් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. පෙරුම්කායම් පෙර අපරදිග රටවල් වලද දෙවියන්ගේ ආහාරයක් ලෙස හඳුන්වාදී ඇති අවස්ථා ගණනාවක් ඉතිහාස පොත්පත්වල සඳහන් වේ. මෙය H1N1 සඳහා ප්‍රති වෛරසයක් ලෙස පරීක්ෂණ වලින් සොයාගත් බෙහෙතකි. ඊට අමතරව ආහාර මාර්ගයට ආවේණික ක්ෂුද්‍රජීවීන් පාලනය කරන අතර මෙය කුළුබඩුවක් ලෙසින්ද භාවිතා කළ හැකි වේ. පැණි රස තිත්ත රස ලුණු රස මිශ්‍ර රසයන් ලෙස මෙය සැලකේ. කිරි සහ වතුර සමඟ බීමට ගත හැකිය.

වසර 1 කට පෙර,

හෙළ වෙදකම තුළ දකින්න ලැබෙන සුවිශේෂී ඖෂධයක් තමයි පෙරුම්කායම් කියන්නේ. ඔබට මතක ඇති කොවිඩ් වෛරස ව්‍යාප්තිය පටන් ගත්ත කාලයේ මේ පෙරුම්කායම් වලට මිනිස්සුන්ගේ ඉල්ලුම වැඩි වුණ හැටි.

මොකද ඉස්සර ඉඳන්ම අපේ පැපොල, සරම්ප වැනි බෝ වන රෝගයක් හැදුණොත් එම රෝගියාගේ අතේ සහ රෝගියාගේ අවට සිටින අනෙක් අයගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක් වුණා. ඒ, රෝගියාගෙන් අනෙක් අයට එම රෝගය පැතිරීම වළක්වා ගැනීමට. ඉතින් හෙළ වෙදකමට අනුව පෙරුම්කායම් කියන්නේ එක ලෙඩකට විතරක් නෙවෙයි ලෙඩ ගොඩකට සුව දෙන ඔසුවක්.

හෙළ වෙදැදුරුවරුන් විසින් මේ පෙරුම්කායම් ඔසුවක් විදිහට භාවිතා කළත් රූපලාවන්‍ය හා සමේ ප්‍රතිකාර සඳහාත්, හිසකෙස් ප්‍රතිකාර සඳහාත්, කුළුබඩුවක් ලෙස ආහාර වලට එකතු කර ගැනීමත් සිදු කරනවා.

 පෙරුම්කායම් වල සෞඛ්‍ය ගුණ,

වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කරයි.

වෛරස් වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීමේ බලයක පෙරුම්කායම් වලට තියෙනවා. විශේෂයෙන්ම H1N1 වැනි හානිකර වෛරස් වල වර්ධනයට හා ප්‍රජනනයට පෙරුම්කායම් බාධා කරන බවයි නවතම අධ්‍යයනවලින් පවා අනාවරණය කරගෙන තියෙනවා.

ආහාර ජීර්ණයට.

පෙරුම්කායම් වලින් ආහාර ජීර්ණ ගැටළු පහසුවෙන් වළක්වා ගත හැකි අතර ආහාර ජීර්ණ පද්ධතියෙන් විෂ ඉවත් කිරීමද සිදු කරනවා.
සුවපත් කිරීමේ හැකියාව.

පෙරුම්කායම් තලපයක් ලෙස සාදා තුවාල මත ගැල්වීමෙන් තුවාල වලටද ක්ෂණික සුවයක් ලැබෙන බව සඳහන්.
පණු අමාරුවට ප්‍රතිකර්මයක් ලෙස.

පෙරුම්කායම් වල ඇති සැර සුවඳ මගින් පණුවන් පලවා හැරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා පෙරුම්කායම් ස්වල්පයක් උණුසුම් ජලය සමඟ මිශ්‍ර කරලා රෑ නින්දට කලින් බොන්න.
කෘමී දෂ්ඨ කිරීම් සඳහා.

පෙරුම්කායම් වලින් කෘමී දෂ්ට කිරීම් සුව කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව සුදුළූණු සහ පෙරුම්කායම් එකට අඹරා තලපයක් සාදා කෘමී දෂ්ඨ කළ ස්ථානයේ ආලේප කරන්න.
හිසරදය සමනය කරයි.

පෙරුම්කායම් වල සමනය කිරීමෙ ගුණය නිසා එය හිසෙහි රුධිර නාල වල දැවිල්ල අඩු කර හිසරදය සමනය කරනවා.
ශාරීරික යහපැවැත්ම වැඩි කරයි.

පෙරුම්කායම් හෘද සෞඛ්‍යය වැඩි කිරීමට උදව් වන අතර කැස්ස සහ හුස්ම ගැනීමේ ගැටළු වලට එරෙහිව එය ප්‍රයෝජනවත් ඖෂධයක්.
මෙම කුළුබඩුව සියලුම පටක හා සෛල වලට රුධිර සැපයුම වැඩි කරන අතර සෑම සෛලයකටම අවශ්‍ය ඔක්සිජන් අන්තර්ගතය ලබා දෙනවා.
වෙහෙසට පත් පටක අලුත්වැඩියා කර තෙහෙට්ටුව අඩු කරනවා.

ඇදුම සහ බ්‍රොන්කයිටිස් වැනි රෝග වලට.

ඇදුම සහ බ්රොන්කයිටිස් යනු උග්‍ර ශ්වසන රෝග දෙකක්. පෙරුම්කායම් බොහෝ දුරට මෙම ශ්වසන සින්ඩ්‍රෝම් වලට එරෙහිව නැගී සිටිනවා.
පෙරුම්කායම් නිෂ්පාදනය වෙන්නේ කොහොමද...?

මීටර් 1.5 – 2 ක් පමණ උසට වැඩෙන බහුවාර්ෂික පැළෑටියක් වන පෙරුම්කායම් වෘත්තාකාර පත්‍ර ව්‍යුහයක් දරන අතර පත්‍ර 30 – 40ක් පමණ හට ගන්නවා.
ක‍ඳෙන් හට ගන්නා පත්‍රවල පුළුල් පත්‍ර කොපු ඇත. මල් හට ගන්නා නටු සෙ. මි. 10 පමණ ඝනකම්. මල් ළා කොළ කහ පැහැ වන අතර ශාකයේ සියලු කොටස් සැර දුගඳකින් යුක්තයි.

මෙම ශාකය ඉන්දියාවේ වගා කෙරෙන අතර ලොව ප්‍රමුඛ පෙරුම්කායම් නිශ්පාදකයා වන්නේව්ඇෆ්ගනිස්ථානයයි.

පෙරුම්කායම් ශාකයේ මුදුන් මුලෙන් නොහොත් රෛසෝමයෙන් (භූගත කඳකි) වැගිරෙන ස්‍රාවය (කිරි) විජලනය කිරීමෙන් පෙරුම්කායම් ලබාගනී.

පෙරුම්කායම් සැර ආඝ්‍රාණයක් සහිත වුවද ආහාරයට එක්කර පිසීමට ලක් කළ පසු ලීක්ස්වල රසයට සමාන මෘදු රසයක් ලැබෙනවා.

( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top